ආස හිතුණ ඇඳුම් කාටත් දෙන්නේ නැහැ
මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින නයෝමි තක්ෂිලා වර්තමානයේ කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. විලාසිතාවලටද ප්‍රිය කරන්නියක්ද වන නයෝමි අප සමගින් මෙවර %සාරවිට^ අප සමග එක් වෙමින් ඇය සිය කැමතිම ඇඳුම් විලාසිතා පිළිබඳව කතා බහ කළා.
විලාසිතාවලට නයෝමිගේ තියෙන කැමැත්ත කොයි වගේද?
විලාසිතා කිව්වාම අද ගොඩක් විලාසිතා වර්ග තියෙනවා නේ. මම ගොඩක් වෙලාවට විලාසිතාවක් විදිහට කරන්නේ ඇඳුම් පැළඳුම් තමයි.
සාමාන්‍යයෙන් මාසයකට ඇඳුම්වලට කොපමණ වියදමක් යනවද?
එහෙම ප්‍රමාණයක් කියලා නැහැ. අවස්ථාව අනුව තමයි. ඇඳුම් ගොඩක් ගන්න මාස තියෙනවා. සමහර මාසවල එක ඇඳුමක්වත් ගන්නේ නැති අවස්ථාත් තියෙනවා.
මිළඳි ගන්න ඇඳුමක් කොපමණ කාලයක් අඳිනවාද?
තත්ත්වයෙන් හොඳ ඇඳුමක් ගත්තොත් ඉතින් කාලයක් අඳින්න පුළුවන් නේ. රූපවාහිනි වැඩසටහනකට හරි වෙනත් කුමන හෝ වැඩසටහනකට ගියාම නම් ඒ ඇඳුම ආයෙත් අඳින්න බැහැනේ. ගොඩක් වෙලාවට ඒ ඇඳුම් ගෙදර අඳින්න පාවිච්චි කරනවා.
අඳින්න බැරි ඇඳුම් දෙන්නේ කාටද?
මගේ හිතට වැදුණ ඇඳුමක් තිබුණොත් නම් අඳින්න බැරිවුණත් මම ඒක කාටවත් දෙන්නේ නැහැ ලෝබකමට තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මගේ හිතවත්ම යාළුවොන්ට නෑදැවෙන සහෝදරියන්ට දෙනවා. සමහර වෙලාවට ඒ අයත් එක්ක මම මගේ ඇඳුම් මාරු කරගන්නවා.
ඇඳුමක් මිළඳි ගනිද්දි වැඩිපුරම බලන්නේ මිළඳ නැත්නම් එහි තත්ත්වයද?
මිළ හෝ තත්ත්වය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ලස්සනයි කියලා හිතෙනවා නම්. මම ඒ ඇඳුම ඇඳලා බලද්දි මට හොඳට ගැළපෙනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඒ ඇඳුම ගන්නවා.
නිතර අඳුම් ගන්න යන තැන් තියෙනවාද?
එහෙම නැහැ. මට තැන නම් අදාල නැහැ. මම කළින් කිව්වා වගේ මට ලස්සනයි කියලා හිතෙන ඇඳුම පාරේ අයිනක තියෙන කඩේකද නැත්නම් හොඳ නමක් තියෙන තත්ත්වයෙන් උසස් කඩේකද කියන එක පිළිබඳව මට ගැටළුවක් නැහැ. මම ඒ ඇඳුම මිළඳි ගෙන අඳිනවා.
ඇදුම් මිළඳි ගන්න යන්නේ තනියමද? නැත්නම් යාළුවොත් එක්කද?
ගොඩක් වෙලාවට යාළුවෝ දෙතුන් දෙනෙක් අඬගහගෙන තමයි මම ඇඳුම් ගන්න යන්නේ. මොකද, මම තනියම දෙයක් තෝරනවාට වඩා යාළුවොත් එක්ක ගිහින් ඇඳුමක් තෝරන කොට බොහෝ වෙලාවට හොඳම දේ ලැබෙනවා. ඇත්තටම මම යමක් මිළඳි ගන්න යනවා නම් යන්නේ යාළුවොත් එක්ක තමයි.
ඔවුන් එක්ක නිතරම විලාසිතා ගැන කතා කරනවාද?
අපෝ ඔව්, මගේ යාළුවෝ ඔක්කොම් විලාසිතාවලට කැමති අය. ඒ හින්දා අපි නිතරම විවිධ විලාසිතා ගැන නිතරම කතා කරනවා. බොහෝ වෙලාවට සාප්පු සවාරියේ යන්නෙත් අපි කට්ටිය එකට තමයි.
වැඩියෙන්ම අඳින්න කැමති ඇඳුම මොකක්ද?
අවස්ථාව අනුව අඳින ඇඳුම වෙනස් වෙනවා. බොහෝ වෙලාවට මම කැමතියි සැහැල්ලු ඇඳුම් අඳින්න. ඒ කියන්නේ ටි ෂර්ට් එකට ඩෙනිමක් වගේ අඳින්න. ඒකට ගැළපෙන සැහැල්ලු පවාහන් දෙකක් දාන්න මම කැමතියි.
බුද්ධික සේනාධීර