එන හැම විලාසිතාවක්ම මම භාර ගන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රය තුළ වර්තමානයේ දකින නවක නළුනිළියන් අතරේ විශේෂ තැනක් සංජනා ඔනාලිට හිමිවේ. පසුගිය කාලයේ ස්වාධින රූපවාහිනියේ විකාශය වූ ‘ජිවිතේ ඇතිතුරා’ ටෙලි නාට්‍යයේ ‘හිමිදිරි’ ලෙස ඔබේ ආදරය දිනාගත් ඇය ඉදිරියේදී තවත් කලා නිර්මාණ රැසක් හරහා දකින්නට ලැබෙන රංගන ශිල්පිනියකි. මෙවර අප සමග විලාසිතා ගැන කතා කරන්නට අප සමග එකතු වුයේද ඇයයි.

20200519Sanjana-(4)විලාසිතාවලට සංජනාගේ තියෙන කැමැත්ත කොයි වගේද?

ගැහැණු ළමයි ඉතින් කොහොමත් ආසයි විලාසිතා කරන්න. ඉතින් මමත් ගොඩක් ආසයි විලාසිතා කරන්න. කාලයෙන් කාලයට විවිධ විලාසිතා එනවා නේ. හැබැයි මම එන හැම එකක්ම කරන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා විතරක් මම තෝරගෙන කරනවා.

සාමාන්‍යයෙන් ඔබ ඇඳුම්වලට කොපමණ වියදම් කරනවාද?

එහෙම විශේෂයක් නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන ඇඳුමක් මම මිළඳි ගන්නවා. ගොඩක් වෙලාවට මම ඇඳුමේ මිළ බලන්නේ නැහැ. බලන්නේ ඒ ඇඳුම මට ගැළපෙනවාද කියල විතරයි.

විලාසිතා කරන්න වැඩියෙන්ම කැමති ඇඳුම් තියෙනවාද?

ඔව්, මම කැමති විලාසිතා කිහිපයක්ම තියෙනවා. ගොඩක් වෙලාවට අඳින්නේ ශේට් ෆොර්ක්ස්වලට. ඊට අමතරව ගත්තොත් ටි ෂර්ට් එකයි ඩෙනිම් කලිසමයි අඳිනවා.

ගන්න ඇඳුමක් කොච්චර කාලයක් සංජනා අඳිනවාද?

ගත්තු මුල් කාලයේදී නම් ඒ ඇඳුම මම හැම තැනම අඳිනවා. ගන්න ඇඳුමක් හැමදාම අඳින්න බැහැනේ. කාලයක් යන කොට ඒ ඇඳුමේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ හින්දා ගන්න ඇඳුම කොච්චර කාලයක් අඳිනවාද කියලා මට හරියටම කියන්න බැහැ.

ඇඳුමක්ද ගනිද්දි ඔබ මුලින්ම බලන්නේ ලස්සනද නැත්නම් එහි වටිනාකමද?

මම ඇඳුමක් ගනිද්දි ඒ දෙකම බලනවා. මොකද ලස්සනක් හා වටිනාකමක් නැත්නම් ඒ ඇඳුමෙන් ඇති වැඩක් නැහැ.

සංජනා ඇඳුම් ගන්න විශේෂ තැන් තියෙනවාද?

අනිවාර්යෙන්ම තියෙනවා. විශේෂයෙන්ම මම ඇඳුම් ගන්න මම යන්නේ ‘ඔඩේල්’ එකට. ඒකට යන්න හේතු කිහිපයක්ම තියෙනවා මට. 

තනියමද? එහෙමත් නැත්නම් යාළුවොත් එක්කද වැඩිපුරම ඇඳුම් ගන්න යන්නේ?

එක එක වෙලාවලදි එක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අම්මාත් එක්ක ගිහින් තමයි ඇඳුම් ගන්නේ. එහෙම නැත්නම් යාළුවොත් එක්කත් යනවා ඇඳුම් ගන්න. සමහර වෙලාවට මම තනියම ඇඳුම් ගන්න යන අවස්ථාත් තියෙනවා.

යාළුවෝ එක්ක විලාසිතා ගැන කතා කරනවාද?

අනිවාර්යයෙන්ම කතා කරනවා. අපි කට්ටියගෙන් කවුරු හරි ඇඳුමක් ගත්තොත් ඒ ඇඳුම ගැන තමයි ඉතින් දවසේම කතාව. ඒ වගේම අපි කට්ටිය නිතරම හොයනවා අලුත් විලාසිතා ගැන. යාළුවෝ කවුරු හරි අලුත් දෙයක් දැක්කොත් අපි හැමෝම වගේ ඒදේට උනන්ඳු වෙනවා.  

බුද්ධික සේනාධීර

20200519Sanjana-(1) 20200519Sanjana-(2) 20200519Sanjana-(3) 20200519Sanjana-(5) 20200519Sanjana-(6) 20200519Sanjana-(7)