උදුම්බරා සමග රිදීතිරයට ආ ක‍්‍රීඩිකාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-02-ent-98

මේ හැඩකාර නදීශානි හෙන්ඩර්සන් අපට හමුවන්නේ මේ දිනවල තිරගත කෙරෙන ”උදුම්බරා” චිත‍්‍රපටයේ උදුම්බරා ලෙසිනි. උදුම්බරා වූ ඇය මලල ක‍්‍රීඩිකාවකි. එමෙන්ම ඇයගේ අම්මා, තාත්තා ද මෙරට පාපැදි ධාවන තරග අංශයේ ප‍්‍රකට චරිත වේ. නදීශානිගේ එකම නැගණිය ද මලල ක‍්‍රීඩිකාවකි. ඇයගේ අම්මා පී.ඒ. රංජනී වසර දහයක් පාපැදි අංශයේ ශ්‍රී ලංකා ජාතික ශූරිය වූවාය. පියා හැරී හෙන්රි හෙන්ඩර්සන්ය. එලෙසින් ක‍්‍රීඩා පවුලකට ලැදි නදීශානි රඟපෑමට ආවේ කොහොම ද?

 

නදීශානි, මලල ක‍්‍රීඩාවට ආවේ පවුලේ ආභාෂය නිසා ද?2018-11-02-ent-97

එක ඇත්තටම අහම්බයක්. මලල ක‍්‍රීඩාවට ඒමේ ලොකු අදහසක් තිබුණේ නැහැ. මුලින්ම ඉගෙන ගත්තෙ දුනගහ රණසිංහ මහා විද්‍යාලයෙන්. පාසල් ක‍්‍රීඩා තරගාවලියේදී 11න් පහළ තරගාවලියට මටත් දුවන්න ආසයි කියලා හිතාගෙන පුහුණුවීම් කළා. තරගවලදී දෙවැනියා සහ පළමුවැනියත් වෙන්න මට පුළුවන් වුණා. එතැනින් පසුව අම්මා තමයි මාව පුහුණු කළේ. ඒත් එක්කම මට මීගමුව ආවේ මරියා පාසලෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. එතැනදී අලූත් පුහුණුකරුවකු යටතේ පුහුණුවීම් කළා. පිලිප් පෙරේරා මහතා තමයි මගේ මුල්ම පුහුණුකරු. අවුරුදු 17 වෙද්දී බස්නාහිර පළාත් වාර්තාවක් පවා තැබුවා. මීටර් 400 තමයි මුලින්ම කළේ. පසුව මීටර 200ත් පළමුවැනියා වුණා. ඒ අතරේ තමයි සුනිල් ගුණවර්ධන සර් හමුවුණේ. එතුමා අපේ අම්මාවත් හඳුනනවා. දුව මගේ ළඟට පුහුණුවීම් කරන්න එන්න කීවා. සුනිල් සර් වගේම භද්‍රා ගුණවර්ධන මහත්මියත් මට සෑහෙන්න උදව් කළා. දිනෙන් දින දැක්වූ දක්ෂතා නිසා ගේට්වේ ජාත්‍යන්තර විද්‍යාලයෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණාම ඉන්පසුව එම විද්‍යාලය නියෝජනය කළා. ඒ විදියට ආ ගමන තමයි මේ.

 

දැන් මලල ක‍්‍රීඩිකාවකට අමතරව තවමත් ඔබ අධ්‍යාපනය හදාරනවා ද?

දැන් මම ජ’පුර සරසවියේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක්. ඊට අමතරව මානව සම්පත් කළමනාකරණය ගැන ජාතික උසස් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළා.

 

අද දවසේ ඔබ නිරත වන මලල ක‍්‍රීඩා ඉසව්ව?

මීටර 100 සහ එහි කණ්ඩායම් තරගයටත් :100*4 සහභාගී වෙනවා.

 

ඒ අතරේ රඟපෑමට ආවේ?

මම පුහුණුවීම් කරමින් සිටියදී සුසන්තිකා ජයසිංහ මිස් හමුවුණා. එතුමිය තමයි මගෙන් ඇහුවෙ මේ වගේ අවස්ථාවක් තියෙනවා රඟපාන්න කැමැති ද කියලා. එය ක‍්‍රීඩාව තේමා කරගෙන කරන චිත‍්‍රපටයක්. ඒ නිසා ගෙදරින් ඇහුවාම අවසර ලැබුණා. ”උදුම්බරා” චිත‍්‍රපටයේ ”සමන්තන් රාජ්” සර් හමුවුණේ ඊළඟටයි. මට මෙහි රඟපාන්න තියෙන්නෙ ප‍්‍රධාන චරිතයක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම රඟපෑම ගැන මට කිසිම අදහසක් තිබුණෙත් නැහැ. දවසක් රූගත කරන හැටි බලන්න එන්න කීවා. මම අම්මා එක්ක ගිහින් ෂූටිං කරන හැටි බලාගෙන හිටියා. එදා තමයි සජීවීව රංගනයක් කරන හැටි දුටුවෙ. ඊට පසුදා මට පුහුණුවක් ලබා දුන්නා. පළමුවැනියටම මට තිබුණෙ ”හෙලෝ” කියලා දෙබසක් කියන්න විතරයි. ඒ චරිතයේ හැටියට මම දුප්පත් පවුලක ළමයෙක්.

 

රඟපෑම සහ මලල ක‍්‍රීඩාව ගැන හැෙඟන්නේ කොහොම ද?

රඟපෑම ගැන මම මොනවත්ම දැනගෙන හිටියෙ නැහැ. නමුත් මෙහි අධ්‍යක්ෂ සමන්තන් රාජ් සර් සහ මෙහි රඟපාන ප‍්‍රවීණයන් වන ජැක්සන් සර්ගෙන් ලැබුණු සහයෝගය හරිම ඉහළයි. බයවෙන්න එපා පුතා අපි ඔයාට උදව් කරන්නම් කියලා ජැක්සන් සර් කිව්වා. ඒක ලොකු ගැම්මක් වුණා. පසුව සමන්තන් සර් මාව අනෝජා වීරසිංහ මැඩම් ළඟට යැව්වා. අභින වෙතින් මට පුහුණුවක් ලබා දුන්නා. ඒ වගේම ප‍්‍රසන්නජිත් සර් ළඟටත් මාව යැව්වා. මේ විදියට තමයි උදුම්බරා චරිතයට පණ පොවන්න පුළුවන් වුණේ.

 

උදුම්බරා වූ නදීශානි කොහොම කෙනෙක් ද?

හරිම ධෛර්යවන්ත කෙනෙක්. අභියෝග බාරගන්න හරිම ආසයි. අභියෝග හමුවේ ඒවා ජයග‍්‍රහණය කරන්න ආසයි.

 

දැන් වයස?

අවුරුදු 25 යි.

 

උදුම්බරා පේ‍්‍රම කතාවක් ද?

දුප්පත් තැනක සිට ජීවිතය ජයගත්ත ධෛර්යවන්ත චරිතයක්. මේ චිත‍්‍රපටය හරිම ලස්සන කතාවක්.

 

නදීශානිට ආදරය දැනෙන්නේ කොහොම ද?

ආදරේ හොඳයි. සුන්දරයි.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2018-11-02-ent-95 2018-11-02-ent-96