උද්දික පෙම්වතා වෙද්දි මම බයේ හිටියෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-896

පෙනුමින් සුප‍්‍රකට ඉන්දියානු නිළි ප‍්‍රියංකා චොප්රාගේ රූපයට සමවූ ඇය ඉරේෂා අසංකි ද සිල්වාය. අසංකි ලෙස නිරූපණ ක්ෂේත‍්‍රයේ මෙන්ම සිනමා ක්ෂේත‍්‍රයේ කටයුතු කරන මේ සුන්දර ශිල්පිනිය ගැන කතා වන්නේ, මහේෂ් මුණසිංහගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘රෂ්’ චිත‍්‍රපටය නිසාය. එහි පූජා නමින් චරිත රංගනයක යෙදෙන ‘අසංකි’ මෙවර සඳැල්ල හැඩ කළේ මෙලෙසිනි.2019-09-17-ent-897

 

අසංකි මේ ක්ෂේත‍්‍රයට ආ අතීතය ගැන සඳහනක් මුලින්ම කළොත්?

2011 දී විතර නිරූපණ තරඟයක් පැවැත්වුණා. ඒක සංවිධානය කළේ නයනා කියලා අක්කා කෙනෙක්. එදා ඒකෙන් ජයග‍්‍රහණය කළේ මම. ඉන්පසුව 2012 දී බ‍්‍රයන් කර්කෝවන් පැවැත්වූ නිරූපණ ශිල්පිනියන් සහභාගී වූ තරඟයකදී හොඳම නිරූපිකාව ලෙස තේරුණා. ඒ විදියට නිරූපණයෙන් ගමනක් එන අතරේ 2013 දී සංගීතා වීරරත්න මහත්මිය සහ සියත ප‍්‍රධානත්වයෙන් සංවිධානය වූ සියත මිස් ශ්‍රී ලංකා සහ මිස් වර්ල්ඞ් තරඟයේදී ශ්‍රී ලංකා රූ රැුජිණ ලෙස කිරුළ පැළඳියා. ඒ විදියට ආ ගමන තමයි මේ.

 

අසංකිගෙ ප‍්‍රධාන අරමුණ වුණේ?

රංගනයට සහ නිරූපණයට පාසල් සමයේ සිටම ආසා කළත්, ඒ කාලයේදී මේ ක්ෂේත‍්‍රයේ ගමනක් යාවි කියලා හිතුවෙ නැහැ. නිරූපණයට හිත තිබුණෙ නම් තේරෙන වයසේ ඉඳලාමයි. අනෙක් ළමුනට වඩා උස් වූ නිසා, මෙයා මොඩල් කරන්න තමයි හොඳ කියලා යාළුවෝ කතා වුණා. ෆැෂන් ඩිසයිනින් ගැන හිතුවා. එම අංශයේ රැුකියාවක් ගැන හිතුවත්, නිරූපණය ගැන නෙවෙයි හිතුවෙ.

 

අසංකිගෙ ගම?

රත්මලාන.

 

පවුලේ විස්තර ගැන කිව්වොත්?

අම්මයි තාත්තයි, අයියලා දෙන්නයි, මමයි.

 

අයියලා එකම නංගි නිසා තහංචි දාන්න ඇති නේද?

ඒක ලොකුවටම තිබුණු දෙයක්. මුල් කාලයේදී මේ ක්ෂේත‍්‍රයට එද්දී පවුලේ අය අතර ක්ෂේත‍්‍රය ගැන තිබුණෙ හොඳ ආකල්පයක් නෙවෙයි. අයියලා දෙන්නා මට එළියටවත් බහින්න දුන්නෙ නැහැ. හැබැයි අපේ තාත්තාට සමාජය ගැන තිබුණෙ ඊට වඩා යහපත් ආකල්පයක්. හරි කමක් නැහැ, ඔයා කැමති නම් ඒවාට යන්න. හැබැයි අම්මා එක්ක යන්න තාත්තා කිව්වෙ එහෙමයි. කොහොම වුණත් තාත්තා දුන්න අවසරය නිසා අයියලා දෙන්නා තරහත් වෙලා හිටියා. කාලයක් යද්දි ක්ෂේත‍්‍රය ගැන ඔක්කෝම අවබෝධ කරගත්තා. ඉන්පස්සෙ හැමෝම උදව් කළා.

 

අසංකි ගැන ලාංකීය සමාජය දැනගත්තෙ කොහොමද? මිනිසුන් අතරට ඔබගේ රුව සහ නම ගියේ කොහොමද?

නිරූපණයට ආවාට ඒ ක්ෂේත‍්‍රය ගැන දන්නෙ නගරාශ‍්‍රිත සීමිත කොටසක් විතරයි. ඒ අතරේදී චාමර පීරිස් අයියා නිර්මාණය කළ ‘ඇසිඞ්’ නාට්‍යයේ රඟපෑමට අවස්ථාවක් ලැබුණා. මගේ නමින් නොදන්නවා වුණත් එහි රඟපෑ ‘නිෂා’ චරිතය නිසා බොහෝදෙනෙක් අතරට යන්න ලැබුණා. ඉන්පසුව ඪඪෂඡු නාට්‍යයේ සහ බටහිර අහස නාට්‍යයේ රඟපෑවා. මේ නාට්‍ය ත‍්‍රිත්වයම කළේ චාමර පීරිස් අයියා. ඔහු එක්ක වැඩ කිරීම හරිම පහසුවක් ඉන්පසුව මට ඕනෑ කළේ ලොකු තිරයෙන් දකින්නයි. එදා ඇසිඞ් නාට්‍යයේ රඟපාද්දී චිත‍්‍රපටයක රඟපාන්න ලැබුණා. ඒත් මට ඒක එච්චර දැනුණෙ නැති නිසා ඊට දායක වුණේ නැහැ. මෑතකදි මට ලැබුණු හොඳම ආරාධනාව තමයි රෂ්.

 

ඇයි එහෙම කියන්නෙ?

හොඳ මට්ටමේ දෙයක් වෙනවා නම් අපි කවුරුත් කැමතියි. මහේෂ් මුණසිංහ මේ ගැන පැහැදිලි කළාම මේක ලස්සන වැඩක් තමයි කියලා මට හැඟුණ දෙයක්. රෂ් චිත‍්‍රපටයේ මගේ චරිතයේ නම පූජා. ඇය හරිම වැදගත්, අහිංසක තරුණියක්.

 

කොහොමද ඒ අත්දැකීම? ‘රෂ්’ චිත‍්‍රපටයේ රඟපෑම?

හරිම සුන්දර අත්දැකීමක්. වතාවක මෙහි ගීතයක් වෙනුවෙන් අපට මැලේසියා යන්න වුණා. හැබැයි සිංදුව සඳහා රූගත කිරීම් වලට දායක වීම හැර අපට රටවත් බලන්න බැරිවුණා. ඒ තරමටම ඒ කාලය අපි එම ගීතයේ රූගත කිරීම් වලට කැපවීම ඊට හේතුවයි.

 

ඔබ මෙහි රඟපාන්නෙ පෙම්වතියක ලෙසයි, ඒ අත්දැකීම ගැන කිව්වොත්?

රෂ් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා එයාට අවශ්‍ය රූප රාමුව එනතෙක් කොච්චර ප‍්‍රමාණයක් රූප රාමු කැමරාගත කළත් කමක් නැහැ කිව්වා. ඒකට එයා කවදාවත් බැනලා තිබුණෙ නැහැ. රෂ් චිත‍්‍රපටයේ මගේ රංගනය සාර්ථක නම් ඊට මූලික හේතුව අධ්‍යක්ෂවරයා මා කෙරෙහි තැබූ ඒ විශ්වාසයයි. ප‍්‍රවීනයින් වන උද්දික, සාරංග, යුරේනි, ඔක්කෝමලා මාත් එක්ක හරිම සුහද වීම නිසා ඒ පරිසරය මට ගෙනදුන්නෙ ලොකු පහසුවක්. උද්දික සහ සාරංග හරිම මිත‍්‍රශීලීයි වගේම හරිම විනෝදයෙන් තමයි කාලය ගත කළේ. උද්දික පෙම්වතා වෙද්දි මම බයේ හිටියෙ. එයා දක්ෂයෙක් නිසා. හැබැයි එයාලා මට ගොඩක් උදව් කළා.

 

රෂ් වලින් පසුව අසංකිගෙ වෙනත් රඟපෑම් ගැන සඳහන් කළොත්?

චන්න පෙරේරාගේ ‘යුගාත‍්‍රා’ චිත‍්‍රපටයේ රඟපෑවා.

 

අසංකිගෙ සැබෑ පේ‍්‍රමය මොන වගේද?

සැබෑ ජීවිතයේ මම පෙම්වතියක් නෙවෙයි.

 

මෙච්චර ලස්සන අසංකිට පෙම්වතෙක් නැහැ කීම බොරුවක්?

පුදුම වෙන්න දෙයක් නැහැ, ඒක තමයි ඇත්ත.

 

ආදරය කරලාම නැද්ද?

කලින් තිබුණා. දැන් පේ‍්‍රමයක් නැහැ.

 

පේ‍්‍රමය ආදරය දකින්නෙ මොන විදියටද?

ලස්සන පිවිතුරු දෙයක්. ඒත් අද කාලයේ බොහෝ දෙනා ඒ අරුත වටහාගෙන නෙවෙයි ආදරය කරන්නෙ. ආදරය ජීවිතයට අවශ්‍යයි. ජීවිතය ලස්සන වෙන්නෙ නිවැරදි කෙනා ලැබුණොත් විතරයි.

 

අසංකිට ප‍්‍රියංකා චොප්රා වගේ කියන්නෙ ඇයි?

සමහර විට මේක්අප් දාපු වෙලාවට ඒ වගේ පෙනෙන නිසාද දන්නෙ නැහැ. ප‍්‍රියංකා කියන්නෙ ඇත්තටම සුරූපිනියක්.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

2019-09-17-ent-895