ඉන්න පුළුවන් කාලයක් ‍මේ ක්ෂේත‍්‍රය තුළ රැඳිලා ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-09-26-ent-17

විනෝදයට නිරූපණ කටයුතුවල නිරත වන දිලිනි පළිහවඩන සමගින්මෙවරිසාරවිට’ තරු කතාබහ ආරම්භ කරන්න අපිට බලාපොරොත්තු වුණෙමු. දැනට වසර කිහිපයක් තිස්සේ නිරූපණ කටයුතුවල නිරත වන දිලිනි වෘත්තියෙන්ිමල්යාය ෆ්ලෝරා’ ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙසද කටයුතු කරන්නීය. දිලිනි සිය නිරූපණ දිවියේ තොරතුරු අපිට මෙසේ පැවසුවෙමු.

 

දිලිනි නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ කොහොමද?

2016-09-26-ent-18පුංචි කාලේ ඉඳලා මගේ හීනේ වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත්, අහම්බෙන් තමයි නිරූපණ ක්ෂේත‍්‍රයට මට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ මීට අවුරුදු කිහිපයකට පෙරිමනාලියන් දැක්මක මනාලියක් ලෙස හැඩවෙලා. දැනට මම විවිධ විලාසිතා දැක්මවල්වලට වගේම, පුවත්පත්වල ඡුායාරූපවලට පෙනී ඉඳලා තියෙනවා.

 

ඒ කියන්නේ දිලිනි වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් නෙවෙයි?

නැහැ. නිරූපණ කටයුතුවලට මම යොමු වෙන්නේ විනෝදයට. කොටින්ම කිව්වොත් මේක මගේ විනෝදාංශයක්. මම දැනට රැුකියාවක් කරනවා. රැුකියාවෙන් ලැබෙන ඉඩ අනුව තමයි නිරූපණ කටයුතුවල නිරත වෙන්නේ.

 

දැනට කලා කටයුතුවලට ඔබ දායක වෙලා නැද්ද?

රංග මුදලිගේ ගායනා කළ ගීතයක රූප රචනාවක මම පෙනී හිටියා. එය නිර්මාණය කළේ සමීර සම්පත් හඳපානාගල. ඊට පස්සේ තිබුණ කාර්යබහුලත්වයත් එකක් එවැනි නිර්මාණවලට දායක වෙන්න බැරි වුණා. ආරාධනා නම් අදටත් මට ගොඩක් ලැබෙනවා. ඒ වගේම තමයි ලැබුණ සමහරක් ආරාධනා කළ නිර්මාණ ගොඩක් දුර ප‍්‍රදේශවල තමයි රූපගත කිරීම් කටයුතු සඳහා යොදා ගෙන තිබුණේ. ඉතින් මට කාර්යබහුලත්වයත් එක්ක ඒ වැඩවලට යොමු වෙන්න තියෙන අවස්ථාව අඩුයි.

 

ගුවන් සේවිකාවක් වෙන හීනය දැන් නැද්ද?

දැන් නැහැ. මොකද දැන් නියැළෙන වෘත්තිය ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම නිරූපිකාවක් විදිහටත් වැඩ කරන නිසා ගුවන් සේවිකාවක් වෙන හීනය මගෙන් දැන් දුරස් වෙලා තියෙන්නේ.

 

වෙළෙඳ දැන්වීම්වල ටෙලි නාට්‍යයවල රඟපාන්න ආස නැද්ද?

ආසායි. නමුත්, මම කැමතියි ඕනෑම දෙයක් භාර ගන්න කලින් ඒ පිළිබඳව හැදෑරීමක් කරන්න. දැන් මම ඒ පිළිබඳව හදාරනවා ඉදිරියට බලමු. දැනටත් එවැනි නිර්මාණවලට දායක වෙන්න කියලා මට ආරාධනා නම් ලැබෙනවා. ඒත්, මම පෙර සඳහන් කළාක් මෙන් මම කැමතියි ඒ ක්ෂේත‍්‍රයවලට යම් දැනුමක්, හැදෑරීමක් සමග දායක වෙන්න.

 

හැදෑරීමකින් පස්සේ ඔබ රංගනයට පැත්තට යොමු වෙයිද?

ඔව්, බොහෝ දුරට මා ඒ ක්ෂේත‍්‍රවල කටයුතු කරයි. ලැබෙන සුළු චරිතය වුණත් මම සතුටින් භාර ගන්නවා. මොකද, මම මේ ක්ෂේත‍්‍රයට එතකොට ඇවිල්ලා තියෙන්නේ හැදෑරීමක් සමග නිසා. හැදෑරීමකින් තොරව මේ ක්ෂේත‍්‍රවල රැුඳිලා කටයුතු කරන එක අපරාධයක්.

 

නිරූපණ ක්ෂේත‍්‍රය ගැන මොකද හිතෙන්නේ?

හොඳයි, හොඳින් හිටියොත් හොඳ ගමනක් යන්න පුළුවන් ක්ෂේත‍්‍රයක් විදිහට මම දකිනවා.

 

දිගටම නිරූපණ ක්ෂේත‍්‍රය තුළ රැුෙක්‍ෂන්නද කල්පනවා?

ඉන්න පුළුවන් කාලයක් ‍මේ ක්ෂේත‍්‍රය තුළ රැුඳිලා ඉන්නවා. කොහොමද අපේ ලස්සන තියෙනකම් තමයි මේ ක්ෂේත‍්‍රය තුළ රැුෙක්‍ෂන්න පුළුවන්. කොහොමත් මේක මගේිහොබි’ එක නේ.

 

උදව් කළ අය එහෙම ඉන්නවාද?

මගේ ඡායාරූප ගත්ත හැම ඡායාරූප ශිල්පියෙකුම මේ වෙලාවේදී මතක් කරනවා. ඒ හැම කෙනෙක්ම නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ඕනා හැටි මට කියලා දුන්නා. ඒ ඇරෙන්න මගේ අම්මා, තාත්තා සහ මගේ සැමියා මට ගොඩක් උදව් කළා මේ ක්ෂේත‍්‍රය තුළ රැඳිලා වැඩ කරන්න.

 

2016-09-26-ent-16
2016-09-26-ent-15
2016-09-26-ent-14
2016-09-26-ent-13