ආදරය සුන්දරයි කියන්නෙ කවුද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1588

මෙයාගෙ නම සුදීක්ෂා සමාධි. හැබැයි, එහෙම කියනවාට වඩා ”හේලී” නාට්‍යයේ ”නතාෂා” කිව්වොත් තමයි වඩා හොඳ. මේ දිනවල බොහෝ දෙනා ඇය ගැන කතා වන්නේ ඒ නිසයි. ”සුදීක්ෂා සමාධි” ශිල්පිනිය ක්ෂේත‍්‍රයට ඊයේ පෙරේදා ආ කෙනෙක් නම් නොවෙයි. ළමා වියේ සිටම රංගනයට හා කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණව සිටින ශිල්පිනියකි.

”මම ෆීල්ඞ් එකට එනකොට වගේ වයස අවුරුදු 12ක් විතර ඇති. සිරසෙ ”රන්සිත්යාය” ළමා වැඩසටහන ඔස්සේ පැමිණි තවත් කෙනෙක් කිව්වොත් හරි. ඒ වැඩසටහන හරහා ක්ෂේත‍්‍රයට ආ ශිල්පීන් ගණනාවක් සිටිනවා. මාධව විජේසිංහ, වොල්ගා කල්පනී, දුතික, ධනුක සහ සචිනි වගේ අද ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙක් සිටිනවා. මාත් ”රන්සිත්යායේ” ප‍්‍රතිඵලයක් මේ විදියට කියන සුදීක්ෂා සමාධි අද ”ඔබ නිසා” නාට්‍යයේ සංජය මුරමුදලි සමග සඳැල්ල කතාබහට එක්වූයේ මෙලෙසිනි.

 

සුදීක්ෂා සමාධි, ඒ නම් දෙකින් වඩා කැමති?

යාළුවෝ නම් කියන්නේ සමාධි කියලයි. ඒත් මම නම් සුදීක්ෂා සමාධි කියන නම් දෙකටම කැමතියි.2019-12-18-ent-1589

 

සුදීක්ෂා ගැන හැඳින්වීමක් කළොත්?

මම ඉගෙන ගත්තෙ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්. ඒ කාලයේ ඉඳලාම රංගනයට හරිම ආස කළා. අම්මා තමයි මාව මේ ක්ෂේත‍්‍රයට යොමු කළේ. පාසල් සමයේදී මමම ලියලා මමම අධ්‍යක්ෂණය කළ නාට්‍යයක් සමස්ත ලංකා අවසන් තරගයට පවා තේරුණා. එහිදී හොඳම අධ්‍යක්ෂණයට සහ දෙවැනි ස්ථානය ලැබුණෙ මගේ නාට්‍යයට. ඒ ජයග‍්‍රහණය මේ ගමන පටන් ගන්න ලොකු හයියක් වුණා. ඉන්පසුව තමයි ටෙලිනාට්‍යය ක්ෂේත‍්‍රයට ආවෙ. මුලින්ම රඟපෑවෙ ශාන්ත සොයිසා මහතාගේ ”වරාමලී” නාට්‍යයේ. ඒක සුළු චරිතයක්. ඉන්පසුව ”අංකල් සෑම්, ළබැඳියේ, නිසල සඳ ඔබ, පැහැසරා, වස්සානයේ පේ‍්‍රමය, මොණර කඩදාසි, කළු අරලිය සහ මෝදර බඹරු ඇතුළු නාට්‍ය කීපයකම රඟපෑවා.

 

ඉන් වඩාත් කතාබහට ලක් වූ චරිතය මොකක්ද?

”මෝදර බඹරු” රඟපෑවෙ ප‍්‍රධාන චරිතයක්. මගේ දක්ෂතා උපරිමයෙන් පෙන්වන්න ලැබුණු නාට්‍යයක් ඒක. ඒ වගේම වස්සානේ පේ‍්‍රමය ”සැන්ඩ‍්‍රා” ලෙස රඟපෑ චරිතය ගැනත් බොහෝ දෙනා කතා කළා. අද බොහෝ දෙනා කතාවන්නේ ”හේලී” නිසා.

 

රංගනය නොකළා නම්?

මම රැකියාව කරන්නේ සංචාරක ක්ෂේත‍්‍රයේ පුද්ගලික ආයතනයක. ඊට අමතරව ‘චැනල්-ක්‍ ’ එකේ නිවේදිකාවක ලෙසත් කටයුතු කරනවා.

 

සුදීක්ෂාගේ කොණ්ඩය ගැන බොහෝ දෙනා ගැන කතාවෙනවා නේද?

ඇත්තම කිව්වොත්, මට මගේ කොණ්ඩය කියන්නේ දෙවියන් දුන් තෑග්ගක්. මේ මගේ ස්වභාවික කොණ්ඩය. මේ ලස්සන කොණ්ඩය මට ස්වභාවයෙන් ලැබුණු විශිෂ්ඨ තෑග්ගක්.

 

සුදීක්ෂා ‘ආදරය’ ගැන කොහොමද හිතන්නේ?

බොහෝ දෙනෙක් කියන්නේ නම් ආදරය සුන්දරයි කියලයි. ඒත් ආදරය කියන්නේ හරිම දුෂ්කර දෙයක්. කැපකිරීම, පරිත්‍යාගය, ඉවසීම මේ සියල්ල සමග බැඳී තියෙන සංකලනයක්.

 

ආදරයේදී ඔබ කොහොම කෙනෙක්ද?

ආදරණීය චරිතයක්.

 

මේ තාක් ඔබ දුටු ආදරණීයම යුවළ කවුද?

මෙතෙක් මා දුටු ආදරණීයම යුවළ වන්නේ අපේ අම්මයි තාත්තයි. මම උපන්දා සිට ඒ දෙන්නා ආදරය බෙදා හදාගන්නා හැටි, දෙදෙනාට දෙදෙනා ගෞරව කරන හැටි සියලූ දේ මම දැක්කා. ඒ දෙන්නා සැබෑ ආදරවන්තයින්.

 

පවුලේ ඔබ විතරද?

මායි, මල්ලියි. මල්ලි ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියෙක්.

 

අම්මයි තාත්තයි මල්ලිට ද වැඩිපුර ආදරය කරන්නේ?

ඇත්තම කිව්වොත් ඔය ප‍්‍රශ්නය මට එදා ඉඳලාම තියෙන දෙයක්. අදටත් තියෙන දෙයක්. අපේ අම්මටයි තාත්තටයි විසඳන්න බැරි එකම ප‍්‍රශ්නය ඒක.

 

ආදරේ නිසා සුදීක්ෂා සමාධි වන ඔබ විරහව විඳලා තියෙනවාද?

ඇත්තම කිව්වොත් මම තරම් විරහව අත්විඳපු කෙනෙක් තවත් නැතුව ඇති. සුපර් බූට් කාපු කෙනෙක් කිව්වොත් හරි.

 

සිත්ගත් ආදරණීය ගීතය?

වරදත්ත අරවින්ද ගයන ‘මට ආරාධනාවක් කළාදෝ’.

 


සංජය මුරමුදලි.


 

සංජය ඔබ මේ දිනවල දුෂ්ඨයෙක්?

ඔව්. රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක අයියගේ ‘ඔබ නිසා’ නාට්‍යයේ මම දුෂ්ඨයෙක්. ඒකෙ නම චාලක.

 

ආදරයේදීත් දුෂ්ඨයෙක් ද?

අපෝ නැහැ. හරිම සුන්දර කෙනෙක්.

 

ඔබ ආදරය කරන පෙම්වතියට තව කෙනෙක් ආදරය කරනවා නම්?

අන්න ඒ වගේ අවස්ථාවලදී දුෂ්ඨ වෙන්න ඉඩ තියෙනවා.

 

කොහොමද දැන් සංජයගේ පේ‍්‍රමය?

අදාළ කාලයට අදාළ දේ සිද්ධ වේවි. ඒ ගැන කතා කරන්න තව කල් තියෙනවා.

 

සංජයත් විරහව විඳලා තියෙනවද?

පාසල් ගිය කාලයේදී ජීවිතයේ අවබෝධයක් නැතුව කළ සමහර දේ නිසා ඉල්ලගෙන කාපු බූට් තියෙනවා. අවශ්‍ය දේ අවශ්‍ය කාලයට නොකර අනවශ්‍ය දේ කරන්න ගියාම එහෙම වෙනවා. ඒ නිසා පාසල් කාලයේදී හොඳම දේ හොඳට ඉගෙන ගන්න එකයි.

 

සංජය මෙතෙක් දුටු ආදරණීයම චරිතය?

ආදරයේ උල්පත වූ අපේ අම්මා.

 

පෙම්වතිය කිව්වොත් සංජයට ආදරණීය ගීතයක් ගයන්න කියලා.

හොඳම දේ කට පියාගෙන ඉන්න එක. මොකද මගේ කටහඬ එච්චරටම සුදුසු නැහැ. ගීත ගයන්නත් බැහැ. එයා ඉදිරියේ ගීත ගයන්න ගියොත් ඒ පේ‍්‍රමයත් නැති වේවි.

 

පෙම්වතියන් කීදෙනෙක් ඉඳලා තියෙනවද?

දෙතුන් දෙනෙක්.

 

නුවර නේද ගම?

ඔව්.

 

නුවර මැණිකෙ කෙනෙක්ද සොයන්නේ?

හිතාගෙන ඉන්නේ නම් එහෙමයි.

 

සුදීක්ෂා හඳුනන්නේ කොහොමද?

අපි වසර තුනක විතර පෙර සිට නාට්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කරනවා. ”තෝඩු” නාට්‍යයේ ගර්ල් සහ බෝයි වුණේ අපි දෙන්නා. ඉන්පසුව ”ඔබ නිසා” නාට්‍යයේ මුල් කොටස්වලදිත් කපල් එකක් විදියට රඟපෑවා. ඇත්තටම එයා හොඳ මිතුරියක්.

 

ආදරයේදී ඔබ දුටු සුන්දර චරිතය?

ඒ මමම තමයි.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ