'අවසන් ඉනිම' ටෙලියේ මා වෙනස්ම චරිතයක් කරනවා
මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකින ධනංජි තාරුකා කළුඅරාච්චි තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් නිළියකි. පුංචි තිරේට මෙන්ම, සිනමා තිරයටද සිය දායකත්වය එකසේ ලබාදී ඇති ඇය මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘නර්මදා’ ලෙසිනි. ‘සාරවිට’ තරු කතා බහ සමගින් ධනංජි මෙළෙස එක්වුණේමු.
මේ දිනවල ධනංජි කලා නිර්මාණ කිහිපයකින්ම අපි දකිනවා?
ඔව්, ජාතික රූපවාහිනියේ විකාශය වන ‘අවසන් ඉනිම’ හා ‘සියත’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘නේත්‍රා’ ටෙලි නාට්‍යය තුළින් මාව දකින්න පුළුවන්. ඊට අමතරව තවත් මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම ඉදිරියේ දී විකාශය වෙන්න නියමිතයි. ඒ අතරට ‘වැලිපවුරු’ කියන චිත්‍රපටයටත් තියෙනවා.
මේ දවස්වල ධනංජි වැඩිපුරම ජනප්‍රිය ‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘නර්මදා’ කියන චරිතය හරහා?
ඔව්, ‘නර්මදා’ කියන්නේ මා මීට කලින් කරපු ටෙලි නාට්‍යය චරිතවලට වඩා වෙනස් එකක්. කොළිලොල් දඟකාර ගති මේ චරිතයේ තිබුණත්, ‘නර්මදා’ කියන්නේ ගොඩක් ආදරණීය හා සංවේදි කෙනෙක්. ටෙලි නාට්‍යයේ හැටියට ‘නර්මදා’, ‘අහස්’ කියන තමාගේ පාසලේම මිතුරාට ආදරය කරනවා. නමුත්, ‘අහස්’ වෙනත් කෙනෙකුට අයිති කෙනෙක්. ඒ බව දැන දැනම ‘නර්මදා’ ඔහුට ආදරය කරනවා.
‘දෙවෙනි ඉනිම’ හා ‘අවසන් ඉනිම’ කියන්නේ එකම ජාතියේ ටෙලි නාට්‍යය දෙකක්ද?
නැහැ. ‘අවසන් ඉනිම’ නිර්මාණය කළේ මීට වසර 2කට පෙර. එතකොට ‘දෙවෙනි ඉනිම’ කියලා ටෙලි නාට්‍යයක් තිබුණේ නැහැ. දසුන්ගේ වියෝවත් එක්ක මේ ටෙලි නාට්‍යය විකාශය වෙන එක කල්ගියා. ඒ වගේම තමයි ‘අවසන් ඉනිම’ හා ‘දෙවෙනි ඉනිම’ කියන්නේ වර්ග දෙකක කතාවක්. ‘දෙවෙනි ඉනිම’ කියන්නේ ආදරය ගැන ගොඩක් දුරට කතා කරන නාට්‍යයක්. නමුත්, ‘අවසන් ඉනිම’ කියන්නේ ආදරය ගැන වගේම, සමාජයේ සිදුවන අසාධාරණකම්වලට මුහුණදෙන තරුණ පිරිසක් ගැන කියැවෙන කතාවක්. මෙහි පතාල කල්ලි ගැන කරන හොරකම් මැරකම් ගැන කතා කරනවා. දේශපලාඥයන් සිදුකරන අසාධාරණකම් ගැන කතා කරනවා. ඒවාට එරෙහිව කටයුතු කරන්න ගිහින් අපේම මිතුරන් ජීවිතයෙන් වන්දි ගෙවනවා. මේ වගේ සිදුවීම් මාලාවක් තමයි ‘අවසන් ඉනිම’ පුරා දිග හැරෙන්නේ.
‘නර්මදා’ ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තමයි ‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයටත් ලැබෙනවා. මෙහි පළමු කොටසම බොහෝ දෙනෙක් නරඹලා තියෙනවා. හොඳම උදාහරණය තමයි මේ ටෙලි නාට්‍යයේ පළමු කොටස එක් දිනක දී ‘යූටියුබ්’ සමාජජාලා වෙබ් අඩවිය හරහා 78000කට වඩා වැඩි ප්‍රමාණයක් නරඹලා තියෙනවා. තව දෙයක් මතක් කරන්න ඕන. ජාතික රූපවාහිනියේ පළමු වතාවට තමයි තරුණ පිරිස් ඉලක්ක කරගෙන මේ වගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙන්නේ. පසුගිය කාලයේ ජාතික රූපවාහිනියේ බොහෝ දුරට විකාශය වුණේ කාලීන හා සම්භාව්‍ය ගණයේ ටෙලි නාට්‍යය.
‘අවසන් ඉනිමේ’ ප්‍රධාන කාන්තා චරිත තුනක් තියෙනවා. ධනංජිගේ ජනප්‍රියත්වය මේ නිසා බෙදිලා යනවා නේද?
නැහැ. චරිත තුන ගත්තොත් එකිනෙකට වෙනස් චරිත තුනක්. මම ක්ෂේත්රයේ කාලයක ඉඳලා වැඩ කරන කෙනෙක්. බුද්ධි ජයවර්ධන ක්ෂේත්රයට අලුත් මුහුණක්. අවුරුදු කුමරි චරිත හරහා තමයි මිනිස්සු බුද්ධිව අඳුන ගත්තේ. ශෂි ඇන්ජලීනා ගත්තොත් ටෙලි නාට්‍යයවලට වඩා වැඩිපුරම දායකත්වය දීලා තිබුණේ ගීත රූප රචනාවලට. ඉතින් මම හිතනවා අපි තුන් දෙනාට විවිධ ප්‍රතිචාර ‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ කරන රංගනයට ලැබෙනවා කියලා.
බුද්ධික සේනාධීර