ඒ දඟකාරකම විසේකාරකම තවම තියෙනවා. ඒත් වැරදි විදියට නෙවෙයි
මේ දිනවල පූජනී භාග්‍යා හමුවන්නෙ හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘‘ඉරුදේව’’ නාට්‍යයේ අමිතා දේවිය ලෙසයි. එලෙසින් හමුවන මේ පූජනී පාරේ අසරණ වෙලා සිටින බල්ලෙක්xපූසෙක් දැක්කොත් ගෙදරට ගෙනැල්ලා සාත්තුxසප්පායම් කිරීමට මැලි වෙන්නෙ නැහැ. අහලxපහළ සිටින කවුරු හරි සතෙකුට කරදර කරන්නේ නම්? ඒ සතුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමත් ඇයගේ පුරුද්දක්ලූ? ඒ විස්තර සමඟ රංගනයෙන් කාර්ය බහුල ජීවිතයේ තොරතුරු පූජනී සඳැල්ල කතා බහට කීවේ මෙලෙසිනි.
මේ දිනවල හැමෝම මට කියන්නෙ කන්නගී කියලයි.
හේතුව?
සංදේශ් බණ්ඩාර කළ ‘‘කන්නගී’’ මියුසික් වීඩියෝව නිසයි. ජනනි යශෝධා ගයන ලහිරු සන්දීපගේ සංගීතයෙන් නිර්මාණය වූ මෙම මියුසික් වීඩියෝවට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මේ නිසා හැමෝම වගේ මට කතා කරන්නේ ‘‘කන්නගී’’ කියලයි.
ඊට අමතරව?
මේ දිනවල හිරු ටී.වී. ඔස්සේ ‘‘ඉරුදේව’’ ටෙලිමාලාව විකාශය වෙනවා. පරාක්‍රමබාහු රජතුමාගේ චරිතය අලලා නිර්මාණය වූ රජ කතාවක්.
එහි සුගන්ධිකා කුමරියගේ (නදීශා හේමමාලිගෙ* මිතුරියක වන අමිතා දේවියගෙ චරිතය රඟපාන්නෙ මම. ප්‍රවීණයින් එක්ක රඟපෑමට ලැබුණු ඒ අවස්ථාව සහ ඒ වගේ අපූරු නාට්‍යයකට දායකවීම ඇත්තටම ලොකු සතුටක්.
වෙනත් නිර්මාණ ගැනත් කිව්වොත්?
චරිත් අබේසිංහගේ ‘‘යංග්’’ නිර්මාණයෙහි ‘‘නයනා’’ නමින් රඟපානවා. මේ දිනවල එහි රූගත කිරීම්වලට අමතරව රනිල් අයියාගෙ ‘‘අපි’’ ඩ්‍රාමා එකේ නතාෂා නමින් චරිතයක් රඟපානවා. ඒක ටිකක් නපුරු චරිතයක්. ඊටත් අමතරව අලූත් චිත්‍රපට දෙකක රඟපෑමට සූදානමින් සිටින්නෙ.
රංගනය ඔබගේ වෘත්තියද?
මුලදී රඟපෑම මගේ වෘත්තිය ලෙස තෝරා ගත්තෙ නැහැ. විනෝදාංශයක් හැටියට කළේ. උසස් පෙළින් පසුව අලෙවි විධායිකාවක ලෙස පුහුණුව ලබමින් සිටියා. ඒ අතරේදී තමයි ‘‘හිරු’’ අවුරුදු කුමරියට අයදුම් කළේ. 2018 හිරු අවුරුදු කුමරිය ලෙස තේරුණා. ඒත් එක්කම මනාලියක ලෙස නිරූපනය කිරීම සඳහා බොහෝ ආරාධනා ලැබුණා. ඒ විදියට කාර්ය බහුල වීමත් එක්ක දිනපතාම වගේ නිරූපනයට යාමේ ඇරයුම් ආවා. රැුකියාවෙන් අයින් වුණේ ඒ නිසයි. රඟපෑම සහ මනාලියක ලෙස නිරූපණය කළත්, මගේ ප්‍රධාන අරමුණ වෙන එකක්.
ඒ මොකක්ද?
පාසල් කාලයේ ඉඳලාම මම ගොඩක් දක්ෂ වුණේ ක්‍රීඩා අංශයට. පාසලේදී ක්‍රීඩා තරුවක් වුණා. අද මගේ ප්‍රධාන ආසාව වන්නේ දැල් පන්දු අංශයේ පුහුණුකාරිණියක සහ විනිසුරුවරියක වීමටයි. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු විභාගයට මේ දිනවල සූදානම් වෙනවා.
එතකොට රඟපෑම දිගටම කරන්නෙ විනෝදාංශයකටද?
ඇත්තෙන්ම රඟපෑම ජොබ් එකක් විදියට කරන්න අමාරුයි. එහෙම කරන්න මට ඕනෑ වුණෙත් නැහැ. මේ වැඩවලට පවා යන්නෙ අම්මා සහ එක්කෝ නංගි එක්කයි. රඟපෑමට එන්න තාත්තාගෙන් අවසර ගත්තෙත් බොහොම අමාරුවෙන්. රඟපෑමට වුනත්, බොහෝවිට අපට තාරුණ්‍යයේදී ලැබෙන අවස්ථා අනාගතයේදී නොලැබෙන්න පුළුවනි. දක්ෂතාවය සහ හැකියාව කොතරම් තිබුණත් බාහිර රූපයත් බලපානවා. රූපය වුනත් හැමදාම එකම විදියට තියෙන්නෙ නැහැ. මේ නිසා චරිත ලැබෙන්නත් පුළුවනි. නොලැබෙන්නෙත් පුළුවනි. ඊට සාපේක්ෂව සල්ලි ලැබෙන්න වගේම නොලැබෙන්නත් පුළුවනි.
පූජනීට නිශ්චිත අරමුණක් නැද්ද?
තියෙනවා උසස් පෙළට මම කළේ කොමර්ස්, මගේම ව්‍යාපාරයක් කිරීම තමයි මගේ අරමුණ, අනාගතයේදී ඒ ගැන උනන්දු වේවි. ඒ වගේම ජාත්‍යන්තරව රූ රැුජින තරගයකට ගිහින් ලංකාවට කිරුළක් ගෙන ඒමේ සිහිනයකුත් තියෙනවා. ඒත් නිරූපිකාවක ලෙස මම කටයුතු කරන්නෙ සීමාවක ඉඳලයි. දැනට බ්රයිඞ්ල් මොඞ්ල් කෙනෙක් විතරයි. මම මගේ සීමාවෙන් පිට ගිහින් විලාසිතා කරන්නෙ නැහැ. මොකද තාත්තා මට නීති ගොඩක් දාලා තියෙන්නෙ. ඒවා කඩාගෙන යන්න මම කැමති නැහැ.
පූජනීදඟකාරද? විසේකාරද?
පාසල් ගියේ කැලණිය ගුරුකුලයට. ඒක මිශ්‍ර පාසලක්. මගේ යාළුවෝ වැඩි හරියක්ම පිරිමි ළමයි. පාසලේදී නිතරම ක්‍රීඩා පිටිය. ඒ දඟකාරකම විසේකාරකම තියෙනවා. ඒත් වැරදි විදියට නෙවෙයි. තරුණකමට සාමාන්‍ය දේවල් විතරයි.
ඇයි මේ තරමටම බල්ලෝ - පූසන්ට කැමති?
පොඩි කාලයේ ඉඳලාම අපේ ගෙදරින් ආපු පුරුද්දක්. සතෙකුට කවුරුහරි කෑ ගහනවටවත් මම කැමති නැහැ. ඒක මට දරා ගන්න බැරි දෙයක්. අපේ පවුලේ අම්මාතාත්තා වගේම නංගිලා දෙන්නත් හරිම සත්ව කරුණාව ඇති අය. පසුගිය වතාවේ වැලන්ටයින් දිනයදා පාරවල සිටි බල්ලෝxපූසෝ හොයාගෙන ගිහින් කෑම දුන්නා. මේ පාර වැලන්ටයින් එකටත් එහෙම කළා. පව් අසරණ සත්තු. දැන් අපේ ගෙදර පූසෝ බල්ලො 20ක් විතර ඉන්නවා. ඔක්කෝමලා අසරණව පාරවල්වල දාලා ගිහින් හිටපු අය. දැන් එයාලට ඉන්ජෙක්ෂන් ගහලා. බෙහෙත් දීලා හදනවා.
පූජනීගේ සැබෑ ආදරේ?
මට තවම අවුරුදු 20යි. ආදරයක් ගැන හිතන්න තව ගොඩක් කල් යාවි. තාරුණ්‍ය යාළුවෝ එක්ක සතුටින් ගත කරන්න ඕනෑ. ඉඩක් ලැබුණු විගස යාළුවෝ එක්ක ගිහින් පීසා කනවා. ෆෲට් ජූස් බොන්නත් හරිම ආසයි. අම්මා හදන ‘‘පරිප්පු සහ බත්’’ තමයි මගේ ප්‍රියතම කෑම. පරිප්පුයිxබතුයි විතරක් තිබුණොත් මට හොඳටෝම ඇති.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ