ඒ අයගෙන් අපිට ලැබෙන ආදරය අනිත් හැමෝටම වඩා වැඩියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-987

ස්වාධීන රූපවාහිනි නාලිකාවේ දිගහැරෙන ‘තෝඩු’ ටෙලිනාට්‍යයේ ‘දිනිති’ ලෙස රංගනයෙන් දායක වන සෙව්වන්දි නයනතාරා මේ වන විට රසිකය ආදරය නොඅඩුව ලබන්නියකි. ඇය රංගනයෙන් දායක වන පළමු ටෙලිනාට්‍ය රංගනයද %තෝඩු^ වන අතර, ගීත රූප රචනා කිහිපයක් සඳහාද මේ වනවිට සෙව්වන්දි රංගනයෙන් දායක වී ඇත. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතාබහකි.2019-12-18-ent-988

 

මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල %තෝඩු^ නාට්‍යය තමයි. අපේ රූගත කිරීම් ඉවරයි. දැන් ඒ නාට්‍යය ඉවර වෙන්න ළඟයි. අලුතින් වැඩක් කරන්න ඉන්නවා. තවත් වැඩ කිහිපයක් සඳහාත් ආරාධනා කළා. ඒ ටිකත් කරන්න හිතාගෙන ඉන්නවා.

 

පුංචි තිරයේ පමණද දකින්න ලැබෙන්නේ?

චිත්‍රපට කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තිබුණා. නමුත් ඒ කාලයේදී මට රඟපාන්න ගෙදරින් අවසර ලැබිලා තිබුණේ නැහැ. දැන් ඉස්සරහට හොඳ චිත්‍රපටයක් ආවොත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

රසික ආදරය ගැන මොකද හිතෙන්නේ?

මේ %තෝඩු^ ටෙලිනාට්‍යය නිසා ගොඩක් අය දිනිති කියන චරිතයට ආදරය කළා. ඒ දේවල් නිසා මටත් ඒ අයගේ ආදරය ලැබුණා.

 

%තෝඩු^ අත්දැකීම ගැන කතා කළොත්?

%තෝඩු^ නාට්‍යය තුළ මගේ චරිතය තමයි %දිනිති^ කියන්නේ. ගැහැණු ළමයෙක් විදිහට ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක්. ගොඩක් ඉවසන, ගොඩක් ප්‍රශ්නවලට ලස්සනට මුහුණදෙන, ඒවා විසඳගන්න පුළුවන් චරිතයක් තමයි දිනිති කියන්නේ. ඉතිං ඒ චරිතය මගේ පළවෙනි චරිතය විදිහට රසිකයන් ආදරය කරන චරිතයක් ලැබුණා කියලා මම හිතනවා.

 

නවකයෙකු විදිහට අද ක්ෂේත්‍රය තුළදී ප්‍රවීණ අයගෙන් ලැබෙන ගුරුහරුකම් කොහොමද?

හරිම සතුටුයි. මොකද මම අලුත් කෙනෙක්. ක්ෂේත්‍රයට ඇවිල්ලා තවම අවුරුද්දයි. අනික අපි හිතනවාට වඩා මේ ක්ෂේත්‍රය ගොඩක් වෙනස්. ගොඩක් අය හිතනවා ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් අපිට වෙනස්කම් කරයි, උදව් නොකරයි කියල. ඒ බය මට තිබුණා. නමුත් ඒ අයගෙන් අපිට ලැබෙන ආදරය අනිත් හැමෝටම වඩා වැඩියි. ගොඩක් අපිට ආදරෙයි. අපිට හැමදේම කියලා දෙනවා. හැමදෙනාම හරිම නිහතමානියි. අපි ඒ අයව දැක්කෙ නැති වුණා හරි ඒ අය අපේ ළඟට ඇවිත් කතාකරන තරමට හරිම නිහතමානියි. ඒ වගේ කට්ටියක් එක්ක තමයි මට වැඩ කරන්න ලැබුණේ. ඒක ගැන හරිම සතුටුයි.

 

කලාව ගැන දැනෙන්නේ මොකක්ද?

කලාව කියන දේ ඇත්තටම ඇඟේ තියෙන්න ඕනේ දෙයක්. මම වෘත්තියක් වශයෙන් කරද්දී අපි මේ පිළිබඳව තව තව දේවල් හදාරන්න ඕනේ. මේ තුළ තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. %රඟපානවා^ කියන වචනයට සාධාරණයක් කරන්න මට තවමත් බැහැ. වෘත්තියක් වශයෙන් මේ තුළ නියැලෙනවා නම් ඒ දේවල් පිළිබඳව කැපවීමෙන් හදාරන්න ඕනේ කියන මතය තුළ මම ඉන්නවා. අත්දැකීම් එක්ක අපේ රඟපෑම කියන දේ හදා ගන්න පුළුවන්. කලාව කියන්නේ හරිම සුන්දර හැමෝම සතුටු කරන්න පුළුවන් දෙයක්.

 

නවකයෙකු වශයෙන් කලාව තුළ ඇති වගකීම ගැන මොකද හිතෙන්නේ?

අපි නවකයින් විදිහට මේ තුළ වෘත්තියක් විදිහට නියැලෙනවා නම් අපි නිහතමානි වෙන්න ඕනේ. හැමෝමත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. මම දකින දෙයක් තමයි මම වගේ අලුතින් ආපු අය මිත්‍රශීලි බවින් අඩුයි. ඒත් මේ තුළ හැමෝටම වගකීමක් තියෙනවා. අපි හැමෝම ලස්සනට සහයෝගයෙන් වැඩ කරගෙන යනවා නම්, ප්‍රවීණ අයගේ උපදෙස් අරගෙන කටයුතු කරනවා නම් හැමදේම හරියාකාරව කරන්න පුළුවන් වෙයි.

 

රංගනයට එන්න හිතුවේ ඇයි?

මම කවදාවත් හිතුවෙත් නැහැ මට මෙහෙම හීනයක් තිබුණෙ නැහැ. මට මේ දේ අහම්බෙන් ලැබුණ දෙයක්. දැන් ඉතින් ඒ කටයුතුවල නියැලෙනවා.

 

ඉදිරි ජීවිතේ ගැන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. නමුත් ලස්සනට ජීවිතය ගත කරන්න. කලාව තුළින් මට පුළුවන් උපරිම ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

Dilan Chryshantha

 

2019-12-18-ent-986