අලුත් වැඩකට මුල පුරනවා ජනවාරියේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2019-01-14-ent-03

දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘අරුණි’ ලෙස ඔබ දකින ඇය නමින් ඉෂානි විජේතුංගය. වර්තමානයේ බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියව සිටින ඇය දෙරණ ‘අවුරුදු කුමරිය’ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසියාය. ‘සාරවිට’ අද කතා බහ දිගහැරෙන්නේ ඇය සමගිනි.

 

ඔබව බොහෝ පිරිසක් අද දන්නේ ‘අරුණි’ කියන නමින්?2019-01-14-ent-02

‘අරුණි’ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. හිතුවෙ නැහැ මගේ පළමු රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතර මේ තරම් ජනප්‍රියත්වයක් මට හිමිකර ගන්න පුළුවන් වෙයි කියලා. ‘දෙවෙනි ඉනිම’ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණ එක ගොඩක් සතුටුයි.

 

සැබෑ ජීවිතෙත් ඉෂානි ‘අරුණි’ වගේ කෙනෙක්ද?

නැහැ. ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ‘අරුණි’ කියන්නේ ටිකක් විතර නපුරු චරිතයක්. ඉෂානි කියන්නේ අහංකාර නැති අහිසංක කෙනෙක්. හැබැයි ටිකක් විතර දඟකාරයි.

 

‘දෙවෙනි ඉනිම’ නාට්‍යයේ පමණයි තවමත් අපිව ඔබව දකින්නේ?

නිර්මාණ බොහොමයකට මට කතා කළා. නමුත්, භාර ගත්තේ නැහැ. මොකද, මම හැම නිර්මාණයකට යන්න කැමති නැහැ. තෝරා බේරාගෙන තමයි රඟපාන්නේ. දැනට නිර්මාණ කිහිපයකට කැමැත්ත පළ කරලා තියෙනවා. ඒවා තවමත් සාකච්ඡා මට්ටමින් යන්නේ. ලබන මාසේ අලුත් වැඩකට සම්බන්ධ වෙනවා. ඉදිරියට මාව ඒ නිර්මාණය හරහත් දකින්න ලැබේවි.

 

රඟපාන්න ආසාවක් තිබුණද ඔබට?

කොහෙත්ම නැහැ. මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක්. පොඩි කාලේ වුණත් මගේ හිත තිබුණේ බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තියකට යොමු වෙන්න. නමුත්, කොහේදෝ තිබුණ වාසනාවකට මාව කලා ක්ෂේත්‍රයට යොමු වුණා. ඉෂානිට රඟපාන්න පුළුවන්ද?

පුළුවන්. ඒ නිසානේ මාව ‘අරුණි’ චරිතයට තෝර ගත්තේ. නමුත්, මම කැමතියි ඉදිරියට රංගනය ගැන හැදෑරීමක් කරන්න. අපේ ‘දෙවෙනි ඉනිම’ නාට්‍යය කණ්ඩායම ගොඩක් උදව් කරනවා මට. විශේෂයෙන්ම දේව අයියා. ඔහු තමයි මාත් එක්ක වැඩිපුරම රඟපාන්නේ. ඒ වගේම ප්‍රවීණ හා නවක සියලු දෙනාම එක වගේ මට උදව් කරනවා.

 

නවකයෙක් විදිහට ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ටිකක් විතර බයකින් හිටියේ. මොකද, ක්ෂේත්‍රය ගැන තිබුණ කට කතා නිසා. නමුත්, ක්ෂේත්‍රයට ඇවිල්ලා වැඩ කරන කොට තමයි තේරුණේ කියන තරම් මේ ක්ෂේත්‍රය නරක නැහැ කියලා. බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රය ගැන දැනුමක් නැතිව තමයි විවිධ කට කතා පතුරවන්නේ. අපි හොඳට ඉන්නවා නම්, ඔය කියන විදිහේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.

 

ටෙලි නාට්‍යය පැත්තට පමණක් යොමු වෙන්නද අදහස?

නැහැ. සිනමාවටත් සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තකින් ඉන්නවා. රංගනය තමයි දැන් මගේ වෘත්තිය. ඒ නිසා ටෙලි නාට්‍යයවලට වගේම සිනමාවටත් එකසේ දායක වෙන්න මම සූදානමින් ඉන්නවා. මම කැමතියි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙනවට වඩා, දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න. කවදාහරි මම ඒ ඉලක්කයට යනවා කියන අදහස මා තුළ තියෙනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක

 

2019-01-14-ent-01