ආදරය සුන්දරයි යෝජනා එමටයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-157

ඉතා කෙටි කාලයක් ඇතුළතදී නාට්‍ය කීපයකම එකවර රඟපෑමට ලැබෙන්නේ කලාතුරකිනි. කාවින්ද්‍යා දුල්ෂානි ඒ වාසනාව ලද යෞවනයේ රංගන ශිල්පිනියක වන්නීය. ඇයට මේ විදියට රංගනයේ මාවත විවර වූයේ 2015 ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමත් සමගය.

”එදා ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය සඳහා ඉදිරිපත්ව සිටි අවසන් 12 දෙනාගේ තිර පරීක්ෂණයක් කළා. විමංසා නාට්‍යයේ ප‍්‍රධාන චරිතයට තෝරා ගැනීම වෙනුවෙන් එය කළේ. ඒ දොළොස්දෙනා අතරින් එදා විමංසා චරිතයට තේරුණේ මම.” එහෙම කියන කාවින්ද්‍යා දුල්ෂානි සියතේ සඳඑළිය, ස්වාධීන රූපවාහිනියේ මුතුමලී, සිරස පැහැසරා, ස්වාධීන රූපවාහිනියෙ කොන්කළ දෝණි, දෙරණෙ සිඳු, හිරු සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමග ආලින්දයට පැමිණෙන මොහොතක සඳැල්ල හැඩකළේ මෙලෙසිනි.

 

කාවින්ද්‍යා කියන්න ද? දුල්ෂානි කියන්න ද?2019-03-11-ent-159

කාවින්ද්‍යා කියලා තමයි හැමෝම කියන්නෙ.

 

එදා ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය නොවූවා නම්? රඟපෑමට නොඑන්න තිබුණ ද?

එහෙමම කියන්න බැහැ. එහි අන්තිම 12 දෙනා තිර පරීක්ෂණයට තෝරා ගත්තා. ඒ විදියට තමයි විමංසා චරිතයට තේරුණේ. අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණේ උසස් පෙළ කරමින් සිටියදීයි. මම ගියේ දොම්පෙ දේවි බාලිකා විද්‍යාලයට. උසස් පෙළ කළේ කලා අංශයෙන්.

 

කලා අංශය කෙරෙහිම ද හිත තිබුණෙ?

කලා අංශයෙන් ඉගෙන ගත්තට හිත තිබුණෙ ව්‍යාපාර අංශයට. එදා මගහැරුණු ව්‍යාපාර අංශය ගැන අද ඉගෙන ගන්නවා.

 

කොහොම වුණත් ඉතා කෙටි කාලයක් ඇතුළතදී නාට්‍ය කීපයක එකවර රඟපෑමට ලැබීම ගැන හිතන්නෙ කොහොම ද?

ඒ නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ප‍්‍රවීණ අධ්‍යක්‍ෂවරු වගේම රඟපෑ ප‍්‍රවීණයන් නිසා මට ලැබුණෙ අත්දැකීම් සම්භාරයක්. විශේෂයෙන්ම මුලදිම වගේ ශාන්ත සොයිසා, ලක්ෂ්මන් පුෂ්පකුමාර යන ප‍්‍රවීණ අධ්‍යක්‍ෂවරු යටතේ රඟපෑමට වාසනාව ලැබුණා. එදා මුලින්ම කැමරාව ඉස්සරහට මම ගියේ ලොකු බයකින්. නෙතලි නානායක්කාර, බිමල් ජයකොඩි ප‍්‍රවීණයන් මෙන්ම පළපුරුදු මහේෂි මධුසංකා එක්ක මුලින්ම රූප රාමුවට පෙනී සිටින්න සිදුවුණා. එයාලා මට ලබා දුන්නේ ඉතා ලොකු සහයෝගයක්. ඒ නිසා ඒ අවස්ථාවට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වුණා.

 

කොහොම වුණත්, අද වනවිට උදේ දිවා රැුයේ කැමරාව ඉදිරියේ. ඒ තරමට කාර්ය බහුල වීම ගැන ගෙදර අය මොනවද කියන්නෙ?

ගෙදරින් මට හරි සපෝට්. පවුලේ අම්මයි, තාත්තායි, මමයි, නංගිලා තුන්දෙනයි. තාත්තා ටෙලිකොම් ආයතනයේ සේවය කරනවා. අම්මා නීති නිලධාරිනියක්. නංගිලා තවම පාසල් අධ්‍යාපනය හදාරනවා. මම කැමැති දේ හොඳ විදියට කරන්න කියලා ගෙදරින් මට උදව් කරනවා.

 

මේ දිනවල කොහොම ද ප‍්‍රතිචාර?

මේ දිනවල නම් වැඩි දෙනා මට කතා කරන්නෙ සිඳු නාට්‍යයේ ‘අංජනා’ චරිතය නිසයි. වැඩි දෙනෙක් මට කියන්නෙ ‘හලෝ අංජනා’ කියලයි. ඊට අමතරව සියතෙ සඳඑළිය සහ හිරු ටීවී සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ යසෝදරා ලෙස රඟපාන චරිත නිසා බොහෝ දෙනා වෙතින් ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. සඳ එළියෙ මම නිර්මලී.

 

පුංචි තිරයේ ඔබගේ මුල්ම පෙම්වතා?

පැතුම් රුක්ෂාන් (මේඝා)

 

ඊළඟට?

සඳ එළියෙ අමිල අබේසේකර අයියා. ඊට පස්සෙ යාශ් මිහිරාන්.

 

එතකොට සැබෑවට හිත ගිය පෙම්වතා?

නැහැ.

 

වාහනය පදවාගෙන තනියම යන්න ආසලූ නේද?

ඔව් ඒකට ආසයි. ඒත් වැඩියෙන්ම ආසා කරන්නෙ චිත‍්‍රපට නැරඹීමටයි. මියුසික් ට‍්‍රැක්ස්වලටත් හරිම ආසයි. ගෙදර විවේකයෙන් සිටින සෑම වෙලාවකදිම කෙරෙන්නෙ මියුසික් ට‍්‍රැක්ස් දාගෙන ඩාන්ස් කරන එකයි.

 

මතක ද මුලින්ම නැරඹූ ටෙලිනාට්‍යය?

පාසල් යන කාලයේදී අපට ටෙලිනාට්‍ය නරඹන්න දුන්නෙ නැහැ. ගෙදරින් ෆෝන් දුන්නෙත් නැහැ. ඉගෙනීම ගැන විතරයි හිතන්න කිව්වෙ. කොහොම හරි මට මතක විදියට මුලින්ම මගේ මතකයේ රුඳුණේ ‘පබා’. ඒකත් බැලූවෙ සාලයට ඇවිල්ලා නෙවෙයි. ඔය එහෙන් මෙහෙන් නැරඹුවා.

 

කාවින්ද්‍යාගේ වයස?

අවුරුදු 22 යි.

 

ඔබගේ පේ‍්‍රමය පතා එන යෝජනා බොහොමයි නේද?

ඒක නම් ඉතින් එහෙම තමයි. ඒත් මම තවම ඒ ගැන හිතන්නෙ නැහැ.

 

ක්ෂේත‍්‍රයෙන් එන යෝජනාවලට කැමැති නැද්ද?

එනවා නම් තමයි. ඒත් තවම මම කැමැති නැහැ. මට ඕනෑ තවත් කාලයක් අම්මා, තාත්තාගෙ ආදරය ලබන්න. නංගිලාගෙ ආදරය ලබන්න. ගෙදර අයත් එක්ක ඉන්න.

 

ජනප‍්‍රියත්වය නිසා කාවින්ද්‍යා දැන් ටිකක් එක විදියක් ද?

අපෝ නැහැ. අදත්, හෙටත් මේ ඉන්න කාවින්ද්‍යාම තමයි.

 

දැන් කරාටේ ක‍්‍රීඩාව කරන්නෙ නැද්ද?

පාසල් යන කාලයේදි කළේ. වතාවක් ඒ කාලයේ මම පිරිමි ළමයකු එක්ක රණ්ඩුවකටත් පැටළුණා. එයා මගේ පස්සෙන් ආවාම මම එයාට පහරක් ගහලා මමම ගිහින් සර්ට කිව්වා. පසු කාලයක ඒ ළමයා හමුවුණාම මටම මා ගැන ලොකු ලජ්ජාවක් ඇති වුණේ.

 

කාවින්ද්‍යා ආදරය කියලා හිතන්නෙ?

ආදරය අද මම විඳින්නෙ අම්මා, තාත්තා සහ පවුලේ අයගෙන්. ආදරය ඒ විදියට ස්වභාවය වෙනස්. මොන විදියේ ස්වභාවය වුණත් ආදරය සුන්දරයි.

 

හැඬගැන්වීම්: Salon 4 U (රංගන පේ‍්‍රමරත්න)

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

 2019-03-11-ent-158