අයුතු යෝජනා මටත් ඇවිත් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-05-ent-79

ගීත රූප රචනා බොහෝමයක් හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් නිෂි සමරවීර මෑත කාලයේ කලා ක්‍ෂේත්‍රය තුළ නිතර දක්නට ලැබෙන නිරූපිකාවකි.නිරූපණ ක්‍ෂේත්‍රයට අමතරව රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන ඇය මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකින්ම දැකගත හැකිය. ‘නිෂි බ්‍රයිඩ්ල්’ නමින් පසුගියදා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළ ඇය සිය ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස අපට සම්බන්ධ වූවාය.

 

අලුත් නිර්මාණ ගැන කිව්වොත්?2018-09-05-ent-82

මේ දවස්වල ‘දෙරණ’නාළිකාවේ විකාශය වන ‘දෝණ කතිරනා’ ටෙලිනාට්‍යයේ වැඩ කරනවා. ඊට අමතරව සිරස නාළිකාවේ විකාශය වන ‘නීල පබලු’ ටෙලිනාට්‍යයේ කටයුතු සිදුකරනවා. ඊට අමතරව මගේ සැලූන් එකේ වැඩකටයුතුත් කර ගෙන යනවා.

 

කොහොමද මේ නාට්‍ය දෙකට අවස්ථාව ලැබුණේ සහ ප්‍රතිචාර ගැන කිව්වොත්?

‘නීල පබලු’ නාට්‍යයට අවස්ථාව ලැබුණේ නිල්වලා එකෙන් තමයි මට කතා කළේ. ස්ක්‍රීන් ටෙස්ට් ගිහිල්ලා ඒකෙන් තේරිලා අවස්ථාව උදා වුණා. ‘දෝණ කතිරිනා’ ටෙලිනාට්‍යයට අවස්ථාව ලැබුණෙත් මාව දැකලා. ඉතිං ඒ වගේ අවස්ථාව නිසා ටෙලිනාට්‍ය දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව තවත් අලුත් නාට්‍යයක් සඳහා කතා කරලා තියෙනවා. ඒකත් පටන් ගන්න තියෙනවා මේ මාසෙන් පස්සේ.

 

මේ දවස්වල මියුසික් වීඩියෝවලින් ඈත් වෙලාද?

මේ දවස්වල නාට්‍ය දෙකේ වැඩකටයුතු එක්ක කාලවේලාවේ පොඩි අපහසුතාවක් තියෙනවා. අයින් වෙලාම නැහැ. එන හොඳ වැඩක්, හොඳ ටිකක් තෝරාගෙන කරන්න බලාගෙන ඉන්නවා.

 

නිරූපණය නිසා නේද රංගන අවස්ථාවන් ලැබෙන්නේ?

ඔව්, මම රංගනයට එන්නේ නිරූපණය නිසා. මුලින්ම මම මොඩලින්, බ්‍රයිඩල්, වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ තමයි කළේ. ඊට පස්සේ තමයි ටෙලිනාට්‍යවලට දායක වුණේ. ඉතිං දැන් රංගනය පැත්තට වැඩි කාලයක් දීලා නිරූපණ කටයුතුත් සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.

 

දැන් නිරූපණයට වඩා රංගනයට වැඩි ඉඩ?

දෙකම සමබරව කරන්න තමයි හිතාගෙන ඉන්නේ. නමුත් රංගනය පැත්තට වැඩි කාලයක් දෙනවා. මොකද මට රංගනය පැත්තෙන් වැඩි කාලයක් හදාගන්න ඕන නිසා.

 

මුල්ම ටෙලිනාට්‍යයට අවස්ථාව ලැබුණේ කොහොමද?

‘හිරු අවුරුදු කුමාරිය’ තරගයේ ජයග්‍රහණයත් සමගින් හිරු නාළිකාවේ නාට්‍යයක් සඳහා තමයි මට මුලින්ම අවස්ථාව ලැබුණේ. ප්‍රභාත් රෝෂන් අයියාගේ ‘කවුරුන්ද නුඹ මගේ’ ටෙලිනාට්‍යය තමයි මගේ මුල්ම ටෙලිනාට්‍යය වෙන්නේ. මේ ටෙලිනාට්‍යය නිසා තමයි මට අනිත් දේවල් සඳහා අවස්ථාව ලැබුණේ.

 

නාට්‍ය තුනේම චරිත කොහොමද?

මට ලැබුණු චරිත එකිනෙකට වෙනස්. නමුත් ‘නීල පබලු’ එකේ චරිතයට ටිකක් වෙනස්. ඒක අක්කා කෙනෙක්ගේ චරිතයක් කරන්නේ. ‘කවුරුන්ද නුඹ මගේ’ නාට්‍යයේ කපටි, ඩබල් ගේම් ගහන කෙනෙක්ගේ චරිතයක් තමයි කරන්නේ. ‘දෝණ කතිරිනා’ නාට්‍යයේ සම්පූර්ණ ආදරණීය කතාවක්.

 

ඔබේ පෙනුම නිසා චරිත සීමා වෙනවා නේද?

ඇත්ත. නමුත් මගේ පෙනුම එක්ක ගොඩක් ආරාධනා ලැබෙන්නේ මොඩර්න් චරිතවලටයි. හැබැයි ‘දෝණ කතිරිනා’ සාම්ප්‍රදායික පෙනුමක් තමයි තියෙන්නේ. එකේ වෙනස්ම ප්‍රතිරූපයක්. ඇඳුමේ ඉඳන් එහෙමයි.

 

චරිත වෙනුවෙන් බාහිර පෙනුම වගේ වෙනස් කරන්න කැපකිරීම කරනවාද?

මම කැමැති වෙනස් දෙයක් කරන්න. වෙනස් දෙයක් කළොත් හැම කෙනා අතරම කතාබහක් ඇති වෙන්නේ. පොෂ් චරිත හැමදාම කරලා වැඩක් නැහැ. ඒක නිසා චරිතයක් වෙනුවෙන් කැපකිරීම් කරන්න මට පුළුවන් කියලා මම හිතනවා.

 

සිනමාවට දායක වුණේ නැද්ද?

මම එක් චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වුණා. ඒක ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටයක්. ඒකේ අධ්‍යක්‍ෂ නම් අලුත් කෙනෙක්.

 

ව්‍යාපාරයක් පටන් ගත්තා නේද?

ඔව්, සැලොන් එක පටන් ගත්තා. ගොඩක් කාලයක් තිස්සේ තිබුණු බලාපොරොත්තුවක් ඒක. හොඳ ගමනක් යනවා. නිරූපණය, රංගනය කියන දෙයින් හදාගන්න දෙයත් ව්‍යාපාරයටත් යොදන්න බලාපොරොත්තු වෙනවා.

 

රංගනය ගැන හිතෙන්නේ මොනවාද?

රංගන කියන දේ හොඳයි. මට වැඩ කරන්න ලැබෙන්නෙත් ප්‍රවීණ අය එක්ක. ඉතිං ඒ අයගෙන් දෙවල් ඉගෙන ගන්නත් මට අවස්ථාව ලැබෙනවා. අපි තාම හැදීගෙන එන අයනේ. ඒ අයට ලොකු අත්දැකීම් තියෙනවා. අපිත් ඉගෙන ගන්නේ එයාලගෙන්. ඒ නිසා හොඳ ප්‍රතිචාර තියෙනවා.

 

නවකයන්ට අයුතු යෝජනා කරනවා කියන්නේ ඇත්තද?

අයුතු යෝජනා නැත්තෙත් නැහැ. අයුතු යෝජනා මටත් ඇවිත් තියෙනවා. ඒක තමන්නේ ප්‍රතිරූපයත් එක්ක තමයි හැදෙන්නේ. කෙනෙක්ව මනින්නේ තමන් හදාගන්න ප්‍රතිරූපයත් එක්කනේ. තමන් හදාගන්න ප්‍රතිරූපය තමයි මෙතැන වැදගත් වෙන්නේ. එතකොට තමන් යන ගමන හරියට ගෙනයන්න පුළුවන්. තමන් හරියට ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ක්‍ෂේත්‍රය තුළ ඉන්නවා නම්, අයුතු යෝජනා කරන්න කවුරුත් එන්නේ නැහැ. මම එහෙම යෝජනා ආවත් මම ඒවා ප්‍රතික්‍ෂේප කරනවා. ඒ වැඩෙත් අතහරිනවා. මොකද මට එහෙම වැඩ වැඩක් නැහැ. හොඳ වැඩ විතරක් බාරගෙන මගේ ගමන මම යනවා.

 

ඒ දේවල් නිසා කලකිරීමක් නැද්ද?

මටත් මුල් කාලයේ ඇත්තටම ක්‍ෂේත්‍රය ගැන ලොකු කලකිරීමක් තිබුණා. මම මුල් කාලයේදී නාට්‍යය කියන දේත් අතහැරලා දාලා හිටියා. මට නාට්‍ය ඕන නැහැ. මොකටද මේ දේවල් කියන තැන හිටියා. නමුත්ට හැකියාවක් නැත්නම් අයින් වෙලා ඉන්න වෙනම දෙයක්. හැකියාවක් තියාගෙන තමන්ට ඉස්සරහට ගමනක් යන්න පුළුවන් කියලා අයින් වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ කියලා හිතුණා. ඉතිං මගේ දේවල්වලට යන්නේ මගේ සැමියා එක්ක. එයත් එක්ක ගිහිල්ලා මගේ වැඩ දේවල් හරියට කරනවා.

 

මේ දේවල්වලට පවුලේ කැමැත්ත කොහොමද?

මට ගොඩක්ම සහයෝගය හම්බ වෙන්නේ මගේ සැමියාගෙන්. මම කරන්න ඕන වැඩ මොනවාද?, ඒ දේවල් තෝරාගන්නේ කොහොමද, රංගනයේ අඩුපාඩු මොනවාද කියන හැමදේම ඔහුගෙන් මට ලැබෙනවා. ඒ හැරෙන්න මගේ අම්මයි, තාත්තයි, මගේ නංගියි මගේ පස්සෙන් ඉන්නවා. මගේ හැමදේකම ප්‍රතිඵලය සහ සතුට භුක්ති විඳින්නේ මගේ සැමියා තමයි.

 

මියුසික් වීඩියෝවල සරාගී දර්ශනවලටද වැඩිපුර ආරාධනා ලැබෙන්නේ?

මට නම් එහෙම කතා කරලා නැහැ. මම කරපු දේවල්වල එහෙම දේවල් තිබුණේ නැහැ. මට එහෙම ලොකුවට එහෙම කියලා නැහැ. නමුත් පසුගිය දවස්වල ට්‍රෙන්ඩ් එකක් තිබ්බනේ. හිට් වෙන්න ඕන නම් අඩනිරුවත් දේවල්වලට දායක වෙන්න. නමුත් දැන් ඒ දේවලුත් නැහැනේ. ඒ දේවල්වලින් තමයි මියුසික් වීඩියෝ හිට් කරන්නේ. දැන් ඒකත් බිඳගෙන සාම්ප්‍රදායික ලෙස මියුසික් වීඩියෝ කරනවා. දැන් ආයේ පරණ විදියටම මියුසික් වීඩියෝ නිර්මාණය වෙනවා.

 

කලාව පිළිබඳ යම්කිසි හැදෑරීමක් නැතුව කරන්න පුළුවන්ද?

බැහැ. කලා ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් තියෙන්න ඕන. එක්කෝ තමන්ගේම හැකියාවක් තියෙන්න ඕන. නැත්නම් අනිවාර්යයෙන්ම හදාරන්න ඕන. මොඩලින් කළත්, හැදෑරීමක් නැතුව රෑම්ප් කරන්න බැහැ. ඒ වගේම තමයි රංගනය කියන්නෙත්. මමත් තාම ඉගෙන ගන්නවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මගේ මියුසික් වීඩියෝ කරපු දේවල් එන්න තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම්. අලුත් වැඩකටයුතු දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. බ්‍රයිඩල් නම් සුපුරුදු පරිදි කරගෙන යනවා. හැමදේම වෙලාව හදාගෙන කරන්න බලාපොරොත්තු වෙනවා. සැලූන් එකේ වැඩත් කරගෙන යනවා. සැලූන් එක පටන් අරන් මාස හතරයි. හොඳ ප්‍රතිචාර තියෙනවා. මගේ වැඩ ටික හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

අතහිත දුන් අය ගැන කිව්වොත්?

උදවු කරපු අය නම් ගොඩක් ඉන්නවා. මුලින්ම ‘නිල්වලා’ ආයතනයේ හැමෝටම. සිසිර රත්නායක අයියාට ස්තූති කරනවා මාව හොඳ වැඩකට ගත්තට. ඒ වගේම මගේ සැමියා නිරෝෂන් සංජීව, අම්මා තාත්තා, නංගිට ස්තූති කරනවා.

 

Dilan Chryshantha 

 

 2018-09-05-ent-80 2018-09-05-ent-81