ඕනම ක්ෂේත්රයක කැපිලි - කෙටිලි තියෙනවානේ
හිරුණි රණසිංහ මේ වන විට ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී සිටින රංගන ශිල්පිනියකි. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාධාරිනියක වන හිරුණිගේ බලාපොරොත්තුව දක්ෂ නිළියක බවට පත්වීමයි. ඒ ගැන හිරුණි සාරවිටට කිව්වේ මේ විදිහට.
හිරුණි ගැන ටිකක් හඳුන්වලා දුන්නොත්?
මම හිරුණි රණසිංහ. මම පාසල් කාලේ නර්තනය හැදෑරුවා. ඊට පස්සේ තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ ඉගෙන ගත්තා. මම නිරූපණයට එන්නේ අවුරුදු 12දී. දැනට මම ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා.
හිරුණි දායක වුණු නිර්මාණ ගැන කතා කරමු?
මම දේදුණු ආකාසේ චිත්‍රපටයේ පොඩි චරිතයක් නිරූපණය කරා. අයි.ටී.එන්. එකේ විකාශය වුණු නෙතූ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. රූපවාහිනියේ මේ දිනවල විකාශය වන සඳ දිය සිත්තම් නාට්‍යයේ සකුණි කියන චරිතය නිරූපණය කරා. ඒ වගේම ප්‍රදීප් ධර්මදාස මහත්මාගේ දෙයියන්ගේ රටේ, කිරුළි, ආසිරි රණසිංහ මහත්මාගේ මන්දාරම් අහස කියන නාට්‍ය ඉදිරියේදී විකාශයවීමට නියමිතයි.
හිරුණිගේ නිරූපණ වැඩ ගැන ටිකක් කිව්වොත්?
මම බ්‍රයිඩ්ල් ෂූට් තමයි කරන්නේ. එතකොට ටී.වී.කමර්ෂල් දෙකක පොඩි චරිත කරලා තියෙනවා. මම රංගනයට තමයි වැඩියෙන් තැන දෙන්නේ.
හිරුණි රංගනය ගැන හැදෑරුවා කිව්වනේ. ඒ ගැන කියමු?
මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ ඩිප්ලෝමාධාරිනියක්. එතකොට මහේන්ද්‍ර පෙරේරා සර්ගෙන් නාට්‍ය ඉගෙන ගත්තා. ප්‍රසන්නජිත් අබේසූරිය සර් යටතේත් නාට්‍ය පිළිබඳ හැදෑරුවා.
රංගනය ඔබේ වෘත්තිය බවට පත් කරගන්න බලාපොරොත්තුවක් තියෙනවද?
වෘත්තීමය වශයෙන් මේ ක්ෂේත්රයේ නිරත වෙන්න ආසයි. ඒකෙන් මම ගොඩක් තෘප්තිමත් වෙනවා.
හිරුණිට කලා ක්ෂේත්රය ගැන යම් අත්දැකීමක් තියෙනවනේ. මේ දේවල්වලට එකතු වෙද්දි ගැටලු, කැපිලි - කෙටිලි තිබුණේ නැද්ද?
ඕනම ක්ෂේත්රයක කැපිලි - කෙටිලි තියෙනවානේ. ඒ දේවල් එක්ක හොඳ ගමනක් යන්න අමාරුයි. අපි දැනගන්න ඕනේ හැමදේම බැලන්ස් කරගෙන යන්න. මේ ක්ෂේත්රයේ වැඩියෙන් කැපිලි කෙටිලි තියෙනවා.
මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මුල් කාලේදි නම් අකමැති වුණා. හැබැයි පස්සේ එයාලා මගේ ආසාවට ඉඩ දුන්නා. දැන් නම් ගෙදරින් ලොකු සහයෝගයක් දෙනවා. අම්මා, තාත්තා, නංගි, පුංචි මේ හැමදෙනාම මට ගොඩක් උදව් වෙනවා. අද මම පුංචි තැනක හරි ඉන්නේ එයාලාගේ සහයෝගය නිසයි.
ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් නවකයන්ට ලැබෙන්නේ මොනවගේ සහායක්ද?
ප්‍රවීණ අය ගොඩක් සහායක් දෙනවා. විශේෂයෙන් රංජන් ද සිල්වා අධ්යක්ෂතුමා මට ගොඩක් ලොකු සහායක් ලබා දුන්නා. එහෙම උදව් කරන්නේ නැති අයත් ඉන්නවා. අපි රඟපාන චරිතය ගැන සාකච්ඡා කරන්න අකමැති අයත් ඉන්නවා. මම දැකලා තියෙනවා. හැම නිෂ්පාදන කණ්ඩායමකම උදව් කරන පිරිසක් වගේම නවකයන්ව කපන පිරිසකුත් ඉන්නවා. මොනවා වුණත් අපේ ප්‍රවීණයන්ට අපි ගරු කරන්න ඕනේ.
හිරුණිට නිවේදනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
ලොකු ආසාවක් නැහැ. ඒත් මම ආසයි නිවේදනය ගැන ඉගෙන ගන්න.
ඔබේ අනාගත බලාපොරොත්තු?, ක්ෂේත්රය තුළ හෝ ක්ෂේත්රයෙන් පිටත?
බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. විශේෂයෙන් මේ ක්ෂේත්රයේ ඉදිරියටම යන්න ආසයි. හොඳ නමක් හදාගන්න ආසයි.
හිරුණි අවසාන වශයෙන් කියමු මේ ගමනට සහායක් දක්වපු අය කවුද කියලා?
මුලින්ම මම මගේ පවුලේ අය මතක් කරනවා. එයාලා නිසා තමයි මම අද මෙතන ඉන්නේ. එතකොට මහේන්ද්‍ර සර්, ප්‍රසන්නජිත් සර්, මගේ ඩ්‍රාමා ස්කූල් එකේ ගුරුවරු 50කට අධික පිරිසකගෙන් මට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ හැමදෙනාටම ස්තුති කරනවා. අදටත් මට මගේ ඩ්‍රාමා ස්කූල් එකේ යාළුවෝ උදව් කරනවා. වැඩ වලට කතා කරනවා. ඒ හැමදෙනාටම මම මේ වෙලාවේ ස්තුති කරනවා.
(කැළුම් දේවින්ද)