‘අවුරුදු කුමරිය’ වෙන්න කළින් මම වෙළෙඳ දැන්විම්වල රඟපැවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-29-ent-18

මේ දිනවල විකාශය වන සඳුන් රාජකරුණාගේ ‘නීල පබලු’ ටෙලි නාට්‍යයේ ‘මන්දරා’ ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවන ගීත්මා බණ්ඩාර සමග අපි මෙසේ කතා බහ කළේමු. ‘නීල පබලු’ ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම රංනයෙන් දායක වන ඇය පසුගිය වසරේ ‘හිරු අවුරුදු’ කුමරිය තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගනිමින් කලා ක්ෂේත්‍රයට පිවිස ඇත.

 

කොහොමද ‘මන්දරා’ට ලැබෙන රසික ප්‍රතිචාර?2019-01-29-ent-17

ගොඩක් හොඳයි. ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයේ ‘තරු’ කියන චරිතයට පස්සේ බොහෝ දෙනෙක් මාව අඳුන ගත්තේ ‘නීල පබලු’ ටෙලි නාට්‍යයේ ‘මන්දරා’ චරිතය තුළින්. ‘මන්දරා’ චරිතය ටිකක් විතර නපුරු චරිතයක්. නමුත්, කළු චරිතයක් වුණත් ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. හැබැයි මම ‘මන්දරා’ තරම් නපුරු කෙනෙක් නෙමෙයි.

 

ඔබ රංගන ශිල්පිනියක්ද? නිරූපණ ශිල්පිනියක්ද?

මම කැමතියි මාව රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වනවා නම්. මොකද, රංගනයට කුඩා කාලේ ඉඳලා මගේ කැමැත්තක් තිබුණා. ‘හිරු’ කුමරිය තරගයේ ජයග්‍රාහිකාව වීම හරහා ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වුණා. දැනට මම රංගන ශිල්පිනියක් විදිහට කලා නිර්මාණ බොහෝ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.

 

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ‘හිරු’ අවුරුදු කුමරිය තරගයද?

එහෙම කිව්වොත් හරි. ‘හිරු’ කුමරිය තරගයේ ජයග්‍රාහිකාව වීම හරහා තමයි මාව බොහෝ දෙනෙක් අඳුන ගත්තේ. හැබැයි මම ‘හිරු’ අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහිකවක් වෙන්න කලින් ඉඳලා රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වගේ දේවල්වල පෙනී හිටියා. නමුත් කවුරුවත් මාව දැනගෙන හිටියෙ නැහැ.

 

කෙටි කාලයක් තුළදී ඔබට වැඩ ගොඩක් ලැබුණා?

ඔව්, ඒක මගේ වාසනාව කියලා මම හිතනවා. රංන ශිල්පිනියක් විදිහට ‘නීල පබලු’ හා ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයවලට දායක වුණා. තවත් දැවැන්ත ටෙලි නිර්මාණයකට මම මේ වෙන කොට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් 28කටත්, ගීත රූප රචනා බොහෝමයකටත් මේ කෙටි කාලය තුළ දී දායක වුණා. සිනමාවටත් දායක වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහි රූපගත කිරීම් කටයුතු නොබෝ දිනකින්ම ආරම්භ වෙයි කියලා මම හිතනවා.

 

කලාව පැත්තෙන් ඔබට තියෙන ඉලක්ක මොනවද?

මේ ආපු ගමන හරිම කෙටියි. මට තව ඉගෙනගන්න බොහෝ ගොඩක් තියෙනවා. ඒකට මට ප්‍රවීණයන්ගෙන් නොමද සහය ලැබෙනවා. ක්ෂේත්‍රය තුළ තමාගේ ප්‍රතිරූපය ගොඩනගා ගත යුත්තේ තමාමයි. මේ ක්ෂේත්‍රයට මම ගොඩක් කැමතියි. ඒ නිසා දක්ෂ වගේම, ජනප්‍රිය නිළියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න තමයි මගෙ බලාපොරොත්තුව. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය චරිතයක් වෙන්නත් මම කැමතියි.

 

රංගන ශිල්පිනියක් වීම ගැන සතුටුක් තියෙනවාද?

මම කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. පුංචි කාලෙ ඉඳලා මගේ හීනය වුණේ නිළියක් වෙන්න. ඒත්, ඒ වෘත්තියට මාව ගැළපෙයිද කියලා මට බයකුත් තිබුණා. මොකද, කොච්චර කැමති වුණත් වැඩක් නැහැ කලාවේ රැඳිලා ඉන්න තරම් දක්ෂතාවයක් නැතිනම්. ඒත්, අද වනවිට මට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් අතර නමක් හදාගන්නත් හැකිවෙලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

බුද්ධික සේනාධීර

 

2019-01-29-ent-12 2019-01-29-ent-13 2019-01-29-ent-14 2019-01-29-ent-15 2019-01-29-ent-16