ඒ වීඩියෝ ෆේස්බුක් හරහා හැමෝම බලලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-26-ent-19

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ශාන්ත සොයිසාගේ ‘මේඝා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඇය ඉදිරියේ දී සිනමාවටද පිවිසීමට සූදානමින් සිටියි. සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් ඇය මෙවර ‘සාරවිට’ තරු කතා බහට මෙලෙස එක්වුණා.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?2018-06-26-ent-22

මේ දවස්වල නම් ‘හඳ එළිය’ ටෙලි නාට්‍යයයි, ‘සිදූ’ ටෙලි නාට්‍යයයි තමා වැඩකටයුතු කරගෙන යන්නේ. ඒ නාට්‍යය දෙකත් එක්ක තමයි වැඩකටයුතු කරගෙන යන්නේ.

 

‘හඳ එළිය’ සහ ‘සිදූ’ ගැන කිව්වොත්?

‘හඳ එළිය’ නාට්‍යය ගැන කියනවා නම්, මම ප්‍රධාන චරිතයක් රඟපාන පළවෙනි පාර. අහිංසක, ගමක හැදෙන, නංගිලා මල්ලිලා, පවුල ගැන හිතන කෙනෙක්. හැබැයි ‘සිදු’ එකේ ගත්තොත් ඒක වෙනස්ම චරිතයක්. ටිකක නපුරු, හිතුවක්කාර සෙල්ලක්කාර චරිතයක්.

 

රංගනයට එන්නේ කොයි කාලයේද?

රංගනයට මම එන්නේ 2016 මුල. 2015 ITN අවුරුදු කුමාරී තරගයට සහභාගී වෙලා. ඒකේ අවසාන දොලොස් දෙනාව ITN එකේ ඩ්‍රාමා එකකට ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරනවා. ඒකෙන් මාව තේරෙනවා. එතනින් තමයි මම රංගනය කියන දෙයට එන්නේ. දැනට තව නාට්‍යය තුනකට විතර ආරාධනා ලැබිලා තියෙනවා. ලබන මාසයේ තව නාට්‍යය දෙකක වැඩකටයුතු පටන් ගන්නවා. ඒ දේවල් එක්ක තමයි මේ දවස් වල වැඩකටයුතු සිද්ධ වෙන්නේ.

 

රංගනයට අමතරව අනෙකුත් වැඩකටයුතු ගැන කිව්වොත්?

රංගනයට අමතරව මම මියුසික් වීඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. හැබැයි දැන් නම් මියුසික් වීඩියෝ නතර කරලා වගේ ඉන්නවා. වෙළෙඳ දැන්වීම පැත්තේ වැඩ වලට සහභාගී වෙලා තියෙනවා. ‘සේරා කොත්තු’, ‘සුපෝෂ’, ‘ටෝකියෝ සිමෙන්ති’ වගේ තවත් ගොඩක් වෙළෙඳ දැන්වීම් වලට දායක වුණා.

 

ඇයි මියුසික් වීඩියෝ නතර කරලා ඉන්නේ?

දැන් එන මියුසික් වීඩියෝ ට්‍රෙන්ඩ් එකට මම කැමති නැහැ. දැන් නිර්මාණය වන මියුසික් වීඩියෝ කැමති ඒවා නෙමෙයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා මම ඒ වලින් ඈත් වෙලා ඉන්නවා.

 

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හරි ජනප්‍රියයි නේද?

අනේ ඔව්, ඇප් එක හරහා කට්ටිය වීඩියෝ කරලා තියෙනවා දැක්කම මටත් ආසා හිතුනා මටත් කරන්න පුළුවන්නෙ කියලා. ඊට පස්සේ කරා. අනේ මන්දා දැන් ඒ වීඩියෝ ෆේස්බුක් හරහා හැමෝම බලලා තියෙනවා.

 

රංගනට ආවේ ඇයි?

රංගනයට එන්න ඕනේ කියලා හිතේ තිබුණේ නැහැ. පොඩිකාලේ ඉඳන් කැමැත්තක්, මේ දෙයට යන්න ඕනේ කියලා දෙයක් තිබුණේ නැහැ. ITN එකේ ඩ්‍රාමා එකෙන් පස්සේ ඒවට රූගත කිරීම් ඇවිල්ලා ඒ නාට්‍ය විකාශය වෙද්දී තමයි මම ආස කලේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනේ කියලා. කට්ටිය අඳුරගද්දී තමයි මට ආසාව ඇති වුණේ.

 

ගෙදරින් එපා කිව්වේ නැද්ද?

මට මුළු ඉඳන්ම තාත්තා සහයෝගය දුන්නා. අම්මා පොඩ්ඩක් අකමැති වුණා. ඊට පස්සේ ඩ්‍රාමා එක විකාශය වෙන්න පටන්ගත්තාම, පාරේදී දැකලා කට්ටිය කතා කරන්න ගත්තාම අම්මාගේ කැමැත්ත ලැබුණා. අනික මම වැඩවලට යද්දී අම්මත් එයා දැක්කා මම වැඩකරන විදිහ ගැන. ඊට පස්සේ එයාගෙනුත් සහයෝගය ලැබුණා මේ දේවල් වලට.

 

ඒ පාසල් යන කාලේ වෙන බලාපොරොත්තුවක්ද තිබ්බේ?

පාසල් යන කාලේ බලාපොරොත්තුවක් තිබුණේ, ඉගෙන ගන්න දේ වලින් ඉස්සරහට යන්නයි. මම ඒලෙවෙල් කරන කාලේ අපේ අම්මට ඕන කමක් තිබුණා මාව ලෝයර් කෙනෙක් කරන්න. ඒ හීනේ මටත් තිබ්බා. ඒලෙවෙල් වලින් පස්සේ රංගනයට ආව නිසා ලෝයර් හීනය මග හැරුනා. හැබැයි ඉගෙන ගන්න එක නතර කලේ නැහැ.

 

ඒ හීනය හැබෑ කරගන්න ආසාවක් නැද්ද? නැත්නම් දැන් රංගනයෙන්ද ඉදිරියට යන්න හිතන්නේ?

මම ඇත්තටම දැන් කැමති රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්නයි. අම්මගේ හීනෙත් වුණේ ලෝයර් කෙනෙක් කරන්න වුනත්, මම දැන් මැනේජ්මන්ට් පැත්තෙන් ඉගෙන ගන්නවා. ඒ දේවලින් ඉස්සරහට යන්න හිතනවා.

 

සිනමාවට එන්නේ නැද්ද?

සිනමාවට එන්න ඕනා. සිනමාව කියන දේට මම කැමතියි. සිනමාව පැත්තෙන් හොඳ නිර්මාණක් හම්බුනොත් ඒ දේවලුත් බාර ගන්නවා.

 

රංගන ක්ෂේත්‍රයට අලුත් අය එන එක ගැන මොකද හිතෙන්නේ?

රංගනයට අලුත් අය එන එක හොඳයි. ඇවිල්ලා ඒ දේ ගැන ඉගෙන ගෙන ක්‍රමානුකූලව හරියට ඉදිරියට යනවා නම් මේ ක්ෂේත්‍රය හොඳයි කියලා මම හිතනවා. මමත් මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. මමත් මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්නවා.

 

ඔබට ප්‍රවීණ අයගෙන් ගුරුහරුකම් එහෙම ලැබෙනවාද?

ඔව්, ප්‍රවීණ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ දවස්වල ‘සිදු’ සහ ‘සඳ එළිය’ ටෙලි නාට්‍ය තුලදී මට ප්‍රවීණ රංගන ශිල්පියෝ ගොඩක් දෙනෙක් හම්බවෙනවා. ඉතිං ඒ අයගෙන් ලැබෙන ගුරුහරුකම් සහ සහයෝගය වචන වලින් කියන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

 

සමහර නවකයන් කියනවානේ ප්‍රවීණ අයගෙන් සහයෝගයන් ලැබෙන්නේ නැහැ කියලා?

අනේ මන්දා. මට නම් එහෙම දෙයක් වෙලා නැහැ. මට හම්බෙන හැම ප්‍රවීණ කෙනෙක්ම මට වචනයකින් හරි උදව්වක් සහයෝගයක් ලබා දීලා තියෙනවා. මට වඩා ක්ෂේත්‍රයේ දවසක් හරි වැඩකරපු අයගෙන් මට සහයෝගය ලැබෙනවා. ඒ හැමෝගෙන්ම මට ගන්න පුළුවන් උපරිම දේත් මම අරගන්නවා.

 

ලැබෙන ප්‍රතිචාර ගැන?

ප්‍රතිචාර නම් ගොඩක් ලැබෙනවා. ‘සිදු’ එකේ චරිතයට තමයි වැඩිපුර ලැබෙනන්නේ. ඒකෙදී මම වැඩිපුර බැනුම් අහන එක තමයි ගොඩක් දුරට වෙන්නේ. පාරේදී දැක්කත් රංගනයට හොඳයි කියලා චරිතයට බනිනවා. ‘සඳ එළියට’ හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතාමත් පොඩිකාලෙකින් අලුත් කෙනෙක් වෙච්ච මට දැනට තියෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටු වෙනවා.

 

මෙහෙම බොහෝ දෙනා ආදරය කරයි කියලා හිතුවද?

නැහැ කවදාවත් හිතුවෙ නැහැ. මෙහෙම පොඩි කාලයකින් කට්ටිය ආදරය කරයි කියලා මම හිතුවෙ නැහැ.

 

ඉදිරි බලාපොරොත්තු?

මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම සිනමාවට එන්නත් හිතන් ඉන්නවා.

 

සහෝගය දුන් අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ පලමු නාට්‍යයේ අධ්‍යක්ෂක තුමා ශාන්ත සොයිසා මහත්මයාව. ඒවගේ ලක්ෂ්මන් පුශ්පකුමාර කියන අධ්‍යක්ෂක තුමාවත් මතක් කරන්න ඕනා. මගේ අම්මයි, තාත්තයි මගේ නංගිලා තුන්දෙනායි. මට ලොකු සහයෝගයක් දෙනවා. මේ වෙලාවේ ඒ අයව ආදරෙන් මතක් කරනවා.

 

 2018-06-26-ent-20 2018-06-26-ent-21