එයත් එක්ක ජීවත්වීම පහසුයි
ලස්සන වගේම දක්ෂතාවය ඇති බොහෝ දෙනාට ආසාව තිබුණත්, උනන්දුව තිබුණත්, රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්. ශේෂාද්‍රි කියන්නෙ, දක්ෂතාවය, හැකියාව සුන්දරත්වය සියල්ල සතු රුවැත්තියක්. රඟපෑමට ඇයට නිරන්තරයෙන්ම ආරාධනා ලැබෙන බව කියන්න පුළුවනි. ඒත් ඇය අපට හමුවන්නේ නම් ඉතාම කලාතුරකින්. බොලිවුඩ් තිරයේ රුවැත්තියකට සම කළ හැකි රුවක් ඇති ශේෂාද්‍රි කාලයකට පසුව රංගනයකට එක්ව සිටින්නීය. හැබැයි ඒ චිත්‍රපට රංගනයකට නම් නොවෙයි. ඇයගේ අලුත් මනමාලයාගේ අලුත්ම මියුසික් වීඩියෝව වන මායාවී ආ ගීතය වෙනුවෙනි.
ආදරේ සොයනා
ජිවිතේ මා.... මායාවි.... ආ....
නිරතුරුව දැනෙනා
රිදුමත සොයනා
කිඳුරියේ ආ....
මාගේ සඳා....
මේ එම ගීතයේ මුල් පද පේලි කීපයයි.
ඔහු ක්‍රිෂාන් පෙරේරාය. ඒ කියන්නේ ශේෂාද්‍රිගේ අලුත් මනමාලයාය.
ශේෂාද්‍රි හරි සතුටින් වගෙයි?
සතුටින් තමයි හැමදාම ඉන්නේ.
ඒත් මුහුණින් කියැවෙන්නේ වඩාත් ආදරණීය බවක්?
කාලයක්ම වගේ නිවාඩු පාඩුවේ හිටියනෙ. වැඩ නැතිව ගෙදරටම වෙලා පවුලේ ඔක්කොමලා එක්ක එකට ඉන්න වැඩිපුර කාලයක් ලැබුණා. ඒක නිසා තමයි විශේෂ සතුට.
ක්‍රිෂාන්ගේ හමුව නිසා නෙවෙයිද?
ම්ම්... ම්... ඒකත් ලොකු හේතුවක් තමයි.
‘‘ක්‍රිෂාන්’’ ජීවිතයට ළං වුණේ කොහොමද?
අපි ඇත්තටම කාලයක සිට හොඳ යාළුවෝ. ඒ යාළුකම ඇති වුණේ කාලයකට පෙරදි අක්කයි මමයි ටි.වී. ප්‍රෝග්‍රෑම් එකත් ඉදිරිපත් කළා. ඊට නැගී එන තරුණ කලාකරුවන් සහභාගීකරවා ගත්තා. එක දවසක ක්‍රිෂාන් ආවා. ඒ දිනවල එයා ලන්ත්‍රා පෙරේරා එක්ක බෑන්ඩ් එකක් කරගෙන ගියා. ලන්ත්‍රාව නම් අපි හඳුනාගෙන හිටියෙ. ඒත් ක්‍රිෂාන්ව හඳුනා ගත්තේ එදා ඒ ප්‍රෝගෑම් එකෙන් පසුව ඇති වූ ඒ යාළුකම තමයි අදටත් තියෙන්නේ. ක්‍රිෂාන් ඒ දිනවල සිටම අක්කිගෙ හොඳම යාළුවෙක්. ඔහොම ඉන්න කොට අක්කි තමයි යෝජනාව ගෙනාවෙ. එයා එක්ක කතා කරලා බලන්න. පෙනෙන්නෙ නම් එයා හරි හොඳ කෙනෙක් කියලා අක්කා කිව්වා. ඒ යාළුකම ඇති වුණේ ඒ විදියටයි.
ඉතින් ක්‍රිෂාන් හොඳ කෙනෙක්ද?
මුලදි අපි දෙන්නාටම එහෙම අදහසක් තිබුණෙ නැහැ. අපි යාළුවො විදිහට ඉන්න කොට කාලය අපිව එක්කළ බව කියන්න පුළුවනි. එයාගේ පවුලෙ අම්මයි තාත්තයි නංගියි විතරයි. එයාලා පදිංචිය ස්පාඤ්ඤයේ. ක්‍රිෂාන් විතරයි මෙහෙ ඉන්නේ. අපි වගේම සාමාන්‍ය පවුලක කෙනෙක්. හරිම අවංක කෙනෙක්. එයාගේ නංගිත් අපි ගිය පාසලටමයි ගියේ.
ඇයි ඔහුට හිත ගියේ?
අදහස් ගැළපෙනවා. පටු විදියට බලන කෙනෙක් නෙවෙයි. හොඳ විශ්වාසයක් තියෙන, සැම දෙයක් ගැනම විවෘතව බලන මනසක් ක්‍රිෂාන්ට තියෙන්නේ. එයත් එක්ක ජිවිතය හරි පහසුයි. ජිවිතයට අවශ්‍ය මිල මුදල් වලට වඩා සැබෑ ආදරයයි. එයා මට අවංකවම ආදරෙයි.
ක්‍රිෂාන් මොනවද කරන්නේ?
“ඩොක්ටර්” බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. ඊට අමතරව එයා පුද්ගලික සමාගමක පැය අටේ රස්සාව කරන කෙනෙක්. සෑහෙන කාර්ය බහුල කෙනෙක්.
ක්‍රිෂාන්ගේ මේ “මායාවි.... ආ....” ගීතය කී වැනි ගීතය ද?
මම හිතන්නේ එයා ගැයු ගී අතරින් හතරවැනි ගිතය වගේ මට හිතෙන්නේ.
“මායාවි.... ආ....” කියා ඔහු කියන්නේ ශේෂාද්රිටද?
ක්‍රිෂාන්ගෙන් තමයි ඒක අහන්න ඕනෑ. කොහොම වුණත් එයා වසර දෙකකට විතර පෙරදි, ආදරණීය තේමාවක් යටතේ ගීතයක් නිර්මාණය කර දෙන්න කියලා එයාගේ යාළුවකු වන අස්ලාන් ෂෙරිෆ්ට් කියලා තියෙනවා. නිෂිකා පෙරේරා අක්කා තමයි රචනය කළේ. මේ සිංදුව හදලා ටිකක් කල්. ඒත් වොයිස් කරලා තිබුණෙ නැහැ මේ ගීතය කරන්න කියලා. මම ක්‍රිෂාන්ට නිරන්තරයෙන් වගේ කිව්වා. මොකද මේ මෙලඩි එක සහ රචනය හරි ලස්සනයි. මේක රූප රචනය වෙනුවෙන් කීප දෙනෙක් බලලා තිබුණත් ක්‍රිෂාන් ඒ අයට එච්චරම කැමති වුණේ නැහැ. ඔහොම සිටියදී නිරෝධායන සමයේදී මම ක්‍රිෂාන්ට කිව්වේ, එහෙනං මමම පෙනීසිටින්නම් කියලයි.
මොකද කිව්වොත් 2009 න් පසුව මම මියුසික් වීඩියෝවකට පෙනී ඉඳලා නැහැ. වසර එකොළහකට පසුව තමයි මේ විදියට මියුසික් වීඩියෝවකට පෙනී සිටියේ. ලොකු දර්ශන තල සොයාගෙන ගියෙත් නැහැ. මියුසික් වීඩියෝවලදී බොහෝ විට ගීතයට වඩා රූප රචනයට මුල් තැන දෙන්නේ. ඒ නිසා මෙහිදී අපට ඕනෑ වුණේ ගීතයට මුල් තැන දීමටයි. සතිස් රත්නරාජ් හොඳ වීඩියෝ එකක් නිර්මාණය කළා.
‘‘කාලේ අපේ නිසා ආවනේ බැමි දවා පණ මාගේ හුස්මයි ඔයා’’ එහෙම කියන ‘‘ක්‍රිෂාන් සහ ශේෂාද්‍රි’’ යුග දිවි ගමන ඇරඹෙන්නේ කවද්ද?
හරියටම දින වකවානු තීරණය කරලා නැහැ. තව ටිකක් අපි දෙන්නම ස්ථාවර වෙන්න ඕනෑ. ඉන් පසුව තීරණය කරනවා.
ශේෂාද්‍රි ආයෙත් රඟපෑම වෙනුවෙන් චරිත බාරගත්තද?
චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. ටෙලි ඩ්‍රාමා කීපයකටම කතා කළා. නිරන්තරයෙන්ම ටෙලි ඩ්‍රාමාවලට ආරාධනානම් ලැබෙනවා. ඒත් තවම මම ඒ ගැන අදහසක් නැහැ. ෆිල්ම්ස් දෙකකට නම් කැමැත්ත දීලා තිබුණෙ. ඒත් මේ වසංගත තත්ත්වය නිසා රූගත කිරීම් කල්ගියා.
ත්රීසිස්ටර්ස්ලාගෙ වැඩකුත්, ඒ කියන්නේ දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි එකතු වෙලා අලුත් ගීතයක් කරන්නත් යනවා නේද?
නංගිටනෙ වැඩිපුර සිංදු කියන්න පුළුවන්. අපි තුන් දෙනාම එකතු වෙලා නිර්මාණයක් කරන්න තමයි හිතාන ඉන්නේ. එය ගීතයක් ද නැත්නම් නර්තන අංගයක් ද කියලා දැන්ම කියන්න බැහැ. කොහොම හරි අපි තුන් දෙනාගෙ වැඩක් ඉදිරියේදී එනවා.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ