ආදරණීය කතාවක් වගේම අපේ ජීවිත ආදරණීයයි
උදාරි වර්ණකලසූරිය ගැන පේ්රක්ෂකයින් ආදරණීයව නැවතත් කතා කරන්න පටන් ගෙන. ප්‍රියන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ නිර්මාණ හා නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වූ ”ආදරණීය කතාවක්” චිත්‍රපටය මේ දිනවල තිරගතවීම ඊට හේතුවයි. එහි ”පියවි හංසිකා” නමින් ආදරණීය චරිතයක් සමඟ හමුවන, උදාරි සඳැල්ල පිළිසඳරකට එක් වූ අයුරුයි මේ.
”ආදරණීය කතාවක්” ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මම, හේමාල්, බිමල්, අරුණි දායක වූ හරිම වෙනස් ෆිල්ම් එකක්. ප්‍රියන්ත කොළඹගේ චමින්ද ගමගේ මහත්වරුන්ගේ විශිෂ්ට නිර්මාණයක්. ඒක ඉතා සාර්ථක වේවි කියලා හිතනවා.
කොහොමද ජීවිතේ?
ඉතාම සතුටින් ගෙවෙන බව කියන්න පුළුවනි. දියණියට දැන් අවුරුදු හතරයි. ඇය පෙර පාසල් යනවා. ඉතින් පවුලට මූලිකත්වය දී දවස ගෙවනවා.
මේ චිත්‍රපටය හැර වෙනත් නිර්මාණ මොනවාද?
කුසුම් රත්නායක මහතාගේ ”මගේ ආදර අවනඩුව” ටෙලි නාට්‍යයේ ෂූටිංවලට දායක වෙනවා. ඊට අමතරව සංජය නිර්මාල්ගේ ”රිදී” සහ චරිත් අබේසිංහගේ ”හිද්දැලයා” නිර්මාණවල රූගත කිරීම්වලටත් දායක වෙනවා.
නිතරම ”ආදරණීය කතාවලට” එක් වන්නේ ඇයි? ඒක විශේෂයක්ද?
විශේෂයක් නැහැ. ඒත් මට ලැබෙන්නෙ, එවැනි චරිතයි. මට නිතරම ආරාධනා ලැබෙන්නෙ ආදරණීය චරිතවලටයි. ඒ ලැබෙන චරිත ගැනත් මම සොයා බලනවා. ඒ නිර්මාණයට සාධාරණයක් කළ හැකිනම් විතරයි මම ඒ චරිතයට දායක වන්නේ.
මේ විදියට දිගටම රංගනයෙන් දායකවීම පවුලේ කටයුතුවලට බාධාවක් නොවෙයිද?
ඇත්තම කිව්වොත් මගේ ජීවිතයේ මුල්තැන පවුලේ කටයුතු වෙනුවෙනුයි. සැමියාගෙන් ඊට ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. සිංගප්පූරුවේ සිටියත්, එයා සති දෙකෙන් දෙකට වගේ ලංකාවට එනවා. එක්කෝ මායි දියණියයි එහි යනවා. ඒ නිසා අපේ පවුල දුරස්ථ නැහැ. සැමියා රට, බිරිඳ මෙහේ, කියන ස්වභාවය අපට නැහැ. දියණියගෙ පෙර පාසල් කටයුතු සියල්ලට මම දායක වෙනවා. රූගත කිරීම්වලදී ඒ දවස ඇතුළත රූගත කිරීම්වලට විතරයි බොහෝවිට දායක වන්නේ.
දැන් පදිංචියත් වෙනස් කළා නේද?
දැන් ස්ථීර පදිංචිය සඳහා දෙහිවල තෝරා ගත්තා. දෙහිවල අලූත් නිවසකට ආවා.
ජීවිතය ගැන ආපසු විමසුමක් කළොත්?
හරිම සන්තෝෂයි. අවුරුදු 28 වගේ වයස වෙද්දි ජීවිතයට අත්දැකීම් රැුසක් ලබන්න පුළුවන් වුණා. ඒ අතින් මම හරි වාසනාවන්තයි. ජීවිතය හරිම සුන්දරයි. ඒ සුන්දර සතුට ලබන්න ජීවත් වෙනවා.
රංගනයට හැර ඔබගෙ හිත ගිය වෙනත් අංශ තියෙනවද?
රංගනය හැර වඩාත් උනන්දුවෙන් හිතන්නෙ. පවුලේ කටයුතු ගැනයි. මේ ගෙවී ගිය කාලයේදී විවාහක ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ ලබා පසුව ගෝලීය විවාහක රූ රැජින ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබුණා. රට වෙනුවෙන් සුළුවෙන් හෝ මට එහිදී දායකත්වය ලබාදීමට හැකි වුණා. එක් අංශයකින් එහිදී ජයක් පවා ලැබුණා. අදටත් එය මට සොඳුරු සැමරුමක්
පේ්රක්ෂකයින් හමුවන අවස්ථාවලදී ඔබට මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
ඇයි උදාරි පේන්න නැත්තෙ කියලා අහනවා. පසුගිය කාලයේ රංගනයට දායක නොවුණේ විවාහක රූ රැජිණ තරගයට කැපවී සිටි නිසයි. ඉතින් ඊළඟට ඔබගෙ රඟපෑම් දැක ගන්න පුළුවන් මොනවටද කියලත් අහනවා.
සැමියා කැමතිද ඔබ මේ විදියට ලංකාවට වෙලා ජීවිතය ගෙවනවාට?
ඇත්තටම මට අර ඉස්සෙල්ලා කිව්ව විදියට අපි දුරස්ථ නැහැ. ආදරණීය කතාවක් වගේම අපේ ජීවිත ආදරණීයයි. මෙහිදී මම සහභාගිවන උත්සව සියල්ලට එයත් නිරන්තරයෙන් සහභාගි වෙනවා.
මේ රංගන කටයුතුයි. ගෙදර වැඩයි හැර වෙන මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
”ත්‍රිමාණ” කරණයෙන් රූගතවන චිත්‍රපටයක චරිතයකට එක්ව සිටිනවා. ඉතින් ඒකත් මට ලොකු අත්දැකීමක් වේවි.
මේ ”ආදරණීය කතාවක්” චිත්‍රපටයේ පියවි හංසිකා ගැන කිව්වොත්?
”පියවි හංසිකා” ගම්බද පීඩිත පන්තියේ චරිතයක්. පවුලේ වැඩිමලා. රැකියාවක් හොයා ගෙන කොළඹට එනවා. ඒ විදියට ඇවිත්, රියැලිටි තරගයකට ඉදිරිපත් වෙනවා. ගායිකාවක ලෙස එහිදී ඉදිරිපත් වන්නෙ රුපියල් මිලියනයක ත්‍යාගය ලබාගැනීමටයි. ඇයගේ තාත්තා ජීවත් කරවීම එකම අරමුණයි. ඒ නිසා තමයි එහෙම කරන්නෙ. මීට පෙර නුදුටු රංගනයක් අප සියලූදෙනා වෙතින් එහිදී දැකගත හැකි වේවි. හරිම සුන්දර දර්ශන ඇතුළත්. ගීත 9ක් ඇතුළත් වෙනවා. ”පියවි හංසිකාට” අන්තිමට මොකද වෙන්නේ? කියලා බලන්න මේ ”ආදරණීය කතාව” නරඹන්නට මම හැමෝටම ආරාධනා කරනවා.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ