මම මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන්න තමයි ඉගෙන ගන්නේ
ඉසුරි කියන්නේ නිරූපණ ක්ෂේත්රයට නවක ශිල්පිනියක්. විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින ඉසුරි නිරූපණ ක්ෂේත්රයෙන් වගේම රංගන ක්ෂේත්රය ඔස්සෙත් ඉදිරියට යෑමට බලාපොරොත්තුවක් දක්වනවා. ඉතින් ඉසුරිව සාරවිට කතාබහකට සම්බන්ධ කරගන්න අපි හිතුවේ ඒ නිසයි.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම ඉසුරි මිහිෂානි. මගේ පදිංචිය නුවර. ගිය වසරේදී උසස් පෙළ කරා. දැන් විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරෙම තමයි නිරූපණයට එකතු වෙන්න ලැබෙන්නෙත්. ක්ෂේත්රයේ වැඩ කරන්න පටන් අරගෙන දැන් මාස තුනක් වගේ වෙන්නේ.
ඇයි නිරූපණයට එකතු වෙන්න හිතුවේ?
මම පොඩි කාලේ ඉඳලාම ආශාවක් තිබුණා නිරූපිකාවක් වෙන්න. අවුරුදු පහ, හය කාලේ ඉඳලාම හිතේ තිබුණා. මම විශේෂයෙන් කැමති බ්‍රයිඩල් මොඩ්ලින් පැත්තට තමයි.
ක්ෂේත්රයේ දිගටම රැඳෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
ඔව්. මම ඉගෙනගන්න ගමන් නිරූපණ වැඩ කටයුතු කරන්න හිතාගෙන ඉන්නේ.
නිරූපණය ඔබේ අධ්‍යාපනයට බාධාවක් වුණොත්?
මම හිතනවා සමබරව වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. කැම්පස් පටන් ගත්තාම ලෙක්චර්ස් වලට හානියක් වෙන්නේ නැතුව වැඩ බාර ගන්නවා.
ඇයි බ්‍රයිඩ්ල් මොඩ්ලින් පැත්තට කැමති?
මම ආසයි සහ බ්‍රයිඩ්ල් පහසුයි. මගේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක සමබරව කරගෙන යන්න පුළුවන්.
කරපු නිර්මාණ ගැන කිව්වොත්?
ෆොටෝෂූට් කිහිපයක් කරලා තියෙනවා. විශාල වැඩ කොටසක් කරලා නැහැ. තවම අළුත්නේ.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඉස්සර නම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් දැන් විභාග ඉවර නිසා ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
රංගනයට එකතු වෙන්න කැමති නැද්ද?
ආසාවක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. තවම ආරාධනාවක් නම් ලැබිලා නැහැ. ඉදිරියට බලමු.
මේ ක්ෂේත්රය ගැන සමාජය වැරදි විදිහට බලන්නේ ඇයි?
ඇත්තටම මම ක්ෂේත්රයට අළුත් නිසා ලොකුවට මම ඒ ගැන කියන්න දන්නේ නැහැ. ඒත් තමන් හරියට ක්ෂේත්රයේ වැඩ කරන්න දන්නවා නම් ක්ෂේත්රය දිහා එළියේ අය වැරදියට බලන්නේ නැහැ. ගොඩක් අය නිරූපණය කියලා හිතන්නේ ඇඟ පේන ඇඳුම් අඳින එකනේ. ඒත් ඒක වැරදියි. ක්ෂේත්රය වැරදි විදිහට බලන්න ඒකත් එක හේතුවක්.
ඉසුරි ෆැෂන් කරන්න කැමති නැද්ද?
ෆැෂන් කරන්න කැමතියි. මම ෆැෂන් කරනවා. ඒත් ඇඟ පේන්න දේවල් කරන්නේ නැහැ. මට ගැලපෙන සරල ෆැෂන් වලට තමයි මම වැඩියෙන්ම කැමති.
අනාගත බලාපොරොත්තු මොනවාද?
මම මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන්න තමයි ඉගෙන ගන්නේ. ඒ වගේම නිරූපණය පැත්තෙනුත් පුළුවන් තරම් දුරක් යනවා.
උදව් කරන අය කවුද?
මගේ යාළුවෙක් ඉන්නවා භාග්‍යා කියලා. එයා තමයි මට ගොඩක්ම උදව් කරන්නේ. හැමදේම කියලා දුන්නේ එයා. ඊට අමතරව මගේ පවුලේ අය උදව් කරනවා. ළඟින්ම ඉන්නවා.
කැළුම් දේවින්ද