‘ඔබ නිසා’ රෝස මලක්
මෙවර සඳැල්ල කවරයේ ඡුායාරූපයට පෙනී සිටින මේ යුවළ කරළියට පැමිණියේ සිරස ෆිල්ම් ස්ටාර් කිරුළේ අභිෂේක ලබමිනි. ඇය ෆිල්ම් ස්ටාර් හොඳම ශිල්පිනිය වූ අතර ඔහු හොඳම ශිල්පියා ලෙස අවසන ජයග්‍රහණයට හිමිකම් කීහ. දැන් මේ දෙදෙනා කරළියට පැමිණෙන්නේ රවීන්ද්‍ර විජේරත්නගේ අධ්‍යක්ෂණයෙන් තරංග දිසානායකගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ අලූත්ම ටෙලි නිර්මාණය වන ‘‘ඔබ නිසා’’ සමගයි. මෙම 18 වැනිදා සිට සිරස ටී.වී. ඔස්සේ විකාශයට නියමිත ‘‘ඔබ නිසා’ හැඩ කරන ඇය ටිෂානි සිල්වාය. ඔහු සංජය මුරමුදලිය.
ටිෂානි සිල්වා
ටිෂානි ඔබ ගැන විස්තර කිව්වොත්?
මගේ ගම නුගේගොඩ, විජේරාම. පවුලේ එකම දරුවා මම. මේ මාර්තු මාසය වෙද්දි වයස අවුරුදු 23යි. පාසල් අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ මහ මායා බාලිකා විද්‍යාලයෙන්.
ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණක් ඇතිවද?
නිිතිඥවරියක වීම ප්‍රධාන අරමුණ කරගත්තා. අපේ පාසලේ කලා අංශයේ බොහෝ ඉසව් පැවැත්වෙනවා. 8 වසරෙ සිසුවියකව සිටියදී මට පාසල් වේදිකාවේ නිර්මාණයකට දායක වීමේ අවස්ථාව හිමිවුණා. රංගනය ගැන උනන්දුව වඩාත් ඇතිවුණේ එදා සිටයි. පාසලේ මයුරි මිස් සහ සචිත්ර සර් කලා අංශයේ ගමනට බොහෝ උදව් කළා. ඒ නිසාම මට දිගටම අවස්ථා ලැබුණා. පාසල් නාට්‍ය වෙනුවෙන් ටවර්හෝල් සහ රාජ්‍ය නාට්‍ය උළෙල පවා නියෝජනය කළා. එක් වතාවක ‘‘ඇක්ට්‍රසස්’’ (නිළිය* නාට්‍යයේ රඟපෑම නිසා රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය සම්මානය ලැබුණා. එහි චරිත කීපයක් රඟපෑවා. මම විතරයි තනියම එහි රඟපෑවේ. ඊට පෙරත් සම්මාන ලැබී තිබුණා. සමස්ත ලංකා, සහ පළාත් මට්ටමින් සම්මාන ලබා තිබෙනවා. ඒ අතරේදී නර්තනය හැදෑරුවා. මුලින්ම ගියේ බුදවත්ත සර් ළඟට. පසුව ප්‍රසාදි රණසිංහ ගුරුතුමිය යටතේ නර්තනය හැදෑරුවා. එතුමිය බොහෝ සෙයින් මට එහිදී උදව් කළා. කලාවේ ගමනක් පටන් ගත්තේ ඒ වටපිටාව එක්කයි.
දැන් නීතිඥවරියක වීමේ අදහස අත් හැරලද?
කලාව නිසා දැන් වෙනතකට යොමුවෙලා. දැනට මම කැලණිය සරසවියේ සිනමාව සම්බන්ධව බාහිර උපාධිය සඳහා හදාරනවා. ඊට අමතරව තව තව වෙනත් අංශවලින් උසස් අධ්‍යාපනය හදාරන්න සූදානමින් සිටින්නෙ. විලාසිතා නිර්මාණය ගැන හදාරලා මගේම ව්‍යාපාරයක් කිරීම අරමුණයි. පාසලෙන් පිට වුණේ උසස් පෙළ විශිෂ්ට සමාර්ථ ලබමින්. සෞන්දර්ය සරසවියට යාම තමයි මගේ සිහිනය වුණේ. ඒත් ලකුණු ප්‍රතිශතය මත එය මග හැරී ගියා. හැබැයි ඉන් පසුව දැන් ටවර් හෝල් සරසවියෙ අධ්‍යාපනය ලැබුවා. එහි න්‍යායාත්මකව ඉගෙනීම් කරන අතරවාරයේදී තමයි සිරස ෆිල්ම්ස්ටාර් සහභාගි වීමට අවස්ථාව ලැබුණෙ. ඒ සඳහා මාව උනන්දු කළේ අපේ මහමායා බාලිකාවේ විදුහල්පතිනිය වූ රොෂානා ගමගේ මහත්මියයි. මට ඕනෑ වුණේ ටවර් හෝල් සරසවියේ උපාධි සඳහා ප්‍රායෝගික වීමටයි. ඒ නිසා තමයි ෆිල්ම් ස්ටාර් වෙත යොමු වුණේ. ෆිල්ම්ස්ටාර් කියන්නෙ ඇත්තටම පුදුම අත්දැකීමක්.
ඊට තේරුණු සියලූ දෙනා එකම පාසලක ළමයි වගේ කටයුතු කළේ. මම මා ගැන විශ්වාසය තබාගෙන කටයුතු කළා. මට වඩා පෙනුමින් ලස්සන අය හිටියත් ලස්සනට වඩා හැමෝගෙම හැකියාව ගැන ඉහළින් මැන බැලූ අවස්ථාවක්. අපේ අම්මා මාව නිතරම දිරිමත් කළේ ඔයා දිනනවා කියලයි. සමහර අවස්ථාවලදී ලොකු අභියෝග ආවා. ආර්ථික ප්‍රශ්න පවා තිබුණා. ඒත් උත්සාහය අත්හැරියෙ නැහැ. මහාචාර්ය පැටි්රක් රත්නායක සර්, අනුරුද්ධ ජයසිංහ මහතා, නදීකා ගුණසේකර මහත්මිය සහ ප්‍රසාදි රණසිංහ මහත්මිය මාව වඩාත් දිරිමත් කළා.
‘‘ඔබ නිසා’’ නාට්‍ය නිසා ඔබට විශාල අවස්ථාවක් ලැබී තිබෙනවා නේද?
අනිවාර්යයෙන්ම ඔව්. මීට පෙර තවත් අවස්ථා ලැබුණා. ඒත් මගේ අරමුණ වුණේ සිනමාවයි. සිනමා රංගන ශිල්පිනියක වීමට නම් තවත් හදාරන්නට ඕනෑ. එතෙක් ප්‍රවීණයින් සමග කටයුතු කරලා අත්දැකීම් ලබන්න ආසයි. ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණ නිර්මාණකරුවකු වන රවීන්ද්‍ර විජේරත්න මහතා, තරංග දිසානායක මහතා නිසා මට ‘‘ඔබ නිසා’’ එක්ක විශාල අවස්ථාවක් ලැබී තිබෙන්නේ. මෙහි රඟපාන ප්‍රවීණයින් එක්ක රඟපෑමට ලැබීම ලොකු භාග්‍යයක්.
‘‘ඔබ නිසා’’ චරිතය ගැනත් කිව්වොත්?
‘‘අමන්දා’’ කියන චරිතය රඟපාන්නෙ.
පෙම්වතියකගේ චරිතයක්. නමුත් චරිතය ගලා යද්දී මොනවා වේවිද කියලා ඔබ නිසා නරඹලා දැනගන්න පුළුවනි.
ටිෂානි හැබෑවටත් පෙම්වතියක්ද?
තවම නැහැ. ඉදිරියේදී පෙම්වතියක් වේවි.
ටිෂානි කිව්වාම මොන වගේ කෙනෙක්ද?
හරිම සරල හොඳ කෙනෙක්. මොනවා හරි කරන්න හිතුවොත් ඒ ගැන මුලින්ම හැදෑරීම මගේ සිරිතයි. සිරසෙ හිංදි ටොප් ටෙන් වැඩ සටහන කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා යම්කිසි පිරිසක් මාව හඳුනා ගත්තා. මම මගේ ආදරණීය පේ්රක්ෂකයින්ට ගෞරව කරනවා. ඔවුන් නිසා තමයි මගේ ගමන වඩා ශක්තිමත් වෙන්නෙ.
සංජය කසුන් මුරමුදලි
සම්පූර්ණ නාමය එලෙසින් වුවද වැඩි දෙනා ඔහු අමතන්නේ සංජය මුරමුදලි යන නමිනි. සංජය එක් රැුයකින් කලා ක්ෂේත්රය ආක්‍රමණය කළ තරුණ ශිල්පියෙක් නොවෙයි. පාසල් සමයේ සිට ටිකෙන් ටික ගමනක් ඇවිත් අද මෙලෙසින් දුර ගමනකට අවතීර්ණ වූ ශිල්පියෙකි. ප්‍රසිද්ධ වේදිකාවට මුලින්ම ඔහු පැමිණියේ වේදිකා අංග රචනා ශිල්පියකු ලෙසය. ඉන් පසුව අභිරූපණ ශිල්පියකු ලෙසත් කටයුතු කළ අතර ටෙලිනාට්‍ය ක්ෂේත්රයට මුලින්ම පැමිණියේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ ‘‘මායා පතල’’ වේදිකා නාට්‍යයේ සුළු චරිතයකට දායක වෙමිනි. ඉන්පසුව ප්‍රධාන චරිතයකට දායක වූවේ රවීන්ද්‍ර විජේරත්නගේ සූරිය වච්චසා නාට්‍යයේ ‘‘ඉවාන්’’ චරිතය සමගය.
සංජය එතකොට ඔබ සිරස ෆිල්්ම්ස්ටාර් වැඩ සටහනට සම්බන්ධ වුණේ කොහොමද?
සූරිය වච්චසා කරන කාලයේදී ෆිල්ම්ස්ටාර් රියැලිටි වැඩ සටහනට දායක වෙන්න අවස්ථාව ලැබුණා. වසරක පමණ කාලයක් ෆිල්ම්ස්ටාර් සමග කටයුතු කිරීම නිසා ලැබුණු අත්දැකීම් බොහෝයි. ෆිල්ම්ස්ටාර් ජයග්‍රාහකයා වීමත් එක්ක ටෙලි නාට්‍ය නිර්මාණ කීපයක්ම ලැබුණා.
දැන් කාර්ය බහුලද?
ඇත්තෙන්ම ඔව්. නිහතමානීව ඒ ගැන සතුටු වෙනවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ ‘‘අමුතු රසිකයා’’, සඳුන් රාජකරුණා මහතාගේ ‘‘තෝඩු’’, චරිත් අබේසිංහ මහතාගේ ‘‘කුමී’’ සහ දැන් රවීන්ද්‍ර විජේරත්න මහතාගේ ‘‘ඔබ නිසා’’ නාට්‍යයේ ප්‍රධාන චරිතයකට දායකව සිටිනවා.
සංජයගෙ පවුලේ විස්තර සහ පුද්ගලික විස්තරත් කිව්වොත්?
මගේ ගම හඟුරන්කෙත. පාසල් ගියේ හඟුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලයට. පවුලේ අම්මයි අප්පච්චියි. මමයි. නංගියි විතරයි. අම්මයිxඅප්පච්චියි කරන්නෙ ගොවිතැන් කටයුතු. අපේ පාසලේ නාට්‍ය හා රංග කලා අංශයේ ප්‍රධානී වූ සර් නිසා වේදිකාවට ඒමට ලැබුණෙ. මුලින්ම පාසල් වේදිකාව තමයි මගේ ආරම්භය. පසුව මහරගම තරුණ සේවා සභා නාට්‍ය පාසලේ නේවාසික කණ්ඩායම හා බැඳී පුහුණුව ලැබුවා. ඉන්පසු වේදිකා නාට්‍ය හරහා විවිධ අවස්ථා හිමි වුණා. ඒ විදියට ආ ගමන තමයි මේ. අද මේ සියලූ දේට අමතරව කැලණි සරසවියෙ නාට්‍ය හා රංග කලා අංශයේ උපාධිය සඳහා හදාරනවා.
‘‘ඔබ නිසා’’ නාට්‍යයේ චරිතය ගැන කතා කළොත්.
ඇත්තටම මේ චරිතය මට ලැබුණු විශාල අවස්ථාවක්. මෙහි මම රඟපාන්නෙ ‘‘චාලක’’ නමැති චරිතයයි. ඉන්දීය නාට්‍ය නරඹා හෙම්බත්වෙලා හිටපු පේ්රක්ෂකයින්ට මෙම නාට්‍යය වෙනස්ම අත්දැකීමක් ගෙන දේවි. මේ නිසා මේතාක් කාලයක් ලොකු කට්ටක් කාපු මට, බැ?රුම් චරිතයක් ලෙස පේ්රක්ෂකයින් අතරට යන්න ලැබුණු ලොකු අවස්ථාවක් කියලා. චාලක කියන්නෙ විටෙක සුන්දර විටෙක අකීකරු, ආදරණීය ඒ වගේම දරුණු චරිතයක්.
සංජය සැබෑ ජීවිතයේ කොහොම කෙනෙක්ද?
වැඩිය කතා නොකරන අනෙක් අය කියන දේ අහගෙන ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම අහිංසක තැන්පත් කෙනෙක් කිව්වොත් හරි. විටෙක මාත් දඟකාරයි. එක තැන ඉන්න බැරි ගතියක් තියෙනවා. යාළුවෝ ටික එක්ක ටි්රප් එකක් හරි යන්න බලනවා. තවම පෙම්වතෙක් නම් නොවෙයි. රංගන ශිල්පියකු ලෙස අත්දැකීම් ලබා අනාගතයේ දිනෙක අධ්යක්ෂවරයකු වීම තමයි මගේ සිහිනය. ඒ සිහිනය කරා යන ගමන තමයි මේ.
හැඬගැන්වීම්: අමිල මිරිස්සගේ
කොණ්ඩා විලාසිතා: තුෂාර විදානගමගේ
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ