උපාධියෙන් පස්සේ මගේ ව්‍යාපාරයක් කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-25-ent-29

හිරු අවුරුදු කුමරිය තරගය හරහා කලා ක්ෂේත්‍රයට පැමිණි චතුරාණි පෙරේරා මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරමින් සිටියි. හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයේද දකින ඇය රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනයක් යන්නට උත්සාහ කරමින්ද සිටියි. මේ දිග හැරෙන්නේ චතුරාණි සමග කළ කතා බහයි.

 

චතුරාණි ක්ෂේත්‍රයට එන්නේ?2018-09-25-ent-34

හිරු ‘අවුරුදු කුමරිය’ තරගය හරහා. එහි අවසන් වටය තෙක් මම ආවා. නමුත්, මුල් තරගකාරියන් අතරට මට එන්න බැරිවුණා. කොහොම වුණත් හිරු ‘අවුරුදු කුමරිය’ තරගයට සම්බන්ධ වීම තමා මගේ ජිවීතේ හැරවුම් ලක්ෂය වුණේ.

 

දැනට ඔබ කලා කටයුතුවලට දායක වෙලා තියෙනවාද?

රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පෙනි ඉඳලා තියෙනවා. මේ දිනවල හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයේ රඟපානවා. තවත් අලුත් ටෙලි නාට්‍යය දෙකකට සම්බන්ධ වෙන්න ලැබුණා. තව චිත්‍රපටයකටත් එකතු වෙන්න ආරාධනා දැන් ලැබිලා තියෙනවා. ඒ ගැන තොරතුරු ඉදිරියට කියන්නම්.

 

නවකයෙක් විදිහට කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රයට හොඳයි. නරකක් දකින්නේ නැහැ මම. ගොඩක් නවකොය් අද ක්ෂෙත්‍රයට එනවා. හොඳ දේවල් කළොත් ඉදිරියට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

 

තවමත් ඔභ අධ්‍යාපනය ලබනවා?

ඔව්, දැනට මම කැළණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ අංශයේ උපාධියක් හදාරනවා. උපාධියෙන් පස්සේ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ අතරේ ඉඩ ලැබෙන විදිහට කලාවටත් සම්බන්ධ වෙනවා.

 

කලා කටයුතු තෝරාගෙනද ඔබ රඟපාන්නේ?

ඔව්, මම තෝරා ගන්නේ මගේ උපරිමය කරන්න පුළුවන් නිර්මාණ විතරයි. චරිතයකට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම ඒ චරිතය අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

 

ඔබට වැඩේද මුලීක නැත්නම් ඒ නිර්මාණයට ලැබෙන මුදල?

මට වැදගත් වෙන්නේ භාර ගත්ත වැඩේ. මම මුලින් වැඩක් ලැබුණාම බලන්නේ මට මොකක්ද කරන්න තියෙන්නේ කොහොමද මම මගේ උපරිමය කරන්නේ කියන දේ. ඊට පස්සේ තමයි මට ලැබෙන මුදල ගැන මම හිතන්නේ.

 

අනාගත ඉලක්ක?

රංගන ක්ෂේත්‍රයේ හා නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න. මේ ක්ෂේත්‍ර දෙකටම ලොකු දෙයක් විවිධත්වයක් හා වෙනසක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 

උදව් කරපු අය?

මගේ අම්මා, තාත්තා දෙන්නා. ඊට පස්සේ මගේ නංගි. යාළුවෝ ගුරුවරු. වචනයකින් හරි උදව් කළ හැමෝම මේ වෙලාවේදී ඉතා නිහතමානිව, ආදරයෙන් මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

 

 2018-09-25-ent-30 2018-09-25-ent-31 2018-09-25-ent-32 2018-09-25-ent-33