ඕනම ෆීල්ඩ් එකක ඉන්නවා ෆීල්ඩ් එක විනාශ කරන කට්ටියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201230Hot (1) 20201230Hot (3) 20201230Hot (4) 20201230Hot (5) 20201230Hot (6)

20201230Hot (2)

නර්තනයට වගේම නිරූපණයටත් එක ලෙස දක්ෂතා දක්වන පියුමි ඉදිරියේදී රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුවක්ද තිබෙන ශිල්පිනියක්. නර්තනයෙන් බොහෝ දුරක් පැමිණ තිබෙන පියුමිව සාරවිට කතාබහකට කැඳවා ගන්නට සිතුවේ ඇය කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට හීන දකින නිසයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම පියුමි දිස්මන්ති ජයවර්ධන. මගේ ගම ගාල්ලේ. මේ වනවිට නර්තන ශිල්පිනියක් විදිහට සහ නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව රූපලාවණ්‍ය පිළිබඳව හදාරමින් සිටිනවා.

වෘත්තීමය නර්තනයට පිවිසෙන්නේ?

දැනට අවුරුදු පහක් පමණ වෙනවා මම වැඩ කරන්න පටන් අරගෙන. පොඩි කාලේ ඉඳලාම නර්තනයට කැමතියි. උසස් පෙළටත් නර්තනය කළේ. උසස් පෙළින් පස්සේ මම නර්තන කණ්ඩායමකට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි වැඩ කරන්න පටන් ගන්නේ.

ඇයි නර්තනයට මෙච්චරටම කැමති?

ඒක තමයි මගේ හැකියාව. ඒ නිසා මම හැකියාව පැත්තෙන් ඉස්සරහට යන්න තමයි හිතුවේ.

ඊට අමතරව ඔබ නිරූපණ ශිල්පිනියක්?

ඔව්. දැනට බ්‍රයිඩ්ල් ෂූට් සාමාන්‍ය ප්‍රමාණයක් කරලා තියෙනවා. බ්‍රයිඩ්ල් පැත්තට තමයි මම කැමති. ඊට අමතරව මියුසික් වීඩියෝ දහයක පහළොවකට විතර නර්තනයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉන් දෙකක පමණ මම ප්‍රධාන චරිතය නිරූපණය කරලා තියෙනවා. හැබැයි ෂූට් කර පමණින්ම මොඩ්ලර් කෙනෙක් කියලා කියන්න බැහැ. මේ කාලේදි නම් නිකන් ෂූට් එකක් කරපු ගමන් එයා මොඩ්ලර් කෙනෙක් වෙනවා. ඇත්තටම කිව්වොත් මම තාම ආධුනිකයි. මම නිරූපණය හදාරලාම මේ ෆීල්ඩ් එකට ලොකුවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඕනම දෙයක් ඉගෙනගෙන කරනවා නම් තමයි වටින්නේ. එතකොට පැවැත්මක් තිබෙනවා කියලා මම හිතනවා. 

නිරූපණය සහ නර්තනය අතින් වඩාත් පහසුම ක්ෂේත්‍රය මොකද්ද?

දෙකෙන් එකක්වත් පහසු නැහැ. ගොඩක් මහන්සි වෙන්න ඕනේ. හැබැයි මම වැඩියෙන්ම කැමති නර්තනයට. 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මුලදී නම් අම්මායි තාත්තායි කැමති වුණේ නැහැ. ඒ වුණාට මගේ ආසාව නිසා දැන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

කණ්ඩායමක් සමග වැඩ කරද්දි දැනෙන්නේ මොනවාද?

මම දැනට වැඩ කරන්නේ සංඛ ප්‍රසාද් නර්තන කණ්ඩායමේ. ඇත්තටම කණ්ඩායමේ සාමාජිකයෝ සහ සර් සමග වැඩ කරන්න පහසුයි. ඒ කාලය හරි සතුටින් ගෙවනවා. වැඩ කරන්න තව තව ආසා හිතෙනවා.

ඔබ වැඩියෙන්ම කැමති මොන ශෛලීන්වලටද?

මම දැනට කරන්නේ Bollywood, Latin, Traditional, Contemporary ඩාන්සින්. අනෙක් ශෛලීන් ඉගෙනගෙන යනවා. මේ අතරිනුත් වැඩි දක්ෂතාවයක් තියෙන්නේTraditional පැත්තට‍.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාම සමාජයේ මිනිස්සු වෙන විදිහකට ශිල්පීන් දිහා බලනවා නේද?

ඕනම ෆීල්ඩ් එකක ඉන්නවානේ ෆීල්ඩ් එක විනාශ කරන කට්ටියක්. සමහර අයගේ වැරදි හැසිරීම් නිසා හැමෝම ගැනම වැරදියට හිතන එක වැරදි දෙයක්. මේක ඩාන්සින් වලට විතරක් නෙවෙයි ඇක්ටින්, මොඩ්ලින් ඇතුළු හැම ෆීල්ඩ් එකකටම බලපාන දෙයක්. 

ඉදිරි බලාපොරොත්තු ගැන කියමු?

නර්තන කටයුතු කරගෙන යනවා. මට අවශ්‍යතාවයක් තිබෙනවා මගේ සැලෝන් එකක් පටන් ගන්න. ඒ වෙනුවෙන් මම දැන් ඉගෙනගන්නවා. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රයෙන් ලැබෙන ආරාධනාත් බාරගෙන කරනවා. නිරූපණයත් ඉගෙනගන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම කරපු වැඩි ටිකක් එන්න තියෙනවා. ඒ ටික එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. අළුත් වැඩ ටිකකට ආරාධනා ලැබුණා. අළුත් අවුරුද්දේ ඒවත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

අම්මා සහ තාත්තා තමයි මුලින්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ නංගී මගේ හැම වැඩකටම උදව් කරනවා. ඊට අමතරව නර්තන කණ්ඩායමේ සංඛ ප්‍රසාද් සර්, කණ්ඩායමේ සාමාජිකයෝ සහ මගේ යාළුවන්වත් මතක් කරනවා.

කැළුම් දේවින්ද