අර්ථයක් ඇති "ටැටූ" එකක් මේ පාර අදිනවා
මෑත කාලයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියන් අතරේ අප්සරා මැණික්ට සුවිශේෂී තැනක් හිමි වේ. මේ වන විට සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන ඇය%ටැටූ^ විලාසිතාවලටද දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ ඇය ඒ ගැන අපි සමග කළ කතා බහ.
අප්සරා මුලින්ම "ටැටූ" එකක් ඇන්ඳේ කොයි කාලෙද?
මගේ මතකේ හැටියට අ.පො.ස උසස් පෙළ ඉවර වෙලා. 2014 වසරේ විතර ඇති. මුලින්ම ඇන්ඳේ දකුණු අතේ මැණික් කටුවට පොඩ්ඩක් උඩින් "A" අකුර.
දැනට "ටැටූ"කියක් විතර ඇඳලා තියෙනවාද?
තුනම එකම අතේ. මුලින්ම "A" අකුර. ඊට පස්සේ නිදහසේ පියාඹන කුරුල්ලෝ ටිකක්. අන්තිමට ඒ අතේම ඇඟිල්ලක ඇන්දේ "LOVE" කියලා. මේ "ටැටූ" වල ලොකු අර්ථයක් නම් නැහැ. නමුත්, ආසාවට ඇන්ඳා.
පවුලේ අයගෙන් බලපෑමක් එහෙම ඇති වුණේ නැද්ද?
නැහැ. මොකද, මම වරදක් නෙමෙයිනේ කරන්නේ. ඒ නිසා ගෙදර අයගේ බලපෑමක් තිබුණේ නැහැ. අනික මේක මගේ කැමැත්තට සිදුවුණ දෙයක්.
"ටැටූ" එකක් අඳිනකොට වේදනාවක් ඇති වෙනවා. ඉතින් බයක් තිබුණේ නැද්ද?
අපෝ තිබුණා. ඒ බය නැති කළේ %සිරස සුපර් ස්ටාර්^ දසුන් මධුෂංක මල්ලි. එයා තමා කිව්වේ බය වෙන්න එපා අක්කා, මේක රිදෙන්නේ නැහැ කියලා. එයා %ටැටූ^ ඇඳපු තැනින් තමයි මමත් කළේ. ඒක ඔය කියන තරම් වේදනාවක් ඇති වෙන දෙයක් නෙමෙයි.
අලුත් "ටැටූ" එකක් කරන්න අදහසක් නැද්ද?
අපෝ තියෙනවා. අලුත් %ටැටූ^ එකක් ළඟදීම අඳින්න අදහසක් තියෙනවා. මේ දවස්වල කල්පනා කරන්නේ මොකක්ද අඳින අලුත් %ටැටූ^ එක කියලා. අර්ථයක් ඇති %ටැටූ^ එකක් අඳින්න තමයි මේ පාර මගේ අදහස.
යාළුවෝ එක්ක "ටැටූ" ගැන කතා කරනවා?
ඔව්. මගේ යාළුවෝ ගොඩක් %ටැටූ^ ඇඳපු අය. ඉතින් අලුත් %ටැටූ^ එකක් කළොත් කට්ටියම එකතු වෙලා ඒ ගැන කතා කරනවා. අද ඉතින් මේක විලාසිතාවක් වෙලානේ.
"ටැටූ" එකක් අඳින්න හිතුවේ ඇයි?
මගේ ආසාවට කිව්වොත් හරි. අනික් අද මේක බොහෝ දෙනෙක් විලාසිතාවක් විදිහටත් කරනවා. මම දකින්නේ %ටැටූ^ කියන්නේ කලාවක්. ඒක ඇඳලා පෞද්ගලිකව සතුටු වෙනවා ඇරෙන්නේ වෙන දෙයක් නැහැ. %ටැටූ^ එකක් ඇඳලා පිරිසක් අතරට ගියා කියලා එහෙම ආකර්ෂණයක් සිදුවෙන්නේ නැහැ.
බුද්ධික සේනාධීර