උස, ලස්සන වගේම ආකර්ෂණයක් තියෙන්න ඕන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-21-ent-179

වෙළෙඳ දැන්වීම් සහ නිරූපණ කටයුතු වලද නිරත වෙමින් රැකියාවේ කාර්යය බහුලත්වයත් සමග කාලය ගත කරන ඇය ලක්මාලි පෙරේරා වේ. ඇයගේ කලා කටයුතු සහ පෞද්ගලික තොරතුරු අපත් සමග මෙලෙස බෙදා ගනු ලැබුවාය.

 

ඔබ ගැන හැඳින්වීමක් කරන්න.

2017-03-21-ent-176මම ලක්මාලි පෙරේරා. පදිංචිය මාතලේ. මම දැනට අනුරාධපුර ජාතික ජලාපවාහන හා ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරනවා. ඒ වගේම නිරූපණය පැත්තෙනුත් වැඩකටයුතු කරනවා.

 

නිරූපණයට පිවිසිලා කොපමණ කාලයක් වෙනවද?

මට වයස අවදුරු 20 දී විතර තමයි නිරූපණයට එකතු වුණේ. නමුත් දැන් තමයි ටිකක් වැඩිපුර ඒ කටයුතු සඳහා දායක වෙන්නේ. ලැබෙන කාලය නිරූපණය වෙනුවෙන් වැය කරනවා.

 

ඔබ දැනට දායක වෙලා තියෙන වැඩකටයුතු ගැන ටිකක් කියමු?

සන්ලයිට්, සෙලාන් බැංකුව ඇතුළු තවත් වෙළෙද දැන්වීම් කිහිපයකට දායක වෙලා තියෙනවා. පුවත්පත්වල මුල්පිටුව සඳහා දායක වෙලා තියෙනවා. Bridle Show වලට ගොඩක් දායක වෙලා තියෙනවා.

 

මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?

මියුසික් වීඩියෝවකට සහභාගී වුණා. එය තවම ප්‍රචාරණය වුණේ නැහැ.

 

නිරූපණයට අමතරව රංගනයට යොමුවීමටත් අදහසක් තිබෙනවාද?

රංගනයටත් හැකියාවක් තිබෙනවා. නමුත් මගේ රැකියාවෙන් ලැබෙන නිදහසත් සමග තමයි මේ දේවල් වලටත් යොමු වෙන්නේ. ලොකු කැපකිරීමක් කරන්න කාලය මදි. ඒ නිසා ලැබෙන පුංචි කාලයෙන් හරි උපරිම ප්‍රයෝජන ගන්න තමයි උත්සාහ කරන්නේ.

 

මේ කාර්ය බහුලත්වයත් එක්ක ඔබේ නිදහස නැති වෙලාද?

ඇත්තටම නිදහස කියන දේ මට ගොඩක් අඩුයි. මම ඉන්නේ මාතලේ, වැඩ කරන්නේ අනුරාධපුරයේ. Shoot එකක් තියෙනව නම් තියෙන්නේ කොළඹ, නුවර වගේ තමයි. ඉතින් හැම සති අන්ත නිවාඩුවක්ම වෙන් වෙන්නේ මේ වෙනුවෙන්. මේ සඳහා ගමනාගමන කටයුතුත් එක්ක මම ගොඩක් වෙහෙසට පත්වෙනවා.

 

මේ දේවල් නිසා ක්ෂේත්‍රය එපා වෙන්නෙ නැද්ද?

එහෙම එපා වෙන්නෙ නම් නෑ. ගොඩක් ආස හිතෙනවා වැඩකටයුතු කරන්න. වැඩකටයුතුවලට දායක වීමේ ආසාව තිබුණට හොඳම දේ තමයි තෝරා ගන්නේ. ලැබෙන හැමදෙයක්ම භාරගන්නෙත් නෑ. රැකියාවත් කරන නිසා චරිතයට හානි නොවන වැදගත් හොඳ දෙයක් කරනවා.

 

අද කාලේ නිරූපණය පිළිබඳ ඔබ දරණ මතය මොකක්ද?

නිරූපණය පැත්තෙන් ගොඩක් මතවාද තියෙනවා. අනිත් අයගෙ ඒවා කොහොම වුණත් නිරූපණය කියන්නේ හොඳ දෙයක් විදියටයි මම දකින්නේ. හැමෝටම කරන්න බෑ. ඒකටත් වාසනාව තියෙන්න ඕන. උස, ලස්සන වගේම ආකර්ෂණයක් තියෙන්න ඕන. ඒ දේ හැමෝටම නැහැ. ඒ දේවල් මට ගොඩක් නැති වුණත් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ තුළින් මම ඉදිරියට යනවා.

 

නිරූපණය තුළ ඉන්න බලපාන්නේ ලස්සන, වාසනාව විතරද? දක්ෂකම බලපාන්නේ නැද්ද?

වාසනාව, ලස්සන කියන දේවලුත් ඕන. දක්ෂතාවය කියන දේ තිබිලා රූප සුන්දරත්වය කියන දේ තිබුණෙ නැත්නම් අමාරුයිනේ. හැකියාව ඔප්නංවන්න ඒ හැමදේම තියෙන්න ඕන. තැනකට යන්න පුළුවන් වෙන්නේ එතකොට.

 

වැඩකටයුතුවලට දායක වීමේදී ඔබටත් සීමාවන් තිබෙනවාද?

මට ගැළපෙන දේ මම කරනවා. චරිතයට හානියක් නොවන මට්ටමින් මම වැඩකටයුතු කරනවා.

 

නිරූපණයට යොමුවෙද්දි දෙමව්පියන්ගෙන් අවසර ලැබුණද?

අම්මා ටිකක් මුලදි අකමැති වුණා. දැන් නම් කැමතියි. තාත්තා නම් ටිකක් අකමැතියි. මාමා තමයි ගොඩක් උදව් කරන්නේ. මාම තමයි හැමදේකදීම පිටුපසින් ඉන්නේ.

 

ඔබේ ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු මොනවාද?

රැකියාව පැත්තෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම නිරූපණය පැත්තෙනුත් ගොඩක් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඔබට උදව් කළ මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?

මේ තරම් දුරක් එන්න ගොඩක්ම උදව් කළේ මාමා තමයි. ඒ වගේම මගේ අම්මා විශේෂයෙන්ම මතක් කරන්න ඕන.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2017-03-21-ent-178
2017-03-21-ent-177