ඒකට ආඩම්බරකමට වඩා අභිමානය කියල කියනවා නම් මම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-08-ent-24

නර්තනය, රංගනය, නිරූපණය කියන මේ ක්ෂේත්‍රයන් තුනෙහිම දස්කම් පාන ඇය නිල්වලා විශ්වමාලි නම් වෙයි. මේ දිනවල විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ‘කලණි’ නම් චරිතය තුළින් ඇයව දැක බලා ගැනීමට හැකියාව තිබේ. මේ දිනවල උසස් අධ්‍යාපන කටයුතු සඳහා නිරත වෙමින් සිටින ඇය මෙලෙස අපත් සමග එකතු වුණා.

 

මේ දිනවල මොකද කරන්නේ?

2017-09-08-ent-29මම දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනීම් කටයුතු කරනවා. ඒ වගේම රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේ‘ත්‍ර‘යේ කටයුතු කරගෙන යනවා. මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාගයන් සඳහා සූදානම් වෙනවා.

 

කලාවට එකතු වුණේ මොන කාලයේදී වගේද?

මම පොඩි කාලේ ඉඳන්ම නර්තනය ඉගෙනගත් කෙනෙක්. පාසල් අවදියේදී තමයි නර්තනය ප්‍රගුණ කරන්න ගත්තේ. ඒ කාලේ ඉඳන්ම කලාවට සම්බන්ධයි. සිරස ඩාන්සින් ස්ටාර් වලින් 2013දී තමයි මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ. ඉන් පස්සේ මම වාසනා දන්තනාරායන ළඟ නිරූපණය හැදෑරුවා. Best Model Of the World කියන Sri Lankan Pageant එක මම ජයග්‍රහණය කළා. ඉන්පසුව මට රංගනයට ආරාධනා ලැබුණා. මගේ පළවෙනි ටෙලිනාට්‍ය විදියට මම දායක වුණේ T20 කියන ටෙලිනාට්‍යයට. ඉන්පසුව තවත් නිර්මාණ රැසකට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

 

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍ර‘යට ඇවිත් රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ?

නිරූපණය නම් මට සිහිනයක් නෙවෙයි. ක්ෂේත්‍රයට තුළ රැඳී සිටිනවාට වඩා නිරූපණය කියන්නේ මොකක්ද කියන එක හදාරන්න තමයි මම ඇකඩමි එකක් එක්ක වැඩකටයුතු කරන්න පටන් ගත්තේ. නැතිව මම ඒක වෘත්තියක් කරගත්තේ නැහැ.

 

ඔබේ වෘත්තිය වෙන්නේ කලාවද?

මම දැනටත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධියකට හිමිකම් කියන කෙනෙක්. ඒ නිසා කලා ක්ෂේත්‍ර‘යේ බොහොමයක් දෙනෙක් එක්ක වැඩකටයුතු කරන්න හැකියාව ලැබිල තියෙනවා. කුඩා කාලයේ සිටම ඒ හා සම්බන්ධ පසුබිමක් හා අත්දැකීම් ලැබුණ නිසාත් මම හිතනවා මම ඉදිරියටත් ඒ එක්කම රැඳෙයි කියලා. මම වෙනත් ක්ෂේත්‍රයක නම් වැඩකරන එකක් නැහැ. රංගනය හා නර්තනය කියන දෙකත් එක්ක දෝලනය වෙමින් ජීවිතය ඉදිරියට යයි කියලා තමයි මට හිතෙන්නේ.

 

නර්තනය, රංගනය, නිරූපණය කියන ක්ෂේත්‍ර තුනක වැඩ කරද්දී ඔබ අතිශය කාර්යබහුල වෙලා ඇති? ඒ වගේම ඒකාකාරී බවක් ඇති?

නිරූපණය නම් දැන් මගෙන් ගොඩක් බැහැර වෙලා තියෙන්නේ. නිරූපණය වෙනුවෙන් මට ලොකු කාලයක් වෙන් කරන්න බැහැ. මොකද මම රංගනය හා නර්තනය ගොඩක් ආසාවෙන් කරන්නේ. මගේ ආදායම් මාර්ගය එහෙමත් නැත්නම් වෘත්තිය වෙලා තියෙන්නේ නර්තනය. නිල්වලා ඩාන්සින් ඇකඩමි කියලා මම මගේම නර්තන ආයතනයක් පවත්වාගෙන යනවා. ඒකත් එක්ක ඒකාකාරී බවක් දැනෙන්නේ නැහැ. මොකද මම ළමයින්ව පුහුණුකිරීම් කටයුතු වල නිරත වෙනවා. ඒ සමග කාලය ගතවෙනවා. රංගනයේදීත් විවිධ චරිත සඳහා තමයි දායකත්වය ලබාදෙන්නේ. චරිතාංග නිළියක් ලෙස වැඩකටයුතු කරන නිසාත් වෙනස්කම් බොහෝමයක් තිබෙනවා.

 

නර්තන ආයතනය ආරම්භ කරන්නේ කුමන කාලයේදීද?

මම මේ ආයතනය පටන්ගන්නේ 2014 වර්ෂයේදී. ඊට කලින් මම ළමයින් පිරිසක් එක්ක එකතුවෙලා නර්තන කණ්ඩායමක් පවත්වාගෙන ගියා.

 

මේ දිනවල ඔබ ජනප්‍රියත්වයට පත්වුණ නාට්‍යයක් තිබෙනවා. ඒ ගැන කතා කරමු?

මම ඇත්තටම ටෙලිනාට්‍ය බොහොමයක රඟපෑවා. ෂෙල්ටන් ප්‍රනාන්දු, ප්‍රියන්ත ප්‍රනාන්දු, දේවින්ද කෝන්ගහගේ ඇතුළු තවත් බොහෝ ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් යටතේ මම වැඩකටයුතු කළා. ඒ අත්දැකීම් එක්ක මම පළවෙනි වතාවට මෙගා ටෙලිනාට්‍යයකට දායක වෙනවා. දෙවෙනි ඉනිමේ ඒ චරිතයට පාරෙ බැහැලා යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබිලා තියෙනවා. රසිකයන් ගොඩක් ආදරෙන් වැලඳගත්තා. ඒ වගේම ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙයි ඒ චරිතයට. ඒ වගේම මම කවුද කියන එකත් ප්‍රේක්ෂකයන් හොයන්න පටන්ගෙන තියෙනවා. ඒත් සමග ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. %දෙවෙනි ඉනිමේ %කලනි^ කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මාව තාම නමින් දන්නෙත් නැහැ ගොඩක් අය. ගොඩක් අය මාව හඳුන්වන්නේ %කලනි% කියන නමින්.

 

ඒ දේවල් එක්ක නිල්වලා කියන චරිතය ආඩම්බර වෙලාද ඉන්නේ?

ඇත්තටම මට මම ගැන අභිමානයක් තියෙනවා. ඒකට ආඩම්බරකමට වඩා මම කැමතියි අභිමානය කියලා කියනවා නම්. මොකද මම කොළඹ ඇවිල්ලා ඉගෙන ගෙන, මගේම නර්තන ආයතනයක් පවත්වාගෙන හරි හෙමින් ආව ගමනක් තියෙන්නේ. මගේ මේ ගතවෙච්ච වසර කීපයක අත්දැකීම් එක්ක ලොකු ඉතිහාසයක් තියෙනවා. මට ක්ෂේත්‍ර‘යේ කෙනෙක්ගෙන් කිසිම නෑදැකමක්, හිතවත්කමක් නැහැ. මම ආවේ මගේම උත්සාහයෙන්. ඒක ආඩම්බරකමක් කියනවට මම ඇත්තටම කැමති නැහැ.

 

ඔබ ආව ගමන ගැන තෘප්තිමත්ද?

මම ක්ෂේත්‍රයට ආව විතරයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනවා. ක්ෂේත්‍රය හා සම්බන්ධ දේවල් තමයි මම අධ්‍යාපනය වශයෙනුත් හදාරන්නේ. මම ලබන වසර කීපය තුළ විශාරද විභාගය හා තවත් විභාග කීපයකට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකත් එක්ක මම අධ්‍යාපන පැත්ත පිළිබඳව තවමත් තෘප්තිමත් නැහැ. මොකද තියෙන කාලයත් එක්ක ඒවාට තැනදී කරගෙන යන්න ඕන. ක්ෂේත්‍ර‘යේත් හරිම සමබරව තමයි වැඩකටයුතු කරගෙන යන්නේ.

 

ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු මොනවාද?

මේ වසර අවසානයේ මගේ උසස් අධ්‍යාපන කටයුතු ඉන්දියාවේදී හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක ලැබෙන විදියට තමයි මට නිර්මාණ බාරගන්න වෙන්නේ. නිර්මාණ සඳහා බොහෝ ආරාධනා ලැබුණත් තෝරාගත් වැඩ ප්‍රමාණයකට පමණයි මම දායක වෙන්නේ.

ඒ වගේම මේ මොහොතේ සිහිපත් කළයුතු පිරිසක් සිටිනවා. මගේ ආත්ම ශක්තිය තමයි මගේ ආච්චි අම්මා. මොකද අවුරුදු ගාණක් මාව බලාගත්තේ මගේ ආච්චි අම්මා. නැන්දලා, මාමලා, බාප්පලා මැද්දේ හැදුණ කෙනෙක් මම. අම්ම තාත්තා නිසා තමයි මේ වගේ තැනකට එන්න අවස්ථාව ලැබුණේ. ඒ හැමෝටම ගෞරවයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන. නම් සඳහන් කළ නොහැකි ගුරුවරු පිරිසක් ඉන්නවා මට. ඒ සියලුම ගුරුවරුන්ටත් මම ගෞරවයෙන් ස්තූති කරනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-09-08-ent-19
 2017-09-08-ent-21 2017-09-08-ent-22 2017-09-08-ent-23  2017-09-08-ent-25 2017-09-08-ent-26 2017-09-08-ent-27 2017-09-08-ent-28