'ඊතලය' රිදී තිරයට වැදෙනතුරු බලන් ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-07-23-ent-03

මේ ෂෙහානි ගැන රූපවාහිනී නරඹන වැඩි දෙනා කතා කරන්න පටන් ගත්තේ දෙරණ ස්ටාර් සිටි නිසයි. උදාරි පෙරේරා අක්කා සමග තරු සඳහා වෙන් වූ රියැලිටි තරගයකට එක් වූ ඇය ෂෙහානි පෙරේරාය.

 

අක්කා ගිය මඟ යන මේ නංගී කවුද?

ෂෙහානි ඔබ ගැන් විස්තර ටිකක් කියමු?2018-07-23-ent-01

මගේ වයස අවුරුදු 22 යි. අම්මයි තාත්තයි අක්කලා දෙදෙනයි. ලොකු අක්කා උදාරි. එයා ගුවන් සේවිකාවකව සිට දැන් රඟපාන බව කවුරුත් දන්නවනෙ. පොඩි අක්කත් ගුවන් සේවිකාවක්. මගේ අරමුණ වුණෙත් ගුවන් සේවිකාවක් වීමට.

 

එය මඟ හැරුණේ?

වතාවක ඊට අයදුම් කරන්න සූදානම්ව සිටියා. ඒත් ඇබෑර්තු තිබුණේ නැහැ. ඒ එක්කම මට රංගනයට ඒමට අවස්ථාව ලැබුණෙ?

 

කොහොමද රඟපෑමට අවස්ථාව ලැබුණෙ?

හර්ෂ උඩකන්ද මහතාගේ ෆේස් ටු ෆේස් චිත‍්‍රපටියේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට අවස්ථාව ලැබුණා. ෆේස් ටු ෆේස් චිත‍්‍රපටයේ රඟපෑමේ අවස්ථාව ලැබුණේ ඒ නිසයි. එය තිරගත වීමට නියමිතයි. ඒ එක්කම නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ ඊතලය චිත‍්‍රපටයේ රඟපෑවා. දැන් මේ චිත‍්‍රපට දෙක තිරගත වන තෙක් බලා සිටිනවා.

 

එතැනින් එහාට ආරාධනා ලැබුණේ නැද්ද?

තවත් නිර්මාණයකට ඇරයුම් ලැබුණා. ඒ ගැන විස්තර පසුවට.

 

චිත‍්‍රපට විතරද රඟපාන්නේ?

ටෙලිනාට්‍ය කීපයකටම ඇරයුම් ලැබුණා. හැබැයි චිත‍්‍රපට රූගත කිරීම්වලට සහභාගී වෙමින් සිටිය නිසා ඒවා මඟහැරුණා. ටෙලිනාට්‍ය ගැන පසුවට හිතලා බලනවා.

 

ෂෙහානි වඩා දක්ෂ මොනවටද?

නටන්න සහ රඟපෑමට කියලා හිතනවා. ටිකක් විතර සිංදු කියන්නත් පුළුවනි.

 

අක්කලා දෙන්න එක්ක එකතු වුණාම මොනවද කරන්නේ?

කුඩා කාලයේදී අපි තුන් දෙනා එකට එකතු වෙලා ඩාන්ස් කළා. උදාරි අක්කට තමයි හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. එයාට ඒක සහජයෙන්ම ආව දක්ෂතාවයක්. අපිත් එයාගෙන් තමයි නර්තනයට අඩිතාලම ලබාගත්තේ. පසු කාලෙක පවුලේ සහ ඥාතීන්ගේ පාටි උත්සවවලට ගියාම අපි තුන්දෙනා නර්තනය කළා. වෙලාවක් ලැබුණාම සංචාරවලට එක් වුණා.

 

තුන්දෙනාගෙන් කාට ද ගැයීමේ හැකියාව වඩා තිබෙන්නේ?

පොඩි අක්කාට.

 

අක්කා සහ නංගිලා අතර රහස් නැද්ද?

කිසිම රහසක් නැහැ. හැබැයි අක්කලා දෙන්නගෙන් අහන්නේ නැතුව මම මොනව හරි කළොත් ඒක වරදිනවා. ඒ නිසා එයලාගෙන් උපදෙස් අරගෙන තමයි කරන සෑම දෙයක්ම කරන්නේ.

 

ෂෙහානි ගැන අද කතාවන්නේ මොන විදියටද?

උදාරි අක්කා එක්ක ස්ටාර් සිටි නිසයි.

 

දැන් කෝ ඒ වැඩසටහනේ දකින්න නැත්තේ ඇයි? නටලා නටලා හති වැටුණද?

උදාරි අක්කට කලා කටයුතු නිසා නිතර විදෙස් ගතවන්න සිදු වුණා සමහර අවස්ථාවලදී. අපට ඒ නිසා පුහුණුවීම් කරන්නත් බැරි වුණා. අවසාන 12 ට ඇවිත් විනිශ්චයට අනුව අපිට ඉවත් වෙන්න සිදු වුණා.

 

මේ හැර ෂෙහානි වෙන මොනවද කරලා තියෙන්නේ.

මියුසික් වීඩියෝවලට වගේම වෙළඳ දැන්වීම් ගණනාවකට පෙනී සිටියා. වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියේ කුඩා කාලයේ ඉඳලමයි. රෙදි සෝදන සබන් වර්ගයක දැන්වීමට පෙනී සිටියේ මම හය වසරේ සිටියදීයි. එතැන් සිට අද දක්වා පෙනී සිටිනවා. ඊට අමතරව මේ දිනවල උමාරා සහ චිත‍්‍රාල්ගේ මලකුත් තිබුණා මියුසික් වීඩියෝවට පෙනී සිටිනවා. ඒක හරි ජනප‍්‍රියයි. චිත‍්‍රපට රංගනයට හර්ෂ උඩකන්ද මහතා මාව ගත්තෙත් ඒ නිසයි.

 

රඟපෑමට එන්න කියලා කිව්වේ උදාරි අක්කද?

ඇත්තමට නැහැ. ඒක අහම්බයක්. එදා මට ඇබෑර්තු තිබුණා නම් අද මම ගුවන් සේවිකාවක්. ඒ අරමුණ තිබියදී තමයි රඟපෑමට ආරාධනා ආවේ.

 

අද ගුවන් සේවිකා සිහිනය නැද්ද?

රඟපෑම අතරේ ඉදිරියේදී සමහර විට ආයෙත් මට ඒකට අවස්ථාවක් ඒවි කියලා හිතනවා.

 

පොඩි අක්කත් රඟපෑමට ඒවිද?

එයා ඒකට ලොකු කැමැත්තක් නැහැ. හැබැයි ඉතිහාස කතාවක රඟපෑමට ආසයි කියලා කියලා තියෙනවා. ඒත් එයා ඒක තීරණය කරාවි.

 

සටහන/ඡායාරූප-සඳුන් ගමගේ

 

2018-07-23-ent-02