‘‘ඉදිරියේදි නිතිඥවරියක් ලෙසින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා’’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200419Thilini-(3)ස්වර්ණවාහිනියේ නිවෙිදිකාවක් ලෙසින් කටයුතු කරන තිළිණි පෙරේරා මෙි වනවිට නිතිඥවරියක් ලෙසින්ද කටයුතු කරනු ලබයි. ඒ සමිබන්ධව සහ ඉදිරි කටයුතු සමිබන්ධව ඇය සමග කල සංවාද සටහනකි මෙි. 

මෙි දවස්වල වැඩකටයුතු කොහොමද?

මෙි දවස්වල සුපුරුදු ලෙස ස්වර්නවාහිනියේ ප‍්‍රවෘත්ති නිවෙිදිකාවක් ලෙසින් හා ‘‘අද දවස’’ උදැසන වැඩසටහන සහ ‘‘නාඩිය’’ දේශපාලන වැඩසටහනත් ඉදිරිපත් කරනවා. එත් එක්කම නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත් වුනා. මෙි වෙනකොට නීති ක්ෂේත‍්‍රයේ අත්දැකිමි හා පලපුරුද්ද ලබා ගැනිමට ජනාධිපති නිිතිඥ උපලි සේනාරත්න මහතා යටතේ හැදැරිමි සිදුකරනවා. ඉතින් ටිකක් කාර්ය්‍යබහුලයි.

ඔබ මාධ්‍ය ක්ෂේත‍්‍රයට යොමුවුනේ කොයි ආකාරයෙන්ද?

මගේ ගම හෝමාගම, මම පාසල් ගියේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයට, පාසල් කාලයේ නිවෙිදන කටයුතු වල නිරත වුනා. 8 වසරේ ඉද්දි රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ ළමා කුසලතා සංවර්ධන වැඩසටහනකට සමිබන්ධ වුනා. ඊට පසුව ටිවි ලංකා නාලිකාවෙි හා ටි.එන්.එල් නාලිකාවෙි  ළමා වැඩසටහන් දෙකකට මෙන්ම ජාතික රූපවාහිනියේ ළමා ප‍්‍රවෘත්ති නිවෙිදිකාවක් ලෙසින් කටයුතු කරන්න අවස්ථාව ලැබුනා, ඒ තුලින් ලොකු පන්නරයක් ලැබුනා. පසුව උසස් පෙළ සමත්වෙලා ඉන්නකොට තමයි ස්වර්ණවාහිනියට නිවෙිදිකාවන් ගන්නවා කියලා දැන්විමක් දැකලා එයට අයදුමි පතක් දාලා සමිමුඛ පරික්ෂණයට මුහුන දිලා ස්වර්ණවාහිනියට සමිබන්ධ වුනේ. දැනට  මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 10 ට වැඩි කාලයක් කටයුතු කරනවා.

වත්මන් නිවෙිදන ක්ෂේත‍්‍රය ඔබ දකින්නෙ කොයි ආකාරයෙන්ද?

කාලයත් එක්ක හැමෝම වෙනස් වෙනවා, ඒක මගේ ක්ෂේත‍්‍රයටත් අදාලයි. දැන් නිවෙිදන ක්ෂේත‍්‍රය කරන ගොඩක් අය ඉන්නවා. ඒ අතර හොද හඩක් හොද පෞරුෂයක්, වචන සහ දැනුම තියෙන අය නිවෙිදන ක්ෂේත‍්‍රයේ ඉහල තැනක තියන්න කටයුතු කරනවා. එවැනි අයට මෙි ක්ෂේත‍්‍රයේ පැවැත්මක් තියෙනවා කියලා මම විස්වාස කරනවා. 

අද සමාජ හා විද්්‍යුත් මාධ්‍ය අතර තරගකාරිත්වයක් ඇතිවෙලා තියෙනවා නේද? 

ඔවි කලින් තිබුනේ නාලිකා නාලිකා අතර ,එත් දැන් තවත් තරග කරුවෙක් එක්ක තරග කරන්න සිදධ වෙලා තියෙනවා, ඒ තමයි සමාජ මාධ්‍යය. අද වෙද්දි සමාජ මාධ්‍ය ප‍්‍රබලයි වගේම වෙිගවත්, විද්්‍යුත් මාධ්‍ය නාලිකා වලට කලින් සමාජ මාධ්‍ය ජනතාවට තොරතුරු දෙනවා, යමි යමි මත සමාජගත කරනවා. ඒ නිසා මෙි කාලයේ විද්්‍යුත් මාධ්‍යවල ප‍්‍රබලම තරගකරුවා බවට සමාජ මාධ්‍ය පත්වෙලා. නමුත් මෙතනදි විස්වාසනියත්වය පිළිබදව ගැටලූ ඇතිවෙනවා. එතනදි නිවැරදි තොරතුරු ලබාදිම විද්්‍යුත් හා මුදිත මාධ්‍ය වලට පැවරෙනවා. 

ඉදිරි වැඩකටයුතු පිළිබදවත් මතක් කළෝතින්?

ඉදිරියේදි නිතිඥවරියක් ලෙසින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් නිවෙිදන ක්ෂේත‍්‍රයෙන් ඉවත් වෙන්නෙ නැහැ. දෙකම සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. 
මෙි ගමනෙදි අමිමා, තාත්තා, අයියලා දෙන්නා, නිමන්ති අක්කා,  රත්නා කාන්ති, මාවරලගේ, හරෙන්ද්‍ර ජයලාල්, බුද්ධික අලවත්ත , ස්වර්ණවාහිනයේ හිටපු සහ වත්මන් කළමනාකාරිත්වය, පාසලේ නිති විද්‍යාලයේ ආචාර්්‍යවරු, යන මහත්ම මහත්මින් ඇතුලූ මගේ ගමනට සහයෝගය දිපු හැමෝටම ස්තුතියි කියන්න මෙික අවස්ථාවක් කරගන්නවා . 

ජායාරූප සහ සටහන මහේෂ් මලවර ආරචිචි

20200419Thilini-(1) 20200419Thilini-(2) 20200419Thilini-(4) 20200419Thilini-(5)