අයුතු බලපෑම්වලින් නම් මට අදටත් අඩුවක් නෑ
වෙළෙඳ දැන්විම් බොහෝමයක දකින්නට ලැබුණ සමාධි වන්දනා සමගින් මෙවර "සාරවිට" තරු කතා බහ දිග හරින්නට බලාපොරොත්තු වුණේමු. නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන ඇය කලා ක්ෂේත්රයට නවකයෙකු නොවේ.
ක්ෂේත්රයට සම්බන්ධ වෙලා දිගු කාලයක් ඔබ?
ඔව්, 2013 වසරේදී තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ. ටෙලිපති ක්‍රියේෂන්ස් රංගන පාසලේ සතිස්චන්දා එදිරිසිංහ, අනුර වරාගොඩ, විජේරත්න වරකාගොඩ යන ගුරුවරුන්ගේ මූලික මග පෙන්වීම හරහා.
දැනට දායක වෙලා තියෙන නිර්මාණ මොනවද?
වැඩිපුරම දායක වෙලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම් වලට. දැනට මම වෙළෙඳ දැන්වීම් 15කට විතර දායක වෙලා තියෙනවා. නම් වශයෙන් කිව්වොත් ජාතික ලොතරැයි මණ්ඩලයේ, %ඩී.එස්.අයි^, %ලංකා සෝයි^ වෙළෙඳ දැන්වීම්වලට දායක වෙලා තියෙනවා. ඊට අමතරව %මං වහලය උඩ^, "රාජයෝගය", %සකුගේ කතාව^ ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වුණා. සත්සරණි කරුණාරත්නගේ %නිදන්න බාධා වු^, ශෙනිර පෙරේරාගේ %දූවිල්ලෙන් මැවූ^, ජූඩ් රොගන්ස්ගේ %අනාවැකියක්^ කියන ගීත රූප රචනා සඳහා දායක වුණා. මා රංගනයෙන් දායක වුණ තවත් ගීත රූප රචනා පහක් විතර නිකුත් වීමට තිබෙනවා. ඒ වගේම ඉදිරියේ දී නිකුත් වීමට නියමිත %බහුබූතයෝ^ තුන්වැන්න, %Rush^, %අභිෂේක^ හා %ශ්‍රී වික්‍රම^ චිත්‍රපටවල රංගනයෙන් දායක වෙලා තියෙනවා.
කලාවට සම්බන්ධ වුණේ ඇයි?මම කලාවට තෙරේන කාළේ ඉදලාම ගොඩක් කැමති කෙනෙක්. මගේ පවුලේ අය, නෑදෑ හිතවතුන් හුග දෙනෙක් කලා ක්ෂේත්රයේ සම්බන්ධ වෙලා ඉන්නවා. මම ඒ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මටත් ඕනා වුණා ඒ අය වගේම කලාවට සම්බන්ධ වෙලා වැඩ කරන්න.
කලාවට ඔබ යොමු නොවුණා නම් වෙනත් වෘත්තියක් තෝර ගන්නවද?
බොහෝ දුරට මම නීතීඥවරියක් වෙලා සමාජයට සේවය කරනවා. අසාධාරණය වෙනුවෙන් පෙනී ඉදාල මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරනවා.
කලා ක්ෂේත්රය හොඳද?
අපි හිතන තරම් නම් මේ ක්ෂේත්රය එක හොඳ. විසකුරු සර්පයෝ පිරිලා. අපි හොඳ විදිහට හිටියොත් නම් සර්පයෝ වුණත් දෂ්ට කරන්නේ නෑ.
උදව් කරපු අය?
උදව් කරපු අය නම් ගොඩක් ඉන්නවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනි එදා ඉදන් අද වෙනකන් මාව දිරිමත් කරපු මාව වැටෙන හැම වෙලාවකම මාව නැගිට්ටවන මගේ සහෝදරයා මගේ ගුරුතුමා ධනුෂ්ක ජයවර්ධන අයියා. ලංකා යූත් අනුර අයියා, නිරූපණය පැත්තෙන් මට ඉදිරියට යන්න උදව් කරන මගේ අයියා %ඇපෙක්ස් මොඩ්ලින්^ ඇකඩමියේ සංජය සේනාරත්න. එරංග පිළිමතලව්වේ. මහින්ද අත්තනායකටත් ගොඩක් ස්තූතියි. මගෙ ළගින්ම සහෝදරයෝ වගේ ඉන්න මගේ යාලුවෝන්ටත් ගොඩක් ස්තූතියි .පවුලේ අයගෙන් මම කරන දේවල් අගය කරන මාව ශක්තිමත් කරන මගෙ නැන්දා, මගේ අක්කලා දෙන්නාටත් ස්තුතියි.