ඇඟ පෙන්නලා නිරූපිකාවක් වෙන්න බැහැ
නීතිඥවරියක වීමේ සිහින තිබූ ඇය මේ වනවිට රංගන ක්ෂේත්රය තුළ සහ නිරූපණ ක්ෂේත්රය තුළ බොහෝ දෙනෙකු හඳුනන චරිතයකි. ඇය නමින් අෂී දෙව්මිණි. ඇයගේ කලා කටයුතු සඳහා ඉදිරි වැඩකටයුතු පිළිබඳව අපත් සමග කතාබහ කිරීමට මෙලෙස එක්විය.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
නම අෂී දෙව්මිණි. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි.
දැනට මියුසික් වීඩියෝ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා. ඊට අමතරව චිත්‍රපට කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා.
කොයි කාලේද ක්ෂේත්රයට එක්වෙන්නේ?
දැනට ටික කාලයක් වෙනවා. හැබැයි මම මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා පොඩි පොඩි වැඩ සඳහා දායක වුණා. ඊට පස්සේ ක්ෂේත්රයෙන් කාලයක් ඈත් වෙලා නැවතත් ළඟදී තමයි එකතු වුණේ.
රංගනයට අවස්ථාව ලැබුණේ කොහොමද?
එකත් අහම්බයක් තමයි. මම ක්ලාස් යද්දී තමයි ඒ අවස්ථාව ලැබුණේ. මුලින්ම මට අවස්ථාවක් ලැබුණේ ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ අවුරුදු නාට්‍යයක් සඳහායි.
මුලින්ම රංගනයෙන් එකතු වුණු චිත්‍රපටය ගැන කිව්වොත්?
මුලින්ම රංගනයට අවස්ථාව ලැබුණේ සුරංග අල්විස්ගේ ‘රජහොරු‘ චිත්‍රපටයි.
මේ දවස්වල විශේෂ වැඩක් සඳහා දායක වෙලා නේද?
ඔව්, මම මේ දවස් වල ‘බෙස්ට් මොඩ්ල්’ පැජන්ට් එක සඳහා දායක වෙලා තියෙනවා.
පැජන්ට් එකක් නිරූපිකාවකට වැදගත් වෙන්නේ ඇයි?
ඇත්තටම පැජන්ට් එකක් තුළින් දක්ෂතා තියෙන නිරූපිකාවන් ගොඩක් බිහිවීමේ අවස්ථා තියෙනවා. ඉතිං ඒ අයට ඒ තුළින් ඉදිරියට යාමට හෝ ජයග්‍රහණය කිරීමට බොහෝ අවස්ථා තියෙනවා. කෙනෙක්ගේ ගමන සඳහා පැජන්ට් එකක් ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.
අනෙකුත් වැඩ මොනවාද?
නිර්මාණ සඳහා නම් ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යයක වැඩකටයුතු කරගෙන යනවා.
වෘත්තීය වශයෙන් නිරූපිකාවක්ද?
නැහැ. මම මේක දැනට සාමාන්‍ය වශයෙන් නිරූපණය කරන්නේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. හරි විදිහට හොඳ නිරූපිකාවක් වෙන්න බලාපොරොත්තුව තමයි තියෙන්නේ.
ෆේස්බුක් ඉන්න දැන් හැමෝම නිරූපිකාවන්ද?
එහෙම නැහැ. සමාජ වෙබ් අඩවි භාවිත කරලා ගොඩක් අය අද ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. එහෙම කියලා ෆේස්බුක් ඉන්න හැමෝම නිරූපිකාවන් වෙන්නේ නැහැ.
අඩ නිරුවත කලාවක් කියලා ඇතැම් නිරූපිකාවන් තමන්ගේ ඡායාරූප ෆේස්බුක් එකේ දානවා. ඒක හරිද? වැරදිද?
ඒක කලාවක් වෙන්නේ නැහැ. ඒක මම නම් අනුමත කරන්නේ නැහැ. නිරූපිකාවක් වුණාම යම් කිසි නිෂ්පාදනයක්, එක්කෝ ඇඳුමක් වගේ දෙයක් තමයි අපි එළියට දෙන්නේ. නිරුවත දෙන්න ඕනේ කියලා නැහැ. ඇඟ පෙන්නලා නිරූපිකාවක් වෙන්න බැහැ. ඒවා ටික කාලයයි.
මේ කාරණා නිසා නිරූපණය එපා වෙලා නැද්ද?
එපා වෙනවා. ගොඩක් අය කරන දේවල් නිසා අපිට බලපෑම් එනවා. ඒ අය නිසා හරියට වැඩක් කරන අයටත් වැඩක් කරන්න බැහැ. හැමෝම එක මිම්මෙන් මනින්න ගන්නවානේ. ඒක අපිට හරි කරදරයක්. නිරූපිකාවන් කියලා හිතාගෙන ඉන්න අය කරන මේ වැඩ අපිට මාර කරදරයක් වෙලා ඉවරයි. අද ගොඩක් ඡායාරූප ශිල්පීන් කතාකරන්නේ, එක්කෝ හොට් ෂූට්, නැත්නම් කොටට ඇඳලා. ඒ පිරිසක් කරන දේවල් නිසා හැමෝටම හානියක් වෙලා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මේ දිනවලනම් වැඩ කරන්නේ පැජන්ට් එක වෙනුවෙන්. අදහසක් තියෙනවා හොඳ රංගන ශිල්පිනියක් වෙන්න තමයි.
Dilan Chryshantha