ඇඳුම් ගන්න ගොඩක් වෙලාවට මම යන්නේ තනියම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2488

ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියන් අතර නිතරම සිටින රුක්ෂානා දිසානායක මේ දිනවලද ටෙලිනාට්‍ය කිහිපයකම දකින්නට ලැබේ. විලාසිතාවලට දැඩි කැමැත්තක් දක්වන රුක්ෂානා %සාරවිට^ අපි සමගින් සමග සිය කැමතිම විලාසිතා පිළිබඳව මෙසේ කතා බහා කළේමු.

 

විලාසිතාවලට ඔබේ තියෙන කැමැත්ත කොහොමද?

විලාසිතා විදිහට වැඩිපුර කරන්නේ ඉතින් ඇඳුම් පැළඳුම් තමයි. ලස්සනට ඉන්න කවුරුත් කැමතියිනේ. මාත් එහෙමයි. ඒ හින්දා මට ගැළපෙන හා ලස්සන විලාසිතා මම කරනවා.2019-12-18-ent-2492

 

විලාසිතාවලට කොපමණ වියදම් කරනවාද?

එහෙම ගාණක් කියලා හරියටම කියන්න බැහැ. ලස්සන ඇඳුමක් දැක්කොත් ඒක මිලදී ගන්නවා එක පාරටම ගිහින් ඇඳුම් ගොඩක් මිලදී ගන්නේ නැති නිසා. විලාසිතාවලට කොපමණ වියදම් කරනවාද කියලා හරියටම කියන්න බැහැ.

 

ගන්න ඇඳුම් කොපමණ කල් අඳිනවද?

ඇඳුම් පරණ වුණා කියලා මම විසි කරන්නේ නැහැ. මොකද, අපේ වෘත්තියත් එක්ක ඕනෑම ඇඳුමක් අපිට උවමනා වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම දුප්පත් තරුණියකගේ චරිතයක් නිරූපණය කරනවා කියලා. ඉතින් ඒ වෙලාවට මට පුළුවන් මගේ පරණ ඇඳුම් පාවිච්චි කරන්න.

 

ඇඳුමක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද? නැත්නම් එහි වටිනාකමද?

ඇඳුමක් ගනිද්දි මම මුලින්ම බලන්නේ ඒ ඇඳුම මට ගැළපෙනවාද කියන එක. අනික තමයි ඇඳුම ගන්නේ මම මොන අවස්ථාවට අඳින්නද කියන එක. ඒ ටික ගැළපෙනවා නම් මම ඒ ඇඳුම මිලඳී ගන්නවා.

 

නිතර ඇඳුම් ගන්න යන තැනක් තියෙනවාද?

ඔව්. කොල්ලුපිටියේ Zig Zag නිමි ඇඳුම් විකුණන ආයතනයට තමයි මම ගොඩක් වෙලාවට ඇඳුම් ගන්න යන්නේ. ගොඩක් ලස්සන ඇඳුම් ඒ ආයතනයේ තියෙනවා.

 

ඇඳුම් ගන්න යන්නේ කාත් එක්කද?

බොහෝ වෙලාවට තනියම තමයි. එතකොට ඇඳුමක් තෝර ගන්නත් ලේසියි. පිරිසක් එක්ක ගියාම ඇඳුමක් තෝරගන්න අමාරුයි. තනියම ගිහින් අඳුමක් ගනිද්දි හොඳම දේ ගන්න තියෙන අවස්ථාව වැඩියි.

 

යාළුවෝ සමග ඇඳුම් විලාසිතා ගැන කතා කරනවාද?

ඔව්. ගොඩක් වෙලාවට ඉතින් අපි කට්ටිය එකතු වුණාම කතා කරන්නේ ඔය දේවල්නේ. අලුත් ඇඳුමක් කවුරුහරි ඇඳගෙන ආවාම ඉතින් ඒ ගැනම තමයි කට්ටියත් එක්ක කතා කරන්නේ.

 

අඳින්න වැඩියෙන්ම කැමැති ඇඳුම මොකක්ද?

සැහැල්ලු ඇඳුම් අඳින්න තමයි මම ගොඩක් වෙලාවට කැමති. බොහෝ වෙලාවට සාමාන්‍ය ගමන් බිමන් යන්න මම ඩෙනිමට ටී ෂර්ට් එකක් අඳිනවා. උත්සවයකට වගේ යනවා නම් ඒ තැනට ගැළපෙන එකක් අඳිනවා.

 

බුද්ධික සේනාධීර

 

 2019-12-18-ent-2489 2019-12-18-ent-2490 2019-12-18-ent-2491