එංගලන්තෙට ගිහින් අවුරුදු දාසයක්
සසන්ති ජයසේකර වසර ගණනාවක් තිස්සේ වෙසෙන්නේ එංගලන්තයේ. හරියටම කිව්වොත් ඇය එහි පදිංචියට ගොස් වසර 16ක් වෙනවලූ. මේ ගෙවීගිය කාලයේදී ඇය ලංකාවට ආවේ එක් වතාවකදී විතරයි. වසර 11කට පසුව දැන් මේ දිනවල නැවතත් ඇය මව් රටට පැමිණ සිටින්නීය. එදා සෝබා දර්ශන සමඟ ටෙලි තිරයට ආ සසන්ති පුලින ප‍්‍රාසාද, දිය සෙවනැලි, බූමරංගය, එක් මෘගාංගනාවියක්, හදවිල සක්මන ඇතුළු මතකයේ රැුඳුනු නාට්‍ය ගොන්නකට වගේම, සිනමාවේ නිර්මාණ කීපයකටත් දායකත්වය ලබා දුන්නාය. එදා ‘‘හදවිල සක්මන’’ නාට්‍යයේ රඟපෑම උදෙසා හොඳම නිළියට හිමි සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. එහෙව් වූ ඇය අද ඇයගේ ජීවිතයේ අලූත් විස්තර ගැන කීමට සඳැල්ලට ආ මොහොතකි මේ.
මෙච්චර කාලයක් යනකල් ලංකාවට නෑවිත් සිටින්න හිත හදා ගත්තෙ කොහොමද?
එංගලන්තයට ගියමුල් කාලයේදී නම්, ජීවිතයේ සියලූ දේ ස්ථාවර කර ගන්න ඕනෑ නිසා, ඒ වෙනුවෙන් කාලයක් ගත කරන්න තිබුණා. ඉන්පසුව පුතාගේ පාසල් වැඩ නිසා කාර්ය බහුල වුණා. ඉගෙනීමට අමතරව එයා පාපන්දු සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙසත් කටයුතු කළා. ඒ නිසා නිවාඩු කාලයේදී පවා එයාට පුහුණුවීම්වලට යන්න තිබුණා. දැන් පුතා ලොකුයි. හොඳින් අධ්‍යාපනය ලබා රැුකියාවක් කරනවා අලෙවි අංශයේ උපදේශක කළමනාකරුවකු ලෙස. දිස්ත‍්‍රික් මට්ටමින් පාපන්දු ක‍්‍රීඩාවෙත් යෙදෙනවා. ඒ නිසා අද මට විවේකයක් ලැබී තිබෙනවා.
සසන්තිගෙ ලංකාවෙ සිටින නෑදෑයින් කවුද? අම්මා සහ තාත්තා?
අම්මා සහ තාත්තා, ලොකු මල්ලි සහ නෑදෑයින් සිටින්නෙ මෙහේ. අම්මා තාත්තාත් එහේ ඇවිත් ගියා. ඉතින් ඒ නිසා ලංකාවට එන්න අවශ්‍ය වුණෙත් නැහැ. කාලයක් ලොකු මල්ලි හිටියෙත් එහේ. දැන් එයා මෙහේ ඇවිත් නුවරඑළියෙ සංචාරක හෝටලයක් පවත්වාගෙන යනවා.
කොහොම වුණත්, ලංකාවෙන් පිටව සිටියදී දැනුණ හැඟීම් මොන වගේද?
මුල් කාලයේදී නම් හිතට දුකක් දැණුනා. හිත හදාගන්න අමාරු වුණා. පසුව පුතාගේ වැඩත් එක්ක කාර්ය බහුල වීම වගේම මට මෙහි හොඳ යාළුවෝ සිටීම නිසා පාළුව මග හැරිලා ගියා. මගේම පාසල වූ නුගේගොඩ සුජාතාවේ ඉගෙන ගත්ත මගේම පංතියෙ හිටිය යාළුවොත් ඉන්නෙ මෙහේ. ඊට අමතරව තවත් ඉතා හොඳ යාළුවො මට මෙහිදී හමුවුණා. එයාලා මාව හොඳින් ආදරයෙන් බලා ගත්තා. මේ වගේ දේ නිසා මට එංගලන්තය මගේ උපන් රට තරමටම සමීප බවක් ඇති කළා. එහිදී මම කොණ්ඩ විලාසිතා සහ රූපලාවන්‍ය ගැන උපාධියක් තරමට හැදෑරුවා. ඊට අමතරව ව්‍යාපාර කළමනාකරණය ගැනත් ඉගෙන ගත්තා. ලංකාවෙ සිට එංගලන්තයට ආ කලාකරුවන් එයාලගෙ සමහර නිර්මාණවලටත් මාව එක් කර ගත්තා. ‘ජූලියා’ චිත‍්‍රපටයේ රඟපෑවේ ඒ විදියටයි.
දැන් සසන්තිගෙ ජීවිතය මොන වගේද?
ලොකු දේවල් නැහැ. හරිම සරලව ගෙවී යනවා. මා ඉගෙන ගත්ත රූපලාවන්‍ය අංශයේ වැඩ කරන අතරේ ගෙදර ගෘහණියක, මවක, බිරිඳක ලෙස ඒ වගකීම් ඉටු කරමින් සතුටින් ජීවත් වෙනවා. ගෙදර ලස්සනට තියා ගන්න මාත් මහත්තයත් හරි කැමතියි. ඉතින් නිතරම අපි සංචාරය කරනවා. යුරෝපයේ සංචාරය නොකළ රටක් නැති තරම්. හරි විනෝදයෙන් සතුටින් ජීවත් වෙනවා.
මහත්තයා ගැන කිව්වොත්?
මහත්තයගෙ නම ස්ටීව්. එයා ඇත්තටම වචනයේ පරිසමාප්තයෙන්ම ඉතා හොඳ මහත්මයෙක්. මේ තරම් හොඳ මනුස්සයෙක් මම ජීවිතේ මීට පෙර දැකලා නැහැ. හරිම කාරුණිකයි. තරහාව කියන දේ ඇත්තේම නැහැ. මම බෞද්ධ. ඒත් මට වඩා එයාට තියෙන්නෙ බුද්ධාගමේ පිළිපැදිය යුතු ගුණාංග. එයා නපුරු නැහැ. කාටවත් බනින්නෙත් නැහැ. එයාගෙ පුතාට වගේම මගේ පුතාටත් එයා ඉතා හොඳ තාත්තා කෙනෙක්. පුතාගේ රස්සාව පවා කරන්න එයා පුතා උනන්දු කළා. තාත්තාගේ භූමිකාව එයා හොඳින් වටහාගෙන ඉටුකරන කෙනෙක්. මට තරහා ගියාම එයා කියන්නෙ ඒක ‘ලේ’ වලට හොඳ නැහැ කියලයි. ලේ අපිරිසිදු වීම නිසා රෝගී වෙනවා. ඒ නිසා කේන්ති ගන්න එපා කියලා මට උපදෙස් දෙනවා. අනෙක කාටවත් හිත රිදෙන වචන කියන්න එපා කියලා එයා කියනවා. හිතක් රිද්දුවොත්, ආපහු ඒක හදන්න බැහැ කියලයි එයා කියන්නෙ. ජීවිතය හරිම කෙටියි, ඒ නිසා සතුටින් ඉන්න කියලා තමයි එයා නිතර කියන්නෙ. අපි දෙන්නා හරි ජොලි අනේ. දැන් ළමයි ලොකු නිසා අපි දෙන්නට බරක් නැහැ. ඒ නිසා අපි දෙන්නගෙ වැඬේ සංචාරය කරන එකයි. මේ පාර එයා ලංකාවට ආ හැටියෙ, එයාර්පෝට් එකේ ඉඳලා කෙළින්ම අපි ළමයි දෙන්නා එක්ක ගියේ සියතට. මම සිටින ප්‍රෝග‍්‍රෑම් එක බලන්න එයාට ආසයි කිව්වා.
මේ පාර ලංකාවට ආ විශේෂ හේතුව?
පුතාලා දෙන්නටයි මහත්තයටයි අපේ රටේ අසිරිය පෙන්වන්න ඕනෑ. ගාල්ල, හික්කඩුව, දළදා මාළිගාව, පින්නවල, මීගමුව මේ වගේ බොහෝ පළාත්වලට යන්න තමයි ආවේ. අපේ අම්මයි තාත්තයි අපි ඔක්කෝමලා මේ සංචාරයට එක් වෙනවා.
ආයෙත් රඟපෑමේ අදහසක් නැද්ද?
ආරාධනාවක් ආවොත් බාර ගන්නවා. විෂුවල් එකකට දැනටමත් ආරාධනා ලැබුණා. මම දැන් එංගලන්තෙ පුරවැසියෙක් නිසා දිගටම මෙහේ ඉන්න බැහැ. ඉඳහිට ඇවිත් රඟපාලා යන්න පුළුවනි.
අවුරුදු 11කට පසුව ලංකාවට ආව සසන්ති, ලංකාව ගැන දකින වෙනස මොකක්ද?
බුදු අම්මෝ, ලංකාවේ වාහන පදවන අයට නම් කිසිම විනයක් නැහැ. හරිම අසංවර විදියට වාහන පදවන්නෙ. හැබැයි ලංකාවේ මිනිස්සු නම් හරිම හොඳයි. එදා වගේම මිනිස්සු හරිම ආදරෙයි. හැබැයි ඉතින් සමාජයක් ලෙස ගත්තාම, කිසිම සමානාත්මතාවයක් නැහැ වගෙයි පෙනෙන්නේ. අපි හෝටලයක් බුක් කරන්න ගියත්, ෆොරිනර්ස්ලා (විදේශිකයින්) නම් ගාණ වැඩියි. එංගලන්තයේ එහෙම නැහැ. ඕනෑම කෙනෙකුට එක සමාන සැලකීම සහ පිළිගැනීම. පාරේ වැඩකරන මනුස්සයත් එකයි, නීතිඥවරයත් එකයි. ලංකාවේ මේ සමානාත්මතාවය නැති එක ගැන කනගාටුයි. මට නම් කුණු අදින මිනිහත් එකයි, ඉහළම කියලා රැුකියාව කරන කෙනත් එකයි. මිනිස්සු වර්ග කළ යුතු නැහැ. තමන්ගෙ ජීවිතය හොඳින් තියාගන්න පුළුවන් අනෙක් අයගෙ ජීවිත ලස්සන කළාමයි.
ඔබගෙ සැමියාගෙ පවුලෙ අය ගැන කිව්වොත්?
ඉතා කරුණික පවුලක්. ස්ටීව්ගෙ නංගි මට මගේ හොඳම මිතුරියක් වගෙයි. නෑනලා කියන්නෙ අන්න ඒ වගේ අයටයි. හරිම හොඳ කාරුණික මිනිස්සු.
සසන්ති සම්බන්ධ කර ගන්නෙ?
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ