එකිනෙකා දක්වන දායකත්වය අනුව ලැබෙන පිළිගැනීම වෙනස්
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වූ ලතිෂා රශිනි සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි මෙළෙස අරඹන්නට සූදානම් වුණේමු. මේ වනවිට විවිධ කලා නිර්මාණ බොහෝමයකට දායක වී ඇති ලතිෂා වර්තමානය වනවිට රැකියාවකද නියැළෙමින් සිටියි.
ලතිෂ නිරූපණ ක්ෂේත්රයට ආවේ කොහොමද? කොයි කාලේද?.
ප්‍රියන්ත සමරකෝන් මහත්මයාගේ නිරූපණ පන්තියට සම්බන්ධ වුණා. මතක හැටියට ඒ 2012 වසරේදී.
නිරූපණයට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණාද?
ඇත්තටම, ආසාවක් තිබුණේ නැහැ, හැබැයි ප්‍රියන්ත සමරකෝන් මහත්මයාගේ මාර්ගයෙන් නික් ජයමහා මහත්මයා ලඟ නිරූපණ කටයුතු කළා. ඒ හරහා තමයි නිරූපණයට කැමැත්තක් ආවේ මට.
ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
තෝරා බේරා ගෙන වැඩ කළොත් ඇත්තටම මේක වැඩ කරන්න පුළුවන් හොඳ ක්ෂේත්රයක් කියලා මට හිතෙනවා.
දායක වුණ නිර්මාණ මොනවද?
ගීත රූප රචනා, ටෙලි නාට්‍යය හා චිත්‍රපට වගේම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් රැසකට මම දායක වෙලා තියෙනවා.
නිරූපිකාවකට අද තියෙන පිළීගැනීම කොහොමද?
එකිනෙකා දක්වන දායකත්වය අනුව ලැබෙන පිළිගැනීම වෙනස් ඉතින්.
මේක වෘත්තියද? නැත්නම් වෙනත් වෘත්තිය වැඩ කරනවාද?
මේක මගේ වෘත්තිය නෙමෙයි. මම දැනට රැකියාවක නිරත වෙනවා. ඒ අතරතුර ලැබෙන කාලය අනුව.
කලා ක්ෂේත්රය තුළ දිගටම රැඳෙන්නද කැමති?
ඔව්, නමුත්, මේ ක්ෂේත්රය තුළ කාලයක් පමණයි වැඩ කරන්න පුළුවන්. හැමදාම මේ ක්ෂේත්රය තුළ රැඳෙන්නේ බැහැ.
උදව් කරපු අය?
මුලින්ම මතක් කරන්න ඕනා ප්‍රියන්ත සමරකෝන් මහාතා, නික් ජයමහා දෙදෙනා විශේෂයෙන්ම. ඊට අමතරව මතක් කර යුතු විශේෂ කෙනෙකු තමයි සුදත් ජානක අයියා, ‘ටුඩෙ ආර්ට් සලෝන්’ එකේ ශාර්මිකා අක්කි තමයි රූපවාහිණි ‘නුග සෙවණ’ වැඩසටහනට පළමුවෙන්ම යොමු කළේ. මේ හැමදේටම පසුපසින්ම මට නිරන්තරයෙන්ම උදව් කරන මගේ අම්මා තාත්තා දෙන්නා.
බුද්ධික සේනාධිර