ඇත්තටම නිරූපිකාවක් වෙන හීනය මට තිබුණේ අද ඊයේ නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-03-ent-54
 

මෙවර ‘සාරවිට’ තරු කතා බහ දිග හැරෙන්නේ නිරූපිකා මධුෂිකා ලක්මාලි සමගය. නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වුවද මධුෂිකා මේ වනවිට දායක වී ඇති කලා නිර්මාණ ප්‍රමාණය බොහෝය. නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් සිටින ඇය සිය අලුත්ම තොරතුරු අපිට මෙසේ පැවසුවේය.

 

මධුෂිකා නිරූපණයට අලුත්ද?2018-10-03-ent-58

නැහැ. අවුරුදු 2ක් විතර වෙනවා. මුලින්ම 2016 වසරේදී තමයි මම නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ. දැන්නම් ගොඩක් කට්ටිය මාව අඳුනනවා.

 

දායක වුණ කලා නිර්මාණ?

දැනටනම්, පොටෝ ෂුට්, ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ සහ වෙළඳ දැන්වීම් වගේ දේවල් වලට දායක වෙලා තියෙනවා. ක්ෂේත්‍රයට අලුත් නිසා ගොඩක් වෙලාවට අපිට කතා කරන්නේ පොටෝ ෂුට්වලට තමයි.

 

ඔබ නිරූපිකාවක් නොවුණා නම්?

ඇත්තටම නිරූපිකාවක් වෙන හීනය මට තිබුණේ අද ඊයේ නෙමෙයි. නිරූපණය ගැන තෙරේන කාලේ ඉඳලා. ඉතින් ඇත්තටම සතුටුයි මම කැමති වුණ ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණ එක ගැන.

 

නිරූපිකාවකට සමාජයේ අද තියෙන පිළිගැනිම කොහොමද?

සමාජ ජාලා වල පිළිගැනීම හොඳයි. මොකද, පොටෝ ෂුට් එකක් කළාම ඕනෑම කෙනෙක් අද නිරූපිකාවක් වෙන නිසා. නමුත්, සමාජය තුළ නිරූපිකාවට තියෙන පිළිගැනීම ගැන මත තියනවා. ඇත්තටම, මම දන්න විදිහට නිරූපිකාවෝ කියන්නෙ අද මුහුණු පොතෙහි සහ ඉන්ස්ටග්‍රෑම් වලයි ප්‍රසිද්ධ වෙන්න දඟලන අයට. හැබැයි මම එහෙම කෙනෙක් නෙමෙයි. එහෙම වෙන්න මට අවශ්‍යතාවයකුත් නැහැ.

 

අලුත් පරපුර ගැන මොකද හිතෙන්නේ?

හම සුදු උනානම් ඇති නිරූපිකාවක් වෙන්න පුළුවන් කියලා හිතන කට්ටිය ගොඩක් අද ඉන්නවා. ඒ අය ක්ෂේත්‍රයට ඇවිල්ලා හරි ඉක්මණට ආපු වේගටත් වඩා ඉක්මණින් ඉවත් වෙලත් යනවා. ඒ අතරින් වෘත්තීය මට්ටමින් ඉදිරියට ඇවිත් ක්ෂේත්‍රය තුළ රැදිලා ඉන්නේ අතලොස්සයි.

 

ඉදිරිය?

හොඳ නිර්මාණ වලට පමණක් දායක වෙනවා. ඒ වගේම කලා කටයුතුවල වැඩිපුර දායක වෙලා ඒ හරහා ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ලොකුම දේ තමයි ගෞරවයට හානියක් නොවන විදිහට ආත්ම ගරුත්වය රැකෙගෙන මේ කලාවේ රැදී ඉදිරියටම යන එක.

 

බුද්ධික සේනාධීර

 

2018-10-03-ent-53  2018-10-03-ent-55 2018-10-03-ent-57