ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු දෙකක් විතර වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020-03-17-ent-01  

අයි.ටී.එන් අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලා ක්ෂේත්‍රයට පැමිණි යුෂානි මේ වනවිට ටෙලි නාට්‍ය ඇතුළු කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වී තිබෙනවා. විලාසිතා නිර්මාණකරණයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තුවක් සහිත යුෂානිව සාරවිට කතාබහකට සම්බන්ධ කරගන්නට අප සිතුවා.

2020-03-17-ent-03

ඔබව හඳුන්වා දුන්නොත්?

මම යුෂානි මධුෂිකා. මගේ වයස අවුරුදු 22යි. මගේ පදිංචිය පානදුරේ. ෆැෂන් ඩිසයිනින් පිළිබඳව හදාරන ගමන් ඉන්නේ. ඒ වගේම රංගන කටයුතුත් සිදු කරනවා.

 

ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගන්නේ කොහොමද?

දැනට අවුරුදු දෙකක් විතර වෙනවා ෆීල්ඩ් එකට ඇවිල්ලා. ඒ අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරඟාවලිය හරහා.

 

දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

ළඟදි දායක වුනා 'ධරණි'^ කියලා ටෙලි නාට්‍යයකට. ලබන වසරේ මුලදි තවත් නාට්‍යයක රූගත කිරීම් ඇරඹෙනවා. මියුසික් වීඩියෝ වලට නම් දායක වෙන්න කැමැත්තක් නැහැ. පේපර කවර් ෂූට් කරලා තියෙනවා. බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතු නිසා තෝරාගෙන තමයි දායක වෙන්නේ.

 

ෆැෂන් ඩිසයිනින් ක්ෂේත්‍රයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?

ඔව්. කලා කටයුතුත් කරගෙන යනවා. මම පොඩි කාලේ ඉඳලාම කැමති රංගනයට. ඒක මම විනෝදාංශයක් ලෙස කරන්න කැමති.

 

පාසැල් කාලයේ ඉඳලාම කලා කටයුතු කළාද?

පාසැල් කාලයේදී ලොකුවට කලා වැඩවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මට හීනයක් තිබුණා කලා ක්ෂේත්‍රයට එන්න ඕනේ කියලා.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා ටිකක් අකමැතියි. නමුත් තාත්තා ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ පස්සෙන් ඉඳලා උදව් කරන්නේ තාත්තා.

 

කලාවෙන් ලැබුණු අත්දැකීම් කිව්වොත්?

ගොඩක් දේවල් ඉගෙනගන්නවා. තිරයේ පිටුපස කොතරම් ලොකු වැඩක් වෙනවාද කියලා දැනගත්තා. හොඳ අත්දැකීම් ලැබුණා. ප්‍රවීණ ශිල්පීන් එක්ක වැඩ කරලා ඔවුන්ගේ දේවල් බෙදා හදාගෙන බොහෝ දේවල් ඉගෙනගත්තා.

 

ඉදිරි වැඩකටයුතු කිව්වොත්?

ධරණි මේ වසරේදී විකාශය වීමට නියමිතයි. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

 

උදව් කළ අය කවුද?

ගොඩක් අය ඉන්නවා. මුලින්ම අයි.ටී.එන් නාලිකාවට ස්තූතියි කරන්න ඕනේ. නිරෝශන් ඉලේපෙරුම අයියාව මතක් කරන්න ඕනේ. මගේ අම්මා, තාත්තා, අයියා, යාළුවෝ ඇතුළු හැමෝටම ස්තූතියි කරනවා.

 

කැළුම් දේවින්ද

 

2020-03-17-ent-02