ආධුනික අපට කලාව කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-691

'ඉබ්බා හෙමින් ගියා කියලා ජීවිතේ පැරදුනේ නෑනේ' ඒ වගේම මගේ ගමනත් මම යන්නේ හෙමින් 

- හෙලනිකා චමෝදනී -


අද 'සාරවිට.lk' පිටුව හැඩ කරන්න අපත් සමග කතාබහට එකතු වුනේ කලාවට නවක තරුවක් වන හෙලනිකා චමෝදනී. ඇය රංගනයට, නිරූපණයට වගේම විටෙක ඡායාරූපකරණයටත් හැකියාවක දක්වනවා. ඇගේ තොරතුරු දැනගන්න අප ඇය හා දොඩමලු වුනා.

 

මට ඔයාගෙ ගැන විස්තර ටිකක් කියන්නකො,2019-09-17-ent-693

මම හෙලනිකා චමෝදනි බණ්ඩාරගොඩ. මම ඉන්නෙ කැලණියෙ. මගේ තාත්තා නම් අපි අතරින් වෙන්වෙලා දැන් අවුරුද්දයි මාස 8ක් විතර වෙනවා. මාත් එක්ක මගේ අම්මා, අයියා අක්කා ඉන්නවා.

 

හෙලනිකා ඇයි කලා කටයුතුවලට සම්බන්ධවෙන්න හිතුවේ?

ජීවිතය කියන්නේ හරි පුදුම ගමනක්. මම කලාවට එන්නේ කලාවට වෙනසක් කරන්න හිතාගෙන.

 

වෙනසක් කිව්වේ?

වෙනස් ඇහැකින් ලස්සන නිර්මාණ එකතුවක්. මොඩලින් කිව්වොත් හොට් විදියටම කරන්න ඕනෙ නෑනේ ලස්සන විදියට කරන්න පුළුවන්. ඒ වගේම මියුසික් වීඩියෝ කරද්දිත් ලස්සන අදහස්වලට නිර්මාණයන් කරන්න පුළුවන්.

 

හිතපු විදියට වෙනසක් කරන්න ලැබුනද?

තවම මම හිතන් ඉන්න විදියෙ නිර්මාණ කරන්න ලැබුනෙ නැහැ.මම තවමත් කලාවට ආධුනිකයි කිව්වොත් නිවැරදියි. මගේ ගමන මම හෙමින් යනවා. මොකද ඉබ්බා හෙමින් ගියා කියලා ජීවිතෙ පැරදුනේ නෑනේ.

 

ඒ කියන්නෙ ඔබ කලා නිර්මාණ කටයුතුවලට දායක වෙලා නැතිද?

දායක වෙලා තියෙනවා. නමුත් හිතපු විදියෙ වෙනසක් කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ මම ආධුනික නිසා ලැබෙන චරිතය කරන්න වෙනවානේ.

 

ඉතිං මොනවද ඔබ දායක වුන නිර්මාණ?

ක්‍රිස්ටි ශෙල්ටන් මහත්මයාගේ 'මතුසම්බන්ධයි' ටෙලි නාට්‍යයට සම්බන්ධවුණා. මියුසික් වීඩියෝ කිහිපයක් සඳහාත් දායක වුණා. දැනට තවත් ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. ඊට අමතරව ජාතික යොවුන් සේනාංකය තුළ තිබූ වාර්ෂික කලා උළෙලේ හොඳම නිළිය සහ හොඳම නාට්‍ය පිටපත් රචනාවට විශිෂ්ඨ ජයක් ලැබිලා තියෙනවා.

 

ඔබ රංගනය පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවාද?

ඔව්, මම පාසල් කාලයේදී කලාව විශයක් විදියට හැදෑරුවා. ඊට අමතරව සුගත් සමරකෝන් මහත්මයා ළඟ ඉගෙන ගත්තා.

 

නවකයන්ට ප්‍රවීණයන්ගෙන් සහයෝගයක් ලැබෙනවාද?

ම්ම්..ආධුනික අපට කලාව කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ප්‍රවීණයන් නම් හරිම ලේසියෙන් තමන්ගේ කටයුතුවල නිරත වෙනවා. ඒ ප්‍රවීණයන්ගෙන් අපට හොඳ සහයෝගයක් ලැබෙනවා.

 

පවුලේ අයගෙන් තියෙන්නේ මොනවගේ ප්‍රතිචාරයක්ද?

ගෑණු ළමයෙක් නිසා වගේම පවුලේ බාලයාත් නිසා ගෙදර අයගෙන් තිබුණ බලපෑම වැඩියි. හැබැයි කාලයත් එක්ක හැමෝම මම ගැන තේරුම් ගත්ත නිසා ඔවුන් දැන් දැන් මගෙ වැඩකටයුතුවලට සහයෝගය දෙනවා.

 

මේ ගමනේදී ඔබට මතක් කළ යුතු පිරිසක් ඇති?

අනිවාර්යෙන්ම ඉන්නවා, පළමුවෙන් මගේ දෙමව්පියන් අක්කා සහ අයියා මතක් කරන්න ඕනේ, ඊළඟට මගෙ ආදරණීය සැමියා, ඒ වගේම මට ගොඩක් උපකාර කළා ගිතේන්ද්‍ර ලියනගේ මහත්මයා, ඒවගේම සුගත් සර් මතක් කළ යුතුයි. ඒ අය වගේම මතක් කළ නොකළ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි.

 

සටහන - දිනිත් කණිෂ්ක

 

 2019-09-17-ent-692