ඉදිරියට වැඩ ගොඩක් මගේ එන්න තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-06-ent-18

සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන 'පැහැසරා' ටෙලි නාට්‍යයේ 'උපමාලි' ලෙස රංගනයෙන් එක්වෙමින් ප්‍රේක්ෂක ආදරය දිනා සිටින තරින්දි ප්‍රනාන්දු මෙවර 'සාරවිට' තරු කතාබහට මෙසේ එක් කර ගතිමු. ඉදිරියේදී සිනමා රංගනයටද එක්වීමට සූදානමින් සිටින ඇය තවත් කලා නිර්මාණ කිහිපයක් තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවීමටද සූදානමින් සිටියි.

 

කොහොමද 'උපමාලි' චරිතයට ලැබෙන ප්‍රතිචාර?2018-02-06-ent-25

ගොඩක් ඉහළයි. ප්‍රේක්ෂකයෝ ගොඩදෙනෙක් මාව අඳුන ගත්තේ 'උපමාලි' කියන චරිතය හරහායි.

 

තරින්දිගේ පළමු රංගනය ද 'පැහැසරා' ටෙලියේ 'උපමාලි' කියන්නේ?

නැහැ. %පැහැසරා^ ටෙලියට සම්බන්ධ වෙන්න කලින් මම චිත්‍රපටයක රඟපෑවා %බරතලී^ කියලා. %බරතලී^ අධ්‍යක්ෂණය කළේ ධනුෂ්ක රේමන් අයියා. ඒ නිර්මාණයට මාව සම්බන්ධ කළේ චරිත අබේසිංහ අයියා. නමුත්, තාම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නැහැ.

 

තරින්දි මේ දවස්වල ටිකක් කාර්යබහුලයි?

ඔව්, ටෙලි නාට්‍ය දෙකක වැඩ කරගෙන යනවා මේ දවස්වල. එක ටෙලියක් තමයි නිශාන්ත වීරසිංහ මහත්මයාගේ %දංකුඩු බණ්ඩා^. එහි මා රංගනයේ යෙදෙන්නේ %කලණි^ කියන ගුරුවරියගේ චරිතයට. අනෙක් ටෙලිය තමයි සමන් කුමාර ලියනගේ මහත්මයාගේ %පිච්ච මල සුවඳයි^. 1900 වර්ෂයේ සිදුවන කතාවක් පාදක කරගනිමින් තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ. එහි මා නිරූපණය කරන්නේ %කුසුමලතා^ කියන චරිතය. ඒක ටිකක් නපුරු චරිතයක්.

 

මේ අතරෙ චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබුණද?

ඔව්, චිත්‍රපට දෙකක් සඳහා දැනට ආරාධනා ලැබී තියෙනවා. මම හිතන්නේ මේ චිත්‍රපට දෙකේම වැඩ ලබන වසරේ මුලදී පටන් ගනියි කියලයි.

 

ක්ෂේත්‍රයට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ නේද?

වසර එකහමාරක් විතර ඇති. නමුත්, මේ කෙටි කාලය තුළ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න මට පුළුවන් වුණා. %පැහැසරා^ ටෙලි නාට්‍යය හැරෙන්න මා ගොඩක් වෙළෙඳ දැන්විම්වලින් දකින්න පුළුවන් වුණා.

 

'උපමාලි' චරිත කරන කොට ඔබ ක්ෂේත්‍රයට අලුත් බවක් පේන්නේ නැහැ?

ඔව්, ඒකට හේතුව තමයි රඟපාන්න තිබුණ මගේ හැකියාව. පාසල් කාලයේ ඉඳලා මම කලාව පැත්තට ගොඩක් ආස කරපු කෙනෙක්. ඒ තිබුණ ආසවත් එක්ක ඉබේම වගේ මගේ රංගන හැකියාව පිහිටලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි %පැහසරා^ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මහත්මයාගේ ඉඳලා %පැහැසරා^ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණ හැම රංගන ශිල්පි, ශිල්පිනියක්ම මට ලබාදුන්න සහාය. ඒ නිසා %උපමාලි^ චරිතයට මට හොඳ සාධාරණයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා.

 

වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වෙන්නද අදහස?

නැහැ. රංගනය කියන දේ මම කරන්නේ මම ඒකට ගොඩක් ආස නිසා. මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් මම රඟපාන්නේ නැහැ. දැනට මම රැකියාවක් කරනවා. ඊට අමතරව ඉදිරියේදී ව්‍යාපාරයක් කරන්නත් සැලසුම් කරමින් ඉන්නවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒක භාරගෙන කරනවා ඇරෙන්න ලොකුවට ඒ පස්සේ දුවන්නේ නැහැ.

 

බුද්ධික සේනාධීර

 

2018-02-06-ent-17  2018-02-06-ent-19 2018-02-06-ent-20 2018-02-06-ent-21 2018-02-06-ent-22 2018-02-06-ent-23 2018-02-06-ent-24