ආපු ගමන ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-01

ජාතික රූපවාහිනිය විසින් සංවිධානය කළ 2019 "අවුරුදු කුමරිය" තරගයේ තෙවැනි ස්ථානය දිනාගන්නට සමත් වූයේ ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් තුළින් නිතර දුටු වගීෂා ඉෂාන්තිය. දක්ෂ යොවුන් නිරූපණ ශිල්පිනියක්ද වන ඇය සිය ජයග්‍රහණය හා ඉදිරි කලා කටයුතු ගැන %සාරවිට^ අපිට දැක්වුයේ මෙවැනි අදහසකි.

 

"අවුරුදු කුමරිය" කිරූළක් ඔබට හිමි වුණා?2019-05-06-ent-02

ඔව්, ජාතික රූපවාහිනිය හා නවලිය පුවත්පත විසින් සංවිධානය කළ ජාතික රූපවාහිනි %අවුරුදු කුමරිය^ තරගයෙන් මට තුන්වැනි ස්ථානය හිමි වුණා. ඇත්තටම ඒ ජයග්‍රහණය මට ගොඩක්ම වැදගත් එකක්. පසුගිය වසරේදිත් මම %අවුරුදු කුමරිය^ තරගයට ඉදිරිපත් වුණා. නමුත්, එහිදි මට පුළුවන් වුණේ අවසන් තරගකාරියන් අතරට එන්න විතරයි.

 

මේ කිරූළ හිමිවිමත් එක්ක ලැබෙන වැඩ අධිකද?

එහෙම ලොකුවට නැහැ. තරගයට පෙර භාරගත්ත වැඩ කටයුතු කරගෙන යනවා. %අවුරුදු කුමරිය^ වීමත් හරහා බොහෝ පිරිසක් මාව අඳුනගෙන තියෙනවා. ඒ හරහාත් වැඩ ටිකක් ලැබුණා. සුපුරුදු පරිදි ගීත රූප රචනාවලට වගේම %බ්‍රයිඩ්ල්^ නිරූපණ කටයුතු සඳහා මේ දිනවල සම්බන්ධ වෙමින් ඉන්නවා.

 

නිරූපණයට? රංගනයටද? ඔබ වඩා කැමති?

නිරූපණයට. මොකද, මම මේ ක්ෂේත්‍රයට ආවේ ඒ ක්ෂේත්‍රය හරහා. නිරූපණයට වැඩිය කැමතියි කිව්වාට රඟපාන්න අවස්ථාවක් ආවොත් ඒ ගැනත් හිතලා බලනවා. කොහොමත් මම ඉදිරියට ටෙලි නිර්මාණ හරහා දකින්නත් පුළුවන් වේවි.

 

ක්ෂේත්‍රය ගැන ආපහු හැරි බැලිමක් කරන කොට?

ඇත්තටම, මම මේ ක්ෂේත්‍රයේ ආපු ගමන් මඟ ගැන ආපසු හැරිලා බැලුවොත්. ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. නිරූපිකාවක් විදිහට මට ගොඩක් දේවල් ලැබුණා. විශේෂයෙන්ම යම් පිරිසකගේ ආදරය දිනාගන්නත් මට මේ හරහා අවස්ථාව ලැබුණා.

 

ඉදිරි ඉලක්ක මොනවද?

දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න. ඒ වගේම නිරූපණයට වගේම රංගනයටත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් හොඳ කලාත්මක වැඩවලට විතරක් වැඩිපුර අවධානය යොමු කරනවා.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - දුලිත ශ්‍රිනාත්