අව්වේ හිටියා කියලා කළු වෙන්නේ නෑ
ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාවට එතරම් ස්ථානයක් නොමැතිවුවත්, එයට සම්බන්ධ ක්‍රීඩිකාවෝ උපරිම දක්ෂතා දක්වමින් සිටිති. ඒ අතරින් ප්‍රමුඛතම ක්‍රීඩිකාවක ලෙස ප්රවිණී පෙරේරා හඳුන්වාදිය හැක. ඇය නාවික හමුදාව නියෝජනය කරන අතර, ජාතික කණ්ඩායමේද ප්‍රධාන ක්‍රීඩිකාවක බවට පත්ව ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කර ඇති ක්‍රීඩිකාවද වෙයි.
නම ප්‍රවීණා මධුකි
ගම වැලිවේරිය
පාසල් මද්දුම බණ්ඩාර මහ විදුහල වැලිවේරිය/ශාන්ත පාවුළු බාලිකා විදුහල කැලණිය
ක්‍රීඩා සමාජය නාවික හමුදාව
ක්‍රීඩාවට අවතීරණය වීම ගැන කතා කළොත්?
මුලින්ම මම ක්‍රීඩා කළේ මද්දුම බණ්ඩාර මහ විදුහලට. එහි හය වසරේ සිට නව වැනි ශ්‍රේණිය දක්වා ක්‍රීඩා කළා. කොට්ඨාස, කලාප, සමස්ත ලංකා ක්‍රීඩා කරලා ක්‍රීඩා සමාජ මට්ටමට තරග කළා. මුලින්ම %වැලිවේරිය ඩයිනමයික්^ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. පසුව ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමට ක්‍රීඩා කළා. ක්‍රමයෙන් පළාත් කණ්ඩායමේ ක්‍රීඩා කළා. මම පසුව ගිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ ක්‍රීඩා තිබුණට එහි පාපන්දු ක්‍රීඩාව තිබුණෙ නැහැ.
පාපන්දු ක්‍රීඩාවට කැමැත්තක් ඇති වුණේ කොහොමද?
හය වසරේදී තමයි පාපන්දු ක්‍රීඩාවට කැමැත්තක් ඇත් වුණේ. මද්දුම බණ්ඩාර විදුහලේ ක්‍රීඩා පිටියේ කඳවුරක් තිබුණා, එයට කැමති අයට එන්න කිව්වා. එදා මමත් ගියා. ගොඩක් ගෑනු ළමයි හිටියා, ඒ ගෑනු ළමයි සෙල්ලම් කරන විට මම බලන් හිටියා. ඉතින් මටත් ආසයක් ඇති වුණා ක්‍රීඩා කරන්න. බෝලෙට පයින් ගහනවා. ඉතින් මොකක්ද මේ ක්‍රීඩාව කියන එක බලන්න ඕන වුණා. පාපන්දු ක්‍රීඩාව කියන එක අපි දැනගෙන හිටියේ නැහැ.
විශේෂිත ජයග්‍රහණ ගැන කතා කළොත්?
මම 2012 වසරේ දී තමයි මුලින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ. පාකිස්තානයේ %සාෆ්^ තරගාවලියට යන්න ඉන්න විට මගේ දක්ෂතා දැකලා මට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කතා කළා. එතකොට මම පාසල් යනවා. නාවික හමුදාවට ක්‍රීඩා කරන විට මම කොන්ත්‍රාත් ගත තරග ක්‍රීඩා කරන්න පටන් ගත්තා. 2014 වසරේ චැම්පියන්ස් ලීග තරගාවලිය තිබුණා, ඒ තරගාවලියේ මම හොඳම ක්‍රීඩිකාව වුණා. 2015 ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලිය තිබුණා මියන්මාරයේ, ඒ තරගාවලියට ක්‍රීඩා කළා.
2016 වසරේ ඉන්දියාවේ තිබුණ දකුණු ආසියා තරගාවලියත්, දකුණු ආසියානු පාපන්දු ෆෙඩරේෂනයේ තරගාවලියටත් ක්‍රීඩා කළා. ඒ දෙකටම ක්‍රීඩා කරලා ලංකාවට ආවට පස්සේ අපි ෆුට්සාල් තරගාවලිය තිබුණා. ඒ තරගාවලියට මම ක්‍රීඩා කරන්නේ නාවක හමුදා ඒ ඩිවිෂන් කණ්ඩායමට, එහිත් මම හොඳම ක්‍රීඩිකාව බවට පත් වුණා. ඊට පස්සේ ක්‍රීඩා සමාජ තරගාවලියක් තිබුණට පස්සේ ජාතික ශූරතා තරගාවලියක් තිබුණේ නෑ. මම ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ගෝල 7ක් ලබාගෙන තිබෙනවා, තරගාවලි පහකදී.
ගෙදරින් ලැබුණ සහාය
මුලින්නම් අම්මා ටිකක් අකමැති වුණා. ගෑනු ළමයි ක්‍රීඩා කරනවා අඩුයිනෙ. ඒ අතරින් පාපන්දු ක්‍රීඩා කිරීම ගොඩක්ම අඩුයි. තාත්තා තමයි කිව්වේ අම්මට මාව ක්‍රීඩාවට යොමුකරන්න කියලා. ඒත් අම්මා එච්චර කැමැත්තක් දැක්වූයේ නෑ. මගේ බාප්පා අම්මට හොරෙන් සල්ලි වියදම් කළා, මගේ ක්‍රීඩාව වෙනුවෙන්. ඔහොම ටික කාලයක් යන විට මගේ දක්ෂතා දැකලා අම්මට කැමැත්තක් ඇති වුණා. මම ක්‍රීඩා කරන තරග බලන්න අම්මා ආවට පස්සේ ඒ කැමැත්ත වැඩි වුණා. පුහුණුකරුවනුත් මට ගොඩක් උදව් කළා.
කාන්තා පාපන්දු තරගවලට තිබෙන තත්ත්වය කොහොමද?
අනිත් ක්‍රීඩා හා සැසඳීමේදී අපට තිබෙන තත්ත්වය තරමක් අඩුයි, අපිට තරගාවලි අඩුයි. තරග අඩුයි. තරගාවලි නැති නිසා තවත් ක්‍රීඩිකාවන් බිහිවෙනවා අඩුයි.
පිරිමි තරගවලදී කාන්තාවට තිබුණ තරග අඩුයි. අන්තිමට අපි ලංකාවේ තරගාවලියට ක්‍රීඩා කළේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේදී, ඊට පස්සේ කිසිම ක්‍රීඩා සමාජ තරගාවලියක් තිබුණේ නෑ. 2016 වසරෙන් පසුව ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර නෑ.
කාන්තාවනට ලංකවේ ක්‍රීඩාවේ තිබෙන තැන ප්රමණාවත්ද?
මීට වඩා තිබෙන තැන වැඩි වෙන්න ඕන. වෙනත් ක්රීඩවලදී කාන්තා තරගවලට හොඳ තැනක් තිබෙනවා. ක්‍රීඩාව පැත්තෙන් කාන්තාවන් කරපු දේවල් ගොඩක් තිබෙනවා. නමුත් අනිවාරයයෙන්ම කාන්තා ක්‍රීඩා ක්ෂේත්රය දියුණු වෙන්න ඕන. එක පාරටම වෙන්නේ නෑ. බොහෝ අයගේ උදව් ඕන මේ තැනට යන්න. අපේ රට ගොඩක් සල්ලි තියෙන රටක් නෙමෙයි. ක්‍රීඩාවේ හොඳ තැනකට එන්න රජයෙන් උදව් කරන්නත් ඕන.
නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ ඇයි?
මේ දේ කරලා බලන්න ආසාවක් ඇතිවුණා. අවලස්සන කෙනෙක් නෙමෙයි හින්දා මටත් හිතුණා මේ ක්ෂේත්රයට එන්න. පෙළක් තැන්වලින් හොඳ ප්‍රතිචාර ලැබුණා. පෙළක් තැන්වලින් අකමැත්ත තිබුණා. මොකද මම පාපන්දු ක්‍රීඩිකාවක් නිසා ගොඩක් අය කැමැති වුණේ මම පාපන්දු ක්‍රීඩිකාවක් ලෙස දකින්න. හොඳ දේවල් විතරක් කළා.
මේ හැමදේම සමබර කර ගන්න වෙලාවක් තිබුණද?
ඔව්, අපිට උදේ තමයි පුහුණුවීම් තිබෙන්නේ. තරග තිබුණොත් විතරයි හවසට පුහුණුවීම් තියෙන්නේ. ඒක නිසා කාලය කළමනාකරණය කරගෙන දෙකම සමබර කර ගත්තා.
ක්‍රීඩාව නිරූපණයට බාධාවක් නෙමෙයිද?
මම දැන් දෙකම සමබරව කරගෙන යනවා. අව්වේ හිටියා කියලා අවලස්සන වෙන්නේ නෑ. අව්වේ හිටියා කියලා ලොකුවට කළු වෙන්නෙ නෑ. පුහුණුවීම්වලදී ඒ දේ උපරිමයෙන් කරනවා. නිරූපණයේදී ඒ දේ කරන්න පුළුවන් තරමට කරනවා.
අනාගත බලාපොරොතත්තුව?
මම වගේම මේ රටට ක්‍රීඩිකාවන් බිහිකිරීම තමයි බලාපොරොත්තුව.
උදව් කළ අයත් මත් කළොත්?
මගේ අම්මටයි, තාත්තයි ස්තුතිවන්ත වෙනවා. මගේ පළමු පුහුණු කරු ඉරාජ් ප්‍රනාන්දු, එයා නැත්නම් අද මම ප්‍රවීණා කෙනෙක් පාපන්දුවලදී බිහි වෙන්නේ නෑ. මගේ තාත්තා ග්‍රේෂන් පෙරේරා, ඔහු මට ගොඩක් උදව් කළා. මගේ පාසල්වල විදුහල්පතිනියන් මට ගොඩක් උදව් කළා. ජාතික කණ්ඩායමත් මේ මොහොතේ මතක් කර සිටිනවා. විශේෂයෙන්ම නාවික හමුදාවට ස්තුතිය ප්‍රකාශ කරනවා.
රුවන් කාශ්‍යප / ඡායාරූප මිහිර බණ්ඩාර දිසානායක