ආදරයෙදී මම උදාසීනයි...
2016 ජනවාරි මාසයේදී ගීත නිර්මාණයක් එළි දැක්වුවා. Jinna සමඟ යුග ගායනයක්. "අනිමිසයක්" තමයි ගීතයේ නම. දැනට YouTube හරහා ගීතයට සවන්දෙන්න පුළුවන්. Ringtones download කරන්නත් පුළුවන්.
නම?
ඉගෙන ගත්ත පාසැල?
මියුසියස් විද්‍යාලය, කොළඹ 7.
පාසලේදී කලා කටයුතුවලට සහභාගී වුණාද?
ඔව්. පාසලේ කලා කටයුතු බොහොමයකට සම්බන්ධ වුණා. කලාව සම්බන්ධයෙන් මුල් අඩිතාලම වැටුණෙ එහිදී කිව්වොත් නිවැරදියි. සිංහල, ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම හොඳ පුහුණුවක් ලැබුණා.
කොහොමද ලැබුණු අත්දැකීම්?
අන්තර් පාසැල් මට්ටමෙන් විශිෂ්ට ජයග්‍රහණ බොහොමයක් ලබන්න පුළුවන් වුණා.
ගෙදරින් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?
ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් අම්මාගෙන්.
ප්‍රසිද්ධ කලා ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්නේ කොහොමද? කොයි කාලෙද?
මොකක්ද නිර්මාණය, කොහොමද ලැබුණු ඒ අත්දැකීම? ප්‍රසිද්ධ වේදිකාවට මුලින්ම සම්බන්ධ වෙන්නෙ 2009 දී. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. Silent Hands නාට්‍ය කණ්ඩායම විසින් කරපු Move Over Mrs Markham කියන හාස්‍යෝත්පාදක නාට්‍යය තමයි ඒ. ඉන්පස්සේ විවිධ නාට්‍ය කණ්ඩායම් සමඟ ඉංග්‍රීසි වේදිකාවේ නාට්‍ය ගණනාවකටම සම්බන්ධ වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන Workshop Players නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් Jerome De Silva අධ්‍යක්ෂණය කළ Tennessee Williams ගේ A Streetcar Named Desire එහි Blanche ගේ චරිතයයි මම කළේ. ඒ 2013 දී. ඒ වගේම 2014 දී StageLight and Magic නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් Sashane Perera අධ්‍යක්ෂණය කළ Jean-Paul Sartre ගේ Men Without Shadows ගේ භූමිකාවත් වේදිකා රංගන ජීවිතයේ සංධිස්ථානයක්.
ඊට අමතරව 2012 දී ආනන්ද අබේනායකගේ "අප්පච්චි" හරහා ටෙලිනාට්‍යවලටත්, 2013 දී චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ (ඉදිරියේදී තිරගත වීමට නියමිත) According To Mathew ඉංග්‍රීසි චිත්‍රපටය හරහාත් සිනමාවට සම්බන්ධ වුණා.
රංගනය ගැන ඔබ හැදෑරීමක් කරනවද?
ලැබෙන හැම අවස්ථාවකදීම රංගනයට පෙර සූදානමක් විදිහට හැදෑරීමක් කරනවා. ඒ වගේම ඒ රංගන අත්දැකීමේ පසු විපරමක් විදිහටත් හැදෑරීමක් කරනවා. රංගනය සඳහා වූ පුහුණු සැසිය වැඩමුළු ගණනාවකටත් සහභාගි වී තිබෙනවා.
කොහොමද චරිත තෝරාගන්නේ
පිටපතට මූලිකත්වයක් දෙමින්, තවත් කාරණා කීපයක්ම සළකා බලා තමයි වැඩක් භාර ගන්නේ.
ඔබ වේදිකාවට සම්බන්ධ කෙනෙක් නේද? වඩාත් කැමති වේදිකාවටද? පුංචි තිරයටද, සිනමාවටද?
මාධ්‍ය තුනේම ප්‍රිය කරන කාරණා තියෙනවා. රංගන ශිල්පිනියක් විදිහට අංශ තුනෙන්ම ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව. මුල් ආරම්භය වේදිකාවේ නිසා, ඒ ගැන විශේෂ ඇල්මක් තියෙනවා.
සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණද? ආරධනා ලැබිලා තියෙනවද?
According To Mathew වලට පස්සේ කෙටි චිත්‍රපට කීපයකටම දායක වුණා. ඊට අමතරව මේ අවුරැද්දේ මාර්තු මාසයේ රෑපගත කෙරැණු (දැන් post-production) සුමති සිවමෝහන් ගේ Sons and Fathers සිංහල චිත්‍රපටියටත් දායක වුණා.
ඔබ සංගීතයටත් දක්ෂතා ඇති කෙනෙක්. ඒ පැත්තෙන් අලුත් දේවල් කරන්නේ නැද්ද?
2016 ජනවාරි මාසයේදී ගීත නිර්මාණයක් එළි දැක්වුවා. Jinna සමඟ යුග ගායනයක්. "අනිමිසයක්" තමයි ගීතයේ නම. දැනට YouTube හරහා ගීතයට සවන්දෙන්න පුළුවන්. Ringtones download කරන්නත් පුළුවන්. ඊට අමතරව ගීත ගායනා කීපයකටම ආරාධනා ලැබුණත්, කාල වේලාව අඩුකම නිසා කල් දමමින් ඉන්නවා. නමුත්, කාශ්‍යප කුරැප්පුආරච්ච?, ි, නාලක එස්. ජයසිංහ සහ රෑනි සමඟ කෙරෙන ගීතයක නිර්මාණය ළඟදීම සිදුවේවි.
ඔබේ වෘත්තිය රංගනයද?
ඔව්. කලින් යෙදී සිටි වෘත්තියෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව රංගන ශිල්පිනියක් සහ හඬ කිරීමි ශිල්පිනියක් ලෙස 2012 සිට කටයුතු කරනවා. කට කතා ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ? ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ නෑ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණ අයත් එක්ක ඔබ රඟපාන්නේ. ඒ අය එක්ක වැඩ කිරීමට ලැබීම ගැන අදහස?
ඒ අයගේ රංග පෞරුෂයෙන්, අත්දැකීම් වලින් උපරිම වශයෙන් ඉගෙන ගන්න උත්සාහ කරනවා.
ආදරය ගැන මොකද හිතෙන්නේ? දැන් පෙම්වතියක්ද?
මොනවගේ කෙනෙක්ද හොයන්නේ? කලා ක්ෂේත්‍රයේම කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත්? ආදරය ගැන උදාසීනත්වයක් තියෙන්නේ. පෙම්වතියක් නෙමෙයි. ඒ නිසා සම්මතයක් විදිහට සියලුම යෝජනා ප්‍රතික්ෂේප කරනවා.
ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වන "බැද්දේ කුලවමිය" (ඉරිදා රාත්‍රී 8.30) ටෙලිනාට්‍යයේ ෂෙරීන් ගේ චරිතය නිරූපණය කරනවා. රූගත කිරීම් අවසන් කළ චිත්‍රපට දෙකම නුදුරේදීම තිරගත වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍යය &නැතුව බැරි මිනිහෙක්* හරහා සිංහල වේදිකාවටත් එකතු වෙනවා. ප්‍රථම දර්ශනය සැප්. 2-3, ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකාගත වෙන්නට නියමිතයි.
අනාගත බලාපොරොත්තු මොනවද?
ගීත ගායනය හරහාත්, ගුවන්විදුලිය හරහාත්, වෙනස් ආරක අලුත්ම නිර්මාණ කීපයකටම සූදානම් වෙනවා. රංගනයෙන් සුවිශේෂ ශිල්පියෙක් විදිහට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම දක්ෂතා පෙන්වමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
අනූෂා රණසිංහ සේයාරූ | ඡායාරූප - සුමුදු හේවාපතිරණ