ඔව් දැන් මම වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක්
මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින ආලේකා ධනංජනි වර්තමානයේ කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්‍රමයෙන් කලා ක්ෂේත්රය තුළ නමක් දිනාගනිමින් සිටින ඇය ඉදිරියේදී තවත් විවිධ කලා නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි. මෙවර ‘සාරවිට’ තරු කතාබහා දිග හැරෙන්නේ ආලෝකා සමගිනි.
මේ දිනවල ඔබ ටෙලි නිර්මාණ කිහිපයකින් අපි දකිනවා?
ඔව්, ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘ගරුඩ මුහුර්තය’ කියන ටෙලි නාට්‍යය තුළ මාව දකින්න පුළුවන්. ඊට අමතරව හිරු රූපවාහිනි නාළිකාවේ ‘අහස් මාලිගා’ වගේම ස්වාර්ණවාහිනි නාළිකාවේ ‘හදවතේ කතාව’ කියන ටෙලි නාට්‍යය තුළත් මාව දකින්න පුළුවන්.
ක්ෂේත්රයට ආපු මුල් කාලයට වඩා අද කලා නිර්මාණ බොහෝමයක ඔබ වැඩ කරනවා නේද?
ඔව්, ක්ෂේත්රයට ආපු මුල් කාලයට වඩා අද මට ගොඩක් කලා නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කොටින්ම කිව්වොත් අද වෙන කොට මම ටිකක් විතර කලා කටයුතු නිසා කාර්යබහුල වෙලා තියෙනවා කිව්වොත් හරි.
මේ දිනවල වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ ඔබ රඟපාන මොන චරිතයටද?
එහෙම එකක් කියලා නැහැ. මේ දවස්වල මා පෙනී හිටින හැම ටෙලි නාට්‍යය චරිතයකටම එක හා සමාන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. නමුත්, ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘ගරුඩ මුහුර්තය’ නාට්‍යයේ ‘බිළිඳි’ කියන චරිතය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා.
රංගන ශිල්පිනියක් විදිහට ඔබ අද යම් මට්ටමක සිටිනවාද?
ඔව් අනිවාර්යයෙන්ම මම හිතනවා මම රංගන ශිල්පිනියක් විදිහට අද යම් තැනක ඉන්නවා කියලා. මම ක්ෂේත්රයට ආපු මුල් කාලෙත් එක්ක සංසන්දනය කරද්දි මම අද හොඳ තැනක ඉන්නවා. මොකද, මම රංගනය කියන දේ හොඳින් හදාරලා තමයි මේ තැනට ආවේ. හැබැයි මම තවමත් රංගනය කියන දේ හදාරමින් ඉන්නවා. ඉතින් මම අද යම් තැනක ඉන්නවා නම් ඒ මගේ දක්ෂතාවය නිසා කියලා මම හිතනවා.
ප්රේක්ෂයින් ආදරය කරන චරිතයක් වුණ ගැන මොකද හිතෙන්නේ?
ඔව්, ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද හැමෝටම ලැබෙන්නේ නැති දෙයක් තමයි මේක. රංගනය නියැළෙන අයට විතරක් ලැබෙන දෙයක්. මටත් ඒ ආදරය අත්විඳින්න ලැබෙනවා. ඇත්තටම ඒ පිළිබඳව තියෙන්නේ මට නිහතමානි සතුටක්.
රංගනය කියන දේ දැන් ඔබගේ වෘත්තියද?
ඔව්, දැන් මගේ වෘත්තිය වෙලා තියෙන්නේ රංගනය. හැබැයි මට කලා ක්ෂේත්රය කියන්නේ තවමත් ආධුනික තැනක්. මම මේකේ ස්ථාවර වෙන්න ඕනා තව. ඒ වගේම මගේ රංගන හැකියාව තව තවත් වැඩි දියුණු කරගන්න ඕනා.
බුද්ධික සේනාධීර