ආයෙත් නම් ‘ටැටූ’ එකක් අඳින්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-104

බොහෝ පිරිසක් ආදරය කරන යොවුන් කලා ශිල්පිනියක් ලෙස රුක්ෂානා දිසානායක හඳුන්වාදීමට පුළුවන. මෙවර රුක්ෂානා ‘සාරවිට’ අප සමග කතා බහ කරන්නේ ඇය මෑතකදී කළ ‘ටැටූ’ විලාසිතාවක් පිළිබඳවය.2019-12-18-ent-107

 

‘ටැටූ’ එකක් අඳින්න හිතුවේ ඇයි?

කාලයක් තිස්සේ තිබුණ පොඩි ආසාවක් තමයි ‘ටැටූ’ එකක් අඳින එක. නමුත්, ගෙදර අය කොහොම ප්‍රතිචාර දක්වයිද කියන බය තිබුණ නිසා ඇන්ඳේ නැහැ. මෑතකදී තමයි මේ ‘ටැටූ’ එක ඇන්ඳේ.

 

‘ටැටූ’ එක ඇන්දාට පස්සේ ගෙදරින් බලපෑමක් ඇති වුණේ නැද්ද?

අම්මාගෙන් නම් තිබුණා. නමුත්, මගේ තිබුණ ආසාවක් නිසා පස්සේ ගෙදර අය කැමැති වුණා. ‘ටැටූ’ එක ගහපු තැන වැඩිය ප්‍රදර්ශනය වෙන්නෙත් නැති නිසා ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ.

 

ඇඳපු ‘ටැටූ’ එකේ අර්ථයක් තියෙනවාද?

අර්ථයක් නම් නැහැ. ‘හද ගැස්ම’ එක්ක හදවතක් තමයි ඇන්ඳේ. පිටේ දකුණු පැත්තේ තමයි මේ ‘ටැටූ’ එක මම ඇඳලා තියෙන්නේ.

 

තව ‘ටැටූ’ එකක් අඳින්න අදහසක් නැද්ද ඔබගේ?

අපෝ නැහැ. මේ ‘ටැටූ’ එක හොඳටම ඇති. මට පොඩි බයකුත් තියෙනවා මගේ වෘත්තියට මෙය බාධාවක් වෙයිද කියල. නමුත්, මේක වැඩිපුර පෙන්නේ නැති තැනක තියෙන නිසා ගැටලුවක් වෙන එකක් නැහැ.

 

‘ටැටූ’ එකක් අඳිනවා කියන දෙයින් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

මම දකින විදිහට ‘ටැටූ’ එකක් කියන්නේ කලාවක් වගේම විලාසිතාවක්.

 

තරුණියක් ‘ටැටූ’ එකක් ඇන්ඳාම සමාජය බලන්නේ වැරැදි කෝණයකින් නේද?

මම නම් හිතන්නේ ඒක නම් හණමිටි අදහසක් කියලා. කෙනෙක්ගේ ක්‍රියා කලාපයක් හෝ කෙනෙක්ගේ ප්‍රතිරූපයක් මනින්න බැහැ ‘ටැටූ’ එකක් තුළින්. හැබැයි මම නම් ‘ටැටූ’ එකක් ඇන්ඳේ අත්හදා බැලීමක් කරන්න ඕනා නිසා.

 

පෙන්නේ නැති තැනක ‘ටැටූ’ එකක් ගැහුවේ ඇයි?

ස්කිනියක්, බ්ලවුස් එකක් ඇන්ඳාම ඇඳපු ‘ටැටූ’ එක පේනවා. ගොඩක් අය දැකලා තියෙනවා මගේ ‘ටැටූ’ එක. වෘත්තියට බාධාවක් වෙයිද කියන ගැටලුව නිසා තමයි මම ‘ටැටූ’ එක පිටේ ඇන්ඳේ.. හැබැයි මම ‘ටැටූ’ එක කළේ ඒක බලලා ලස්සනයිද කියලා අහගන්න නෙමෙයි. මගේ පෞද්ගලික ආසාවක් පිරිමසා ගන්න විතරයි.

 

රුක්ෂානාගේ යාළුවෝ ‘ටැටූ’ විලාසිතා කරලා නැද්ද?

ගොඩක් මගේ යාළුවෝ ‘ටැටූ’ කරලා තියෙනවා. ඒ දැකලා තමයි මටත් ආසාවක් ඇති වුණේ ‘ටැටූ’ එකක් කරන්න.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - දුලීත ශ්‍රීනාත්

 

 2019-12-18-ent-105 2019-12-18-ent-106