ආදරය ජනප්‍රියත්වය රැක ගන්න විශාල වෙහෙසක් ගන්න ඕනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-738

මනීෂා චංචලා ඇයගේ නම වූවත් වැඩි දෙනා ඇය අමතන්නෙ තෙරුණි ලෙසයි. අද ඇය වඩා ජනප‍්‍රියව සිටින්නේ ‘‘සිඳු’’ නාට්‍යයේ ‘‘තෙරුණි’’ නමිනි. රංගනය, ගායනය සහ නිවේදනය සඳහා දස්කම් පාන ඇයගේ කලා දිවිය පිළිබඳව කතාබහ කිරීමට අප සමග මෙලෙස එක්විය.

 

මේ දවස් වල මොකද වෙන්නේ?2019-08-09-ent-740

මේ දවස්වල සිදු එකේ වැඩ කටයුතු වෙනවා. ඊට අමතරව රූපවාහිනියේ ‘අමුතු රසිකයා’ විකාශය වෙනවා. ඒ දෙකේ වැඩ කටයුතු එක්ක තමයි මේ දවස් වල කාලය ගත කරන්නේ.

 

‘සිදූ’ මෙගා නිර්මාණය තුළ බොහෝ කාලයක් එකම රංගන කටයුතු වල නියැලෙද්දී කම්මැලි කමක් දැනෙන්නේ නැද්ද?

එහෙම කම්මැලි කමක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒකේ කතාංගය වෙනස් වෙවී තමයි නිර්මාණය වන්නේ. හැමදාම මොකක් හරි අලුත් දෙයක් තියෙනවා. ඒ නිසා කම්මැලිකමක් දැනෙන්නේ නැහැ.

 

නිවේදනයට මොකද වුණේ?

ඇත්තටම දැන් නම් නිවේදන කටයුතු වලින් ඈත් වෙලයි ඉන්නේ. මේ දවස් වල ඒ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. සිදු එකෙයි අනිත් ටෙලි නාට්‍යයෙයි වැඩ කටයුතු නිසා ටිකක් කාර්යය බහුලයි.

 

රංගන ජීවිතය ගැන දැන් මොකද හිතෙන්නේ?

රඟපාන්න හිතා ගෙන මම මේ ක්ෂේත්‍රයට ආවේ නැහැ. මගේ ගායන පැත්ත හදා ගන්න තමයි ආවේ. ඒ වුණාට මොකක් හරි දෙයක් නිසා මට ඒ වගේ අවස්ථාවක් උදා වුණා. ගායනයට වඩා රංගනය කියන දේ සෑහෙන්න වෙනස්. අපේ කණ්ඩායමත් එක්ක, අපේ ප්‍රවීණ අයත් එක්ක ඉන්න තියෙන කාලය වැඩියි. ගොඩක් දේවල් රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න කොට ඉගෙන ගන්න පුළුවන්. එක එක චරිත හම්බවෙනවා. අපේ ජීවිතයට ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. ඉතිං ඒ දේවල් අපේ ජීවිතයටත් හොඳයි.

 

ඔබව කවුරු කියලා හඳුන්වනවාටද කැමති?

මට කැමැත්තක් කියලා වෙන් කරන්න බැහැ. ගායන ක්ෂේත්‍රය සහ රංගන ක්ෂේත්‍ර දෙකටම මම ගොඩක් කැමතියි. ඒ නිසා මාව මේ ක්ෂේත්‍රය දෙකෙන්ම හඳුන්වනවාට මම කැමතියි. ඒ නිසා තමයි මම මේ ක්ෂේත්‍රයන් දෙකම සමබරව මම කරගෙන යන්නේ.

 

ගායන පැත්තෙන් අලුතෙන් මොකද වුණේ?

මේ අවුරුද්දේ මැද වගේ සිංදුවක් එළිදක්වන්න අදහසක් තියෙනවා. ඒ සඳහා වැඩ කරගෙන යනවා.

 

තරුණ කාලයේ නිදහසේ ඉන්න ඕනේ කාලේ නිදහස නැති වෙන එක ගැන දුකක් නැද්ද?

එහෙම නැහැ. කොහොමත් තරුණ කාලේ එපැයි වැඩ කරන්න. තරුණ කාලේ නිදහසේ ඉඳලා ආයේ අපිට කාලයක් නැහැ වැඩ කරන්න. අපිට ඉගෙන ගන්න හෝ ආදායම් මාර්ගයක් හදා ගන්න අපිට වයසට ගියාම බැහැනේ. ඉතිං තරුණ කාලේ මහන්සි වෙන්න තමයි අපේ අනාගතයට හොඳ කරගන්න පුළුවන් සහ අපි වයසට ගියාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. අපිට මහන්සි වෙලා දෙයක් කරගෙන විවේකයක් ගැන ඒ කාලේ වෙද්දී හිතන්න පුළුවන්.

 

මේ කැප කිරීම හේතුවෙන් පවුලේ හිතවතුන් සමග කාලය ගත කරන එක මග හැරීම ගැන මොකද හිතෙන්නේ?

අනිවාර්යන්ම දුකයි. නමුත් මේ ක්ෂේත්‍රය විතරක් නෙමෙයි ඕනෙම ක්ෂේත්‍රයක කැප කිරීමක් සිද්ද කරන්න ඕනේ. අවුරුදු 50ක් විතර තමයි අපිට වැඩ කරන්න පුළුවන් කමක් තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉතිං අපිට ගෙදර අයත් එක්ක ඉන්න වෙන්නේ. මේ කැප කිරීම මම වගේම අනිත් හැමෝමත් කරනවා.

 

අද වෙද්දී මේ ක්ෂේත්‍රයද වෘත්තීය වෙලා තියෙන්නෙ?

මේ ක්ෂේත්‍ර දෙකම මම වෘත්තීය කරගෙන නැහැ. කොහොමත් ව්‍යාපාර ක්ෂේත්‍රයට තමයි කැමති. ඉස්සරහට මම ඒ පැත්තෙන් ස්ථාවරත්වයක් හදා ගනියි. මේ දේවල් කොහොමත් බාහිරව කරලා.

 

ජනප්‍රියත්වයත් සමග දැනෙන් හැඟීම කොහොමද?

ඒක ඇත්තටම වාසනාවක්. සමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආදරය ලබනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ. ගොඩක් පිං කරලා තියෙන්න ඇති මේ දේවල් ලැබෙන්න. ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

 

ජනප්‍රිත්වය සහ රසික ආදරය පවත්වාගෙන යාමට ඉතාමත් වෙහෙසක් දරන්න වෙනවා නේද?

තමන්ගේ සීමාව ඇතුලේ තමන්ගේ සීමාව රැකගෙන ඉන්නවා නම් එතනින් එහාට වැරැද්දක් වෙනවා කියන්න බැහැ. අමාරුයි. මේ ආදරය ජනප්‍රියත්වය රැක ගන්න විශාල වෙහෙසක් ගන්න ඕනා. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය තුළින් හෝ වෙන වැරැද්දක් මේ දේවල් වලට හානි වෙන්න පුළුවන්. හැබැයි ක්ෂේත්‍රය තුළ හෝ පෞද්ගලික ජීවිතය තුල සීමාවක් ඇතුව වැඩ කරනවා නම්, අපි ඒ සීමාව ආරක්ෂා කර ගන්නවා නම් මම හිතන්නේ නැහැ වැරැද්දක් වෙයි කියලා. ඒවගේම අපිව මිනිස්සුන්ට එපා වෙයි කියලත් මම හිතන්නේ නැහැ.

 

අද සමාජ මාධ්‍ය ඔස්සේ කලා ක්ෂේත්‍රය තුළ නියැලෙන බොහෝ දෙනාව විවේචනය කරනවා?

රංගන ශිල්පීන් සහ ගායන ශිල්පීන් විතරක් නෙමෙයි මේ දෙයට මුහුණ දෙන්නේ. ඒ මිනිස්සු ප්‍රසිද්ධ නිසා තමයි ඒක කට කතාවක් වෙලා සමාජ මාධ්‍ය වල යන්න හේතුව. තමන් කරන දේ හරියි කියලා තමන්ට තේරෙනවා නම් එතනින් එහාට කවුරුත් කියන දේවල් විවේචනය කරන දේවල් වැඩක් වෙන්නේ නැහැ.

 

ගොසිප් එකක් කෙනෙක්ට කොච්චරක් දුරට බලපානවාද?

ගොසිප් කියන්නේ ගනන් ගන්න තාක්කල් තමන්ට බලපානවා. ගන්නේ නැති වුණාම ඒක අදාල වෙන්නේ නැහැ.

 

ඔබට කලා ක්ෂේත්‍රය තුළදී හැදෙන කටකතා හේතුවෙන් ඔබේ දෙමාපියන්ට ඔබ කෙරෙහි ඇති විශ්වාසය කොහොමද?

මෙහෙමයි, මගේ පැත්තෙන් ගත්තාම මගේ අම්මා සහ අප්පච්චි දන්නවා නම් මම කවුද කියලා සහ මම දන්නවා නම් මගේ ගැන එතින්න එහාට වැඩක් වෙන්නේ නැහැ.

 

රංගන ශිල්පියක් හෝ ගයිකාවක් නොවුනා නම් අද ඔබ කවුරු වෙයිද?

සාමාන්‍ය පෙල කරන කාලේ හිතාගෙන හිටියේ ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න. හැබැයි ඒක වෙනස් වුණා.

 

ඔබ ජනප්‍රිය වීම සඳහා හැම නිර්මාණයක්ම බාර ගන්නවාද?

නැහැ. හැම නිර්මාණයක්ම බාර ගන්නේ නැහැ. මගේ සීමාව ඇතුලේ කරන්න පුළුවන් නිර්මාණ විතරයි මම බාර ගන්නේ. ඉස්සරට වෙන්නෙත් ඒ විදිහටයි.

 

ඔබට ලැබෙන නිර්මාණ ප්‍රමාණයද ආදරය ජනප්‍රියත්වයට හේතුව?

ලැබෙන නිර්මාණ ප්‍රමාණය නෙමෙයි ඒ දේවල් වලට හේතු වෙන්නේ. තමන් නිර්මාණයක් කරනවා නම් ඒ ඇතුලේ තමන් උපරිමයම කරනවා නම් මං හිතන්නේ මිනිස්සුන්ට මතක තියෙන්න හේතුවක්.

 

ඉදිරි බලාපොරොත්තු?

මගේ ව්‍යාපාරයට සම්බන්ධ කටයුතු ඉස්සරට කරගෙන යනවා. ඊට අමතරව දැනට කරන නාට්‍යය ටික කරගෙන යනවා. මගේ ඒක පුද්ගල ගීතයක් එළිදක්වන්න ඉන්නවා. ඒ ටික තමයි දැනට බලාපොරොත්තු.

 

Dilan Chryshantha / Pix - Sumudu Hewamatharana

 2019-08-09-ent-739