ඉක්මන් ගමනක් මට ඇත්තේම නැහැ
සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ ‘උපමාලි’ චරිතය හරහා රසික ආදරය දිනාගත් තරින්දි ප්‍රනාන්දු සමගින් අද ‘සාරවිට’ තරු කතාබහ සමග මෙළෙස අපි සමග සම්බන්ධ වුණේමු. මේ දිනවල රූපවාහිනි නාළිකා කිහිපයකම විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයකම දකින තරින්දි ඉදිරියේදී සිනමා නිර්මාණ කිහිපයක් තුළින්ද රසික ඔබ හමුවීමට පැමිණීමට සූදානමින් සිටින්නීය.
මේ දිනවල ඔබ ටෙලි නිර්මාණ කිහිපයකම අපි දකිනවා?
ඔව්, ‘පැහැසරා’ ටෙලි නාට්‍යය නම් දැන් අවසන්. ‘පැහැසරා’ අවසන් වෙනවත් එක්කම වගේ මට අවස්ථාවක් ලැබුණා &සිරස* නාළිකාවෙම විකාශය වෙන ‘දංකුඩු බණ්ඩා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒ ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. ඊට අමතරව &සියත* රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘නේත්‍රා’ කියලා තව ටෙලි නාට්‍යයක මම රඟපානවා. ඒ වගේම තමයි දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘දෝනා කතිරිනා’ නාට්‍යයෙත් මම රඟපානවා. මේ ටෙලි නාට්‍යය දෙකට අමතරව සුදත් දේවප්‍රිය අයියාගේ හා සුදත්ත තිලකසිරි අයියාගේ නාට්‍යය දෙකක වැඩ මේ දවස්වල සිදුකෙරෙනවා.
‘උපමාලි’ චරිතයට තාමත් ප්‍රතිචාර ලැබෙනවද?
ඔව්, මේ දිනවල මම ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් අතරට ගියත්, තාමත් ප්‍රේක්ෂකයෝ මාව දන්නේ ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ ‘උපමාලි’ විදියට. ගොඩක් සතුටු වෙනවා පළමු ටෙලි චරිතයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න ලැබුණ එක ගැන. දැන් විකාශය වෙන චරිත ගැන කියනවා නම්, ඒ චරිත තුන එකිනෙකට වෙනස් චරිත තුනක්. ‘දංකුඩු බණ්ඩා’ ටෙලි නාට්‍යයේ ‘පුංචි ටීචර්’, ‘දෝන කතරිනා’ ටෙලි නාට්‍යයේ ‘දෝන කතරිනා’ගේ අක්කා, ‘නේතා’ ටෙලි නාට්‍යයේ ‘සුබ්රදා’ මේ චරිත තාමත් ප්‍රේක්ෂකයන්ට අලුත්. මම හිතනවා ඉදිරියේ දී ‘උපමාලි’ චරිතයට ලැබුණ ප්‍රතිචාර හා සමාන ප්‍රතිචාර මේ චරිතවලටත් ලැබෙයි කියලා.
‘පැහැසරා’ හි ‘උපමාලි’ කියන ඔබේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි?
ඇත්තටම මමත් එහෙම හිතනවා. මොකද, මගේ රංගන ජීවිතේ අලුත්ම මාවතක් විවෘත කරලා දුන්නා ඒ හරහා. අනිවාර්යයෙන්ම මගේ ස්තුතිය එය අධ්‍යක්ෂණය කළ සඳුන් රාජකරුණා අයියාටයි, නිෂ්පාදක ලලිත් වසන්න අයියාට පුදිකළ යුතුයි. මොකද, ඔවුන් දෙදෙනා තමයි මාව මේ චරිතයට තෝර ගත්තේ, මේ චරිතයට මාව තෝරගන්න කියලා ‘නිල්වලා’ ආයතනයට යෝජනා කළ උදයකුමාරි අක්කවත් මේ වෙලාවේදි විශේෂයෙන්ම මතක් කරන්න ඕන.
තරින්දිට ලැබුණු මේ ටෙලි නිර්මාණ කිහිප තුළ වුණත්, රඟපාන්න ලැබුණේ එකිනෙකට වෙනස් චරිත?
ඔව්, ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද, අද කාලේ අලුත් නළුනිළියන්ව බොහෝ නිර්මාණකරුවන් එකම චරිතයකට සීමා කරනවා. නමුත්, මට එහෙම වුණේ නැහැ. ‘උපමාලි’ කියන චරිතය අහිසංක පෙම්වතියක්. ‘නේත්‍රා’ එකේ ‘සුබ්රදා’ කියන්නේ ආඩම්බරකාර වළව් පැලැන්තියේ මහන්තත්කම තියන කෙනෙක්. ‘දංකුඩු බණ්ඩා’ ටෙලි නාට්‍යයේ ‘අලුත් ටීචර්’ කියන්නේ ළමයිගේ ලෝකයේ, ළමයි එක්ක විනෝදවන දඟකාර ටීචර් කෙනෙක්. ‘දෝන කතිරිනා’ කියන්නේ රජ පවුලක කුමාරිකාවක්. ටෙලි නාට්‍යය නරඹන කොට මම හිතනවා මේ කරපු හැම චරිතයකටම මගේ උපරිම දායකත්වය ලබාදීලා තියෙනවා කියලා. මම කැමැතියි විවිධ චරිත කරන්න. එතකොට තමයි අපේ දක්ෂතා වුණත් මතුවෙන්නේ.
ඔබ ක්ෂේත්රයට ආවේ මෑතකදී. නමුත්, ලැබෙන නිර්මාණත් එක්ක ඉක්මන් ගමනක් යන බව පේනවා?
ඉක්මන් ගමනක් ඇත්තටම නැහැ. මොකද, ‘පැහැසරා’ ටෙලි නාට්‍යය විතරයි මම ක්ෂේත්රයට ඇවිල්ලා ගත කරපු මුල් මාස 18 තුළ සිදු කළේ. ‘පැහැසරා’ රඟපාන කොට වුණත් මට බොහෝ නිර්මාණවලට කතා කළා. හැබැයි මම ඒවා භාර ගත්තේ නැහැ. මොකද ක්ෂේත්රය තුළ මට ගොඩක් අත්දැකීම් නැති නිසා. අනික ‘පැහැසරා’ කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍යය. ‘උපමාලී’ කියන චරිතයට සියයට සියයක් දායකත්වයක් දෙන්න ඕන නිසා මම කිසිම නිර්මාණයක් ඒ අතරතුර භාරගත්තේ නැහැ. දැන් මට ක්ෂේත්රය තුළ අත්දැකීම් තියෙනවා. ඒ නිසයි මම නිර්මාණ කිහිපයකට එකවර දායක වෙන්න තීරණය කළේ.