‘අයි ලව් යූ’ කිව්වෙ කළුතර බෝධිය ළඟදි
ඇය පාසල් අධ්‍යාපනය ලැබුවේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයෙනි. පාසලේදී. ගුරුවරු ඇතුළු හැමෝම ඇය ආමන්ත්‍රණය කළේ ‘‘මාෂි’’ යන නාමයෙනි. ඇයගෙ මව-පියා ඇයට කියන්නේ ‘‘සුදු බබා’’ කියාය. නිවුන්නු වූ නංගි සහ මල්ලී ඇයට කියන්නේ සුදු අක්කිය. ඇයගෙ එකම අක්කා නම් ඇයට කියන්නේ, ‘‘නංගී’’ කියාය. එහෙව් වූ මේ සුන්දර සුරූපී ‘‘මාෂි’’ හට ආදරණීය සැමියා වන ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශල්පී පුබුදු චතුරංග කියන්නේ, ‘‘බබු’’ යන ආදරණීය නාමයයි. හැබැයි අද ජනතාව ඇය අමතන්නේ ‘‘තරුෂි’’ යනුවෙනි. එලෙසින් ඇය තරුෂි ලෙස ආදරය දිනා සිටින්නේ තිරගත කෙරෙන ‘‘නිව්ස්පේපර්’’ නිසාය. අද අපේ ආදරණීය කතාබහ තරුෂි වූ ‘‘මාෂි’’ සමගයි.
මාෂි ඔබ උපාධිධාරිනියක්. ඒ ගැන මුලින්ම කියමු?
මම උසස් අධ්‍යාපනය ලැබුවේ ලොජිස්ටික් මැනේජ්මන්ට් අංශයෙන්. උපාධිය ලැබුවේ ව්‍යාපාර අංශයෙන්.
‘‘මාෂි’’ කොහොම පවුලක කෙනෙක්ද?
සාමාන්‍ය හොඳ පවුලක සාමාජිකයෙක්. අපේ තාත්තා සේවය කරන්නෙ විදෙස්ගතව. අම්මා තමයි අපිව බලාකියාගෙන, සියලු කටයුතු කළේ. තාත්තා එයා නැති අඩුව දැනෙන්න දුන්නෙ නැහැ. එක්කෝ අපි තාත්තා ළඟට ගෙන්වා ගත්තා. නැත්නම් තාත්තා නිතර ආවා. අම්ම-තාත්තා අපට හොඳට ඉගැන්නුවා. මගේ අක්කා ගුරුවරියක්. මල්ලියි - නංගියි සරසවි අධ්‍යාපනය හදාරනවා. ඉංජිනේරු සහ ගෘහනිර්මාණශිල්පී අංශයෙන්.
මාෂි ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තෙ?
කුඩා කාලයේදීම වගේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. ඒ වගේ දේ නිසා පාසලේදී මා ගැන කතා බහ වෙන්න ඇති. පාසල් සමයේදී විෂය කටයුතු හැර, නර්තනය හැදෑරුවා. ඒ වගේම බටහිර සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් දෙකේම හිටියා. එදා නම් ඒ වගේ දේ නිසා තමයි මා ගැන වැඩි දෙනෙක් දැනගෙන හිටියේ.
ඒ කියන්නෙ පාසල් සමයේදී බැබලුණ තාරකාවක්ද?
විෂයය සමගාමී කටයුතුවලට වගේම බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට දායකවුණා. ශිෂ්‍ය නායිකා කණ්ඩායමෙත් හිටපු නිසා ටීචර්ස්ලගෙ ආදරය, ගෞරවය නිතර ලැබුණු බව කියන්න පුළුවනි. ඒ දිනවල මගේ නර්තන ආචාර්යවරිය වුණේ කාන්ති ශිල්පාධිපති මහත්මියයි. එතුමිය එදා ‘‘බෝනික්කා’’ නමින් ගීතයක් සමග නර්තන අංගයක් නිර්මාණය කළා. මම එහි රඟපෑවෙ ‘‘බෝනික්කා’’ ලෙසයි. ඉතින් ඒ නිසා පාසලේදී ‘‘බෝනික්කා’’ කියලයි මට කිව්වේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව තමයි නැවතත් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමට පටන්ගත්තේ.
එතකොට අවුරුදු කුමරිය වුණේ?
2016 අපේ අම්මා ස්වාධීන රූපවාහිනියෙ අවුරුදු කුමරිය තරගයට අයදුම්පතක් දාලා තිබුණා. එතකොට මම NSBM හරිත සරසවියට තේරිලා, උපාධියට ඉගෙන ගනිමින් හිටියෙ. මුලින්ම 2016දී ITN අවුරුදු කුමරිය ලෙස තේරුණා. ඉන්පසුව NSBM සරසවියෙ අවුරුදු කුමරිය ලෙස තේරුණා. සමාජ මාධ්‍ය ඇතුළු රටේ බොහෝ දෙනා මා ගැන කතා කරන්න පටන් ගත්තේ ‘‘පුබුදු’’ගෙ ලස්සන පෙම්වතිය කියලා තමයි.
පුබුදුගෙ හමුව ගැනත් කියමු?
එයාගෙ ගෙවල් තිබුණෙත්, අපි සිටින පළාතෙයි. එයා ඉන්නවා කියලා අහලා තිබුණට දැකලා තිබුණෙ නැහැ. දවසක් අහම්බෙන් අපට හමුවුණා. ‘‘ආ ඇන්ටිට ලස්සන දුවෙක් ඉන්නෙ අපට ෆිල්ම් එකකට දෙන්නකො’’ කියලා එදා පුබුදු අයියා අපෙ අම්මාට කිව්වා. එදා එයා අම්මගෙන් අපේ දුරකථන අංකයත් ඉල්ලා ගත්තා. අදටත් එයාගෙ ෆෝන් එකේ තියෙන්නෙ මාෂි නංගි ලේක්ක්රසන්ට් කියලයි. ඔන්න ඔය විදියට කාලය ගෙවෙමින් තිබුණු අතරේ, අපේ පාසලේ උත්සවයකට ආරාධනා කරලා තිබුණෙ පුබුදු අයියට. එදා ඒ උත්සවයේදී පාසල් කුමරිය ලෙස තේරුණේ මම. ඔටුන්න පැළඳුවේ ප්‍රධාන ආරාධිතයා වූ පුබුදු අයියගෙ අතින්. මේ දැන හැඳිනීම දිගටම පැවතියා. එයා හරියට දාන මාන පිංකම් කරන කෙනෙක්. පිංකමකට අපේ ගෙදර ඇවිත් අම්මට කතා කරලා තිබුණා. මේ වගේ වැඩකදී කළුතර බෝධිය වඳින්න අපේ පවුල්වල අය ගිහින් හිටපු දවසක, කළුතර බෝධිය ළඟදි තමයි ‘‘අයි ලව් යූ’ කියලා මට කිව්වේ. ඒ වගේම එයා පොරොන්දු වුණා, මැරි කළාම ඉස්සෙල්ලාම ඔයාව එක්කගෙන මෙතැනට එනවා කියලා. තවත් මාස දෙකක් පමණ ගිය පසු හරියටම දෙසැම්බර් 25දා පුබුදු අයියා මට කැමැතියි කිව්වා. ඒ වන විට එයා අපේ පවුලේ අයගෙ හිත් දිනූ චරිතයක් වෙලා හිටියේ. අදටත් එහෙමයි.
හොඳයි මාෂි පුබුදුගෙ ‘‘බබු’’ වෙච්ච ඔබ ‘‘නිව්ස්පේපර්ස්’’ තරුෂි නම් මාධ්‍යවේදිනිය වුණේ කොහොමද?
ඇත්තම කිව්වොත් මම හිටියෙ රඟපාන්නෙ නැහැ කියන ප්රතිපත්තියෙ. දැන්වීම්වලට විතරයි යම්කිසි ආසාවක් තියෙන්නේ. ඒත් මගේ ජීවන සහකරු සිනමාවට සම්බන්ධයි. ඒ සියලු දේ නිසාත්, පුද්ගලිකවත් මම සිනමාවට ආසා කළා. මේ අතරෙදි තමයි සිනමාවේ හොඳ නිර්මාණ කීපයකටම ආරාධනා ලැබුණේ. සමහර නිර්මාණ ප්‍රතික්ෂේප කළත්, සමහර ඒවාට යන්නට හිතුණා. සිනමාවට කැමැත්තෙන් සිටි මට සිනමාව ලැබීම ඇත්තටම භාග්‍යයක්. මේ චිත්‍රපටයට මාව තෝරා ගත්තෙ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අයියලා දෙන්නා. පුබුදු අය්යාට කළ ආරාධනාවකට අනුවයි. එදා අපේ වෙඩින් එකට ඒ දෙන්නත් ඇවිල්ලා හිටියා. මේ චිත්‍රපටයෙ චරිත ගැන එයාලා සොයමින් ඉඳලා තියෙන්නේ. වෙඩින් එක දවසෙදි තමයි, පුබුදු අයියගෙන් ඇහුවෙ. මේ ඔයාගෙ බිරිඳ අපට ෆිල්ම් එකකට දෙනවද කියලා. සරත් සහ තිරමාදුර අයියලා එක්ක පුබුදු අයියට තියෙන්නෙ හොඳ මිත්‍රත්වයක්. එයාලා බොහෝ නිර්මාණ එක්ක එකට කටයුතු කරන චරිත. මෙහි තිර පිටපත දුන්නාම මගෙ මහත්තයා ඉතින් මට චරිතය ගොඩනගාගන්න බොහෝ දේ කියලා දුන්නා. මට තිබුණෙ මාධ්‍ය ක්ෂේත්රයට අලුතින් ආව, සංවේදී හදවතක් තියෙන මාධ්‍යවේදි තරුණියකගේ චරිතය රඟපෑමයි. සරත් අයියයි, කුමාර අයියයි, තරුෂිගෙ චරිතය ගැන වටහල දීලා මට චරිතයට අවශ්‍ය දේ වෙතින් දැනුම ලබාදුන්නා. මේ ඔක්කොටම කලින් මගේ මහත්තයා කළේ මාව අනෝජා වීරසිංහ මහත්මියගේ ‘‘අභින’’ වෙත යොමු කර රංගනය ගැන බොහෝ හැදෑරීම් කරන්නට යොමු කරවීමයි. ඒ වගේම මගේ මහත්තයා ඉතින් මට බොහෝ දේ වටහලා දුන්නා. මම නිව්ස්පේපර්ස් ‘‘මාෂි’’ වුණේ ඒ විදියටයි.
අද කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මේ වන විට කලාත්මක ගණයේ චිත්‍රපට හතරකට විතර මම දායක වෙලා තියෙනවා. ඒ අතරින් පළමුව තිරගත වන මෙම චිත්‍රපටය මේ දක්වා රටේ ජනපතිගෙ, ආරක්ෂක ලේකම්ගෙ සිට බොහෝ දෙනා නැරඹුවා. ඒ සෑම දෙනාගේම සහ කලාකරුවන් බොහොමයකගෙන් ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි. ප්‍රතිචාර ඇත්තටම හිතුවට වඩා හොඳයි.
‘‘මාෂි’’ කොහොම චරිතයක්ද?
ඉතාම සරල, ඉක්මනට හිත උණුවන චරිතයක්. පිනට දහමට හිත තියෙන කෙනෙක්. තරහාවක් ආවොත්, ඒ සැණෙකින් එය නිවෙනවා. කාටවත් කරදරයක් නැතුව ජීවත්වීම තමයි අරමුණ. මගේ මහත්තයා පුබුදු අයියා නිසා බොහෝ දේ කියවන්න, නරඹන්න පුරුදු වූ කෙනෙක්.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ