ඒ සතුට කියාගන්න තේරෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200412Hot-1

මේ දිනවල ප්‍රචාරය වන ඉතා ජනප්‍රිය ගීතයක් තමයි කල්පන නයනමදු ගායනා කරන 'ඉන්නම් දුරින්' ගීතය. මේ ගීතයේ රූප රචනාවට දායක වුණේ ඉෂානි. ඉතිං අපි මෙවර සාරවිට කතාබහට ඉෂානිව එකතු කරගන්න හිතුවා. ඉෂානි අපිත් එක්ක සම්බන්ධ වුණේ මෙහෙමයි.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම ඉෂානි විදුරංගනා. මගේ පදිංචිය රාජගිරියේ. දැනට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට රැකියාවක් කරනවා.

ඉෂානි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

මම පොඩි කාලෙදි තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. මගේ මුල්ම නිර්මාණය වුණේ වේදිකා නාට්‍යයක්. ඊටපස්සේ මොබිටෙල්, ඇට්ලස් ඇතුළු වෙළඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා. දැන් නම් ඒවායෙන් මාව හඳුනා ගන්නත් බෑ. ඉන්නම් දුරින් තමයි මගේ 'පළමු මියුසික්' වීඩියෝව.

ඒ කියන්නේ ක්ෂේත්‍රයට එන්න පොඩි කාලේ ඉඳලාම කැමැත්තක් තිබුණා?

පොඩි කාලේ ඉඳලම මේ ක්ෂේත්‍රය පැත්තෙන් ඉස්සරහට යනවා කියලා හිතේ තිබුණේ නැහැ. ඒක ඉබේම ආව දෙයක්. මම පොඩි කාලේ ඉඳලාම කැමැත්ත තිබුණේ චිත්‍ර අඳින්න. ඒ නිසාම තමයි මම ග්‍රැෆික් ආටිස්ට් කෙනෙක් වෙන්නේ.

20200412Hot-2'ඉන්නම් දුරින්' මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

මගේ ඉන්ස්ටග්‍රෑම් ෆොටෝස් දැකලා සජිත් අක්මීමන අයියා තමයි මට ආරාධනා කළේ මියුසික් වීඩියෝ එකට.

පලවෙනි මියුසික් වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ. ඒ සතුට කියාගන්න තේරෙන්නේ නැහැ. ගීතයට ප්‍රතිචාර ලැබෙනවා වගේම මගේ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ගෙදරින් බලපෑමක් ආවේ නැද්ද?

නැහැ. පවුලේ අය මට ගොඩක් උදව් කරනවා.

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා ලැබිලා තියෙනවා. හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. නිර්මාණයට මට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම උපරිමය කරනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කියමු?

ඉදිරියේදි මගේ ඩ්‍රාමා එකක් එන්න තියෙනවා. තව මියුසික් වීඩියෝ එකකුත් එන්න තියෙනවා. දැනට ඒ දෙක තමයි.

මතක් කරන්න ඕන පිරිස කවුද?

මගේ අම්මා, මගේ අක්කා ඇතුළේ පවුලේ හැමදෙනාවම මතක් කරන්න ඕනේ. ඊටපස්සේ සජිත් අක්මීමන අයියා, කනිෂ්ක අක්මීමන අයියා, කල්පන නයනමදු, නිෂාන් බුද්ධික ඇතුළු ඉන්නම් දුරින් ටීම් එකේ හැමෝම මතක් කරනවා. එයා නිසා තමයි ඉන්නම් දුරින් සාර්ථක වුණේ.

කැළුම් දේවින්ද 

20200412Hot-3 20200412Hot-4