ඉදිරියේදී කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහසක් තිබෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-07-ent-98

දිල්හානි සරත්චන්ද්‍ර කියන්නෙ මෙවර මිසිස් ශ්‍රී ලංකා තරගයේ දෙවන ස්ථානය හිමි කරගත් ජයග්‍රාහිකාවයි. ඇය නර්තනයට වගේම නිරූපණයටත් දක්ෂතා දක්වන්නියක්. සාරවිට මේ කතා බහ ඇය සමගයි.

 

දිල්හානි ඔයා ගැන විස්තරයක් කළොත්?

2017-12-07-ent-92මම දිල්හානි සරත්චන්ද්‍ර. මම විවාහකයි. මට අවුරුදු පහක බබෙක් ඉන්නවා. මම සෞන්දාර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. මේ වනවිට මම නර්තන පාසලක් කරගෙන යනවා. ඊට අමතරව මම සැලෝන් එකකුත් කරගෙන යනවා.

 

ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධයිද?

නර්තන කටයුතු සිදු කරමින් ඉන්න අතරේ නිරූපණ ක්ෂේත්‍රයටත් ආරාධනා ලැබුණා. නමුත් ඒ ගැන මගේ වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් මිසිස් ශ්‍රී ලංකා පැජන්ට් එකෙන් පසුව දිගටම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න හිතාගෙන ඉන්නවා.

 

මෙවර මිසිස් ශ්‍රී ලංකා පැජන්ට් එකට සහභාගි වෙන්න හිතුවේ ඇයි?

මම වාසනා දන්තනාරායන මිස් ගැන මීට කලින් අහලා තිබුණා. ලංකාවේ හොඳ නමක් තිබෙන ඒ වගේම පිළිගැනීමක් තිබෙන පැජන්ට් එකක් නිසා මම එයට සහභාගී වුණා.

 

මිසිස් ශ්‍රී ලංකා තරගයෙන් ලැබූ අත්දැකීම් මොන වගේද?

ඇත්තටම අපි පැජන්ට් එකට එනවාට වැඩිය දැන් ලොකු වෙනසක් තිබෙනවා. අපේ පෞරුෂත්වය වර්ධනය කර ගන්න ලැබුණා. ප්‍රවීණ අයගේ දැනුම ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ තරගය ඔස්සේ හොඳ නමක් හදා ගන්න පුළුවන් වුණා. පැජන්ට් එක නිසා ලොකු දෙයක් අපිට ලැබුණා.

 

දිල්හානි කොහමද නර්තන කටයුතු, නිවසෙ කටයුතු වගේම ඔබේ ව්‍යාපාරික කටයුතු සමබරව සිදු කරගෙන යන්නේ?

මගේ නර්තන කණ්ඩායමේ වැඩත් කරන ගමන් සැලෝන් එකේ වැඩත් කරනවා. නමුත් සැලෝන් එකේ මගේ සහායට කෙනෙක් ඉන්නවා. නමුත් මේකප් සිදු කෙරෙන්නෙ මගේ අතින්මයි. මම කලින් ජාත්‍යන්තර පාසලක නර්තනය ඉගැන්නුවා. නමුත් මගේ නර්තන කණ්ඩායමේ වැඩයි, උපාධියේ වැඩ කටයුතුත් නිසා මම ඒ දෙයින් ඉවත් වුණා.

 

අද වෙද්දි බියුටි පැජන්ට් සහ බියුටි ක්වින්ස්ලා වැහිවැහැලා. ඒ ගැන දිල්හානිගෙ අදහස මොන වගේද?

මේ වෙද්දි බියුටි පැජන්ට් මාසෙන් මාසෙට වගේ තියෙනවා. ඒ නිසා ඒ වගේ තරගවලට සහභාගී වෙන්න කලින් ඒවා සංවිධානය කරන්නෙ කවුරුන්ද, ඒ පැජන්ට්වලට ඇති පිළිගැනීම මොන වගේද කියා මුලින් හොයලා බලන්න අවශ්‍යයි.

 

රංගනයට යොමු වෙන්න අදහසක් තිබෙනවාද?

මේ තරගයෙන් ජයග්‍රහණය ලැබීමත් සමග ගොඩක් ආරාධනා ලැබුණා. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් ඒ අවස්ථාව මඟ හරින්නෙ නැහැ.

 

කොහමද ලැබෙන සහයෝගය?

මට හොඳට උගන්නලා අද මේ ඉන්න තැනට මාව ගෙන ආවේ මගේ අම්මයි තාත්තායි. අම්මා තමා කලා කටයුතු වලට යන කොට මගේ හෙවනැල්ල වගේ හිටියෙ. ඒ වගේම මගේ අක්කා පාසල් යන කාලෙ ඉඳලාම හැමදේටම උදව් කලා. දැන් මගේ මහත්තයා මගේ හැමදේටම උදව් කරනවා. එයාගේ උදව් නැත්නම් මට අද මේ කිසි දෙයක් ලබා ගන්න බැහැ.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

ඉදිරියේදී කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට අදහසක් තිබෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නර්තනය පැත්තෙනුත් තව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආසාවක් තිබෙනවා නර්තනය වෙනුවෙන් අංගසම්පූර්ණ පාසලක් නිර්මාණය කරන්න. ඒ වගේම මගේ බබාගේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

සටහන / ඡයාරූප - සරසි නෙත්මිණි

 

2017-12-07-ent-91  2017-12-07-ent-97 2017-12-07-ent-96 2017-12-07-ent-95 2017-12-07-ent-94 2017-12-07-ent-93