ඒ අයගේ කැමැත්ත නිසා නිරුවත් නිර්මාණවලට වැඩියෙන් දායක වෙනවා
තවමත් අධ්‍යාපන කටයුතු හදාරන නිරූපණ ශිල්පිනියක් තමයි කවීෂා කියන්නේ. කවීෂා පාසල් අධ්‍යාපන කටයුතු හදාරන අතරතුර තමයි නිරූපණයට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ වෙද්දි වෙළඳ දැන්වීම් ඇතුළු නිර්මාණ කිහිපයකටම ඇය සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් කවීෂාව අපි සාරවිට කතාබහට සම්බන්ධ කරගන්න හිතුවා.
මගේ නම කවීෂා විජේරත්න. මට වයස අවුරුදු අහ අටයි. මම උසස් පෙළ හදාරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මායි, තාත්තයි, අයියලා දෙන්නයි. මගේ පාසල හේනේගම මධ්‍ය මහා විද්‍යාලය. අධ්‍යාපන කටයුතුවලට අමතරව නිරූපණ කටයුතුවලට දායක වෙනවා.
කොහොමද නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
ෆොටෝෂූට් කිහිපයක් නිසා තමයි නිරූපණයට සහ සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. ඉතින් ඉගෙනීමේ කටයුතු ඉවර වුණාට පස්සේ කලා ක්ෂේත්රයෙන් ඉදිරියටම යන්න හිතාගෙන ඉන්නවා.
නිරූපණයට එකතු වෙලා කොච්චර කල් වෙනවාද?
දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.
නවක නිරූපණ ශිල්පිනියක් විදිහට කොහොමද ක්ෂේත්රය ගැන දැනෙන්නේ?
ක්ෂේත්රය හොඳයි. හොඳ විදිහට ක්ෂේත්රයේ හිටියොත් හොඳ ගමනක් යන්න පුළුවන්. ප්‍රවීණ ශිල්පිනියනුත් අපට උදව් කරනවා.
මේ වෙද්දි දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
ටී.වී කමර්ෂල් සහ ෆොටෝෂූට්වලට දායක වෙලා තියෙනවා. එතකොට මියුසික් වීඩියෝවලට දායක වෙලා තියෙනවා. සෝනි, සෙලින්කෝ ලයිෆ්, ස්ටූවර්ටී ඇතුළු කමර්ෂල් රැසකට දායක වුණා.
ටෙලි නාට්‍ය හෝ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැද්ද?
ටෙලි නාට්‍යකට ආරාධනාවක් ලැබුණා. චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබුණා. නමුත් මට ඒකට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.
කොහොමද අධ්‍යාපන කටයුතු සමග නිරූපණ වැඩ කරන්නේ?
මම මේ කාලේදි මුල් තැන දෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලටයි. ඒක නිසා හැමදේම සමබරව කරගෙන යනවා.
අද නවක නිරූපණ ශිල්පිනියෝ ක්ෂේත්රයේ ගොඩාක් ඉන්නවා. එයාලා අතර තරඟයක් තියෙනවාද?
නැහැ. එහෙම තරඟයක් නැහැ. හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරනවා.
අද වෙද්දි නිරූපණ ශිල්පිනියෝ නිරුවත් සහ අඩ නිරුවත් නිර්මාණවලට වැඩියෙන් දායක වෙන්නේ ඇයි?
ඒක ඉතින් ඒ අයගේ කැමැත්ත නිසා සිදුකරන දෙයක්නේ. කැමති අය ඒවාට දායක වෙනවා. අකමැති අය දායක වෙන්නේ නැහැ.
කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය?
ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා තාත්තා අයියලා හැමෝම මට උදව් කරනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මම සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. ලැබෙන නිර්මාණවලට දායක වෙලා, අධ්‍යාපන කටයුතුත් කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
අනාගත බලාපොරොත්තුව මොකද්ද?
මම නිරූපණ ක්ෂේත්රයට ගොඩක්ම ආසයි. ඒ නිසා රැකියාවක් කරන ගමන්ම නිරූපණයේ නියැලෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිස ගැන කිව්වොත්?
සැලෝන් ඇනෝරා එකේ මධූ අක්කා, එතකොට මගේ ෆොටෝෂූට් කරපු ෆොටෝග්‍රැෆස්ලා, මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝම ඇතුළු මට වචනයකින් හරි උදව් කළ සියළු දෙනාවම මම මේ වෙලාවේදි මතක් කරනවා. විශේෂ කෙනෙක් නිසා මට ක්ෂේත්රයේ ගොඩාක් දේවල් ලැබුණා සහ ඉදිරියටත් ලැබෙනවා. ඉතින් එයාවත් මතක් කරනවා. විශේෂයෙන් ස්ටෝබෙරි, ස්කයි කලම්බු ආයතන මතක් කරන්න ඕනේ. එයාලා තමයි මට වෙළඳ දැන්වීම් සම්බන්ධ කරලා දුන්නේ.
කැළුම් දේවින්ද