එයා ඉන්නෙ කියලා දැනගත්තම බෑ කියන්න හිතුණෙ නෑ
අයිෂාරා කියන කෙනා අයිෂ් වුණේ කොහොමද? මොකද මේ නම වෙනස් කරගෙන?
මෙහෙමයි ඉස්සර මට යාළුවෝ කතා කළේ ‘අයිෂ්’ කියලා. ඉතින් ඉස්සර මගේ Facebook එකේ නම ගියෙත් අයිෂ් කියලා. ඉතින් හැමෝම අයිෂ් කියලා කතා කළා. මාත් ඉතින් ඒ නමට කැමතියි. දැන් හැමෝම කියන්නේ අයිෂ් කියලා. හැබැයි හරි නම ‘අයිෂාරා’යි.
ඉස්සර නීතිඥයෙක් වෙන්න නේද ආස කළේ?
ඔව්... පුංචි කාලේ ඉඳන් මම නීතිය ඉගෙනගන්න කැමැත්තෙන් හිටියා. ඒ වෙනුවෙන් ලන්ඩන්වලට ගිහිනුත් ඉගෙනගත්තා. ඊට පස්සේ ලංකාවට ඇවිත් මම ලෝ කොලේජ් එකෙත් ඉගෙන ගත්තා. තාම ඉගෙන ගන්නවා.
නීතිඥවරියක් වෙන්න මහන්සි වෙච්චි අයිෂාරාට මොඩ්ලින්වලට හිත ගියේ කොහොමද?
ඒක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඒකෙන් මට ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ රංගනයටත් අවස්ථාව ලැබුණා.
ඒ කියන්නේ ‘පැණි මකුළුවෝ’ සිනමා නිර්මාණයට කලින් අයිෂ්ට තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණා?
ඔව්... ඒත් මම ඒ කිසිම දෙයක් භාරගත්තේ නෑ. කිසිම දෙයක් නොදැන ඒ දේවල් බාරගන්න මම කැමති වුණේ නෑ. ඊට පස්සේ මම මහේන්ද්‍ර සර්ගේ (මහේන්ද්‍ර පෙරේරා) ක්ලාස් එකට ගිහින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි ආරාධනා කරපු ‘පැණි මකුළුවෝ’ නිර්මාණයට එකතු වුණේ.
අයිෂ් රඟපෑවේ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ සනත් ගුණතිලකගේ බිරිය විදිහට. මොකද හිතුණේ?
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සනත් අයියා ඉන්නේ කියලා දැනගත්තම මට ගොඩක් සතුටු හිතුණා. මගේ පළමු රංගනය ඔහු වැනි ප්‍රවීණයෙක් එක්ක ඉන්න එක වාසනාවක්නේ. සනත් අයියගෙන් මට ලොකු සපෝට් එකක් ලැබුණා. ඒකට ගොඩක් ස්තූති කරන්න ඕනේ.
සනත් ගුණතිලකගේ ‘මංගල තෑග්ග - 2’ චිත්‍රපටයේත් අයිෂ් රඟපානවා නේද?
ඔව්... මේ චිත්‍රපටයෙන් පස්සේ සනත් අයියගේ මංගල තෑග්ග - 2 චිත්‍රපටයට මට අවස්ථාව ලැබුණා. ඒකෙත් බොහෝ ආධුනික අය රඟපානවා. සනත් අයියා අලුත් අයට ලොකු සපෝට් එකක් දෙනවා. අලුත් පරණ කියලා නෑ හැමෝටම හොඳට උදවු කරනවා.
‘පැණි මකුළුවෝ’ චිත්‍රපටය තරගත වන්නටත් පෙරම අයිෂ් ඉන්න වීඩීයෝ ක්ලිප් එකක් අන්තර්ජාලයේ තිබුණා. සමහරු ඒ ගැන විවිධ මත පලකළානේ. අයිෂ් ඒ ගැන මොකද කියන්නේ?
මම හිතන්නේ ඒක මේ ෆිල්ම් එකේ ප්රචාරක වැඩකටයුතුවලට යොදාගත්තු දෙයක්. ඒ ගැන හරියටම කියන්න මම දන්නෙ නෑ.
පැණි මකුළුවෝ කාන්තාවන්ගේ කතාවක්ද?
ඔව්... මම හිතන්නේ සෑම කාන්තාවක්ම මේක බලන්න ඕන කතාවක්. ගමක ඉඳන් නගරයට ආපු ඉන්ටර්නෙට් ගැන එහෙම දන්නෙ නැති කාන්තාවක් ඒවා පාවිච්චි කරන්න ගිහින් එයාට වෙන අකරතැබ්බ ගැන ලියවුණු කතාවක් තමයි මේක.
අයිෂ් වේදිකාවට ගොඩවැඳුණා නේද?
ඔව්... ජයන්ත චන්ද්‍රසිරිගේ හන්කිති දහතුන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකත් මම කරන්නේ හරිම ආසාවෙන්.
දැන් රඟපාන නිසා මොඩ්ලින් පැත්ත අමතක කරලද?
එහෙම නෑ... හැබැයි මොඩ්ලින් දේවල් නිසා පොඩ්ඩක් අතපසු වෙලා තියෙනවා. මේ ස්ටේජ් ඩ්‍රාමා එක ගොඩක් වේදිකාගත කරන්නේ සති අග දවස්වල. ඒ නිසා ෆැෂන් ෂෝවලට යන එක පොඩ්ඩක් මඟ ඇරිලා තියෙනවා. හැබැයි තාම නවත්තලා නෑ.
වැඩියෙන්ම ආසා මොඩ්ලින් කරන්නද? රඟපාන්නද?
මම තාමත් ආසා නීති ක්ෂේත්රය මගේ වෘත්තීය කරගන්නයි. මොඩ්ලින්වලට ගොඩක් කාලය වෙන් කළේ නෑ. ඒ නිසා රංගනයට මූලික තැනක් දෙන්න මම ආසයි. තාමත් මම ඒ දේවල් ගැන ඉගෙන ගන්නවා.
Text – Jayamali / PiC - Sumudu