අමුතු රසිකයා හැඩ ගන්වන ටානියා
ජතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අමුතු රසිකයා’’ හැඩ ගන්වන ඇය ටානියා පෙරේරාය. ඇය ප්‍රථම වතාවට රංගනයට පිවිස ඇත්තේ වයස අවුරුදු 5 දී පමණ බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ තීර්ත තරණය චිත්‍රපටයේ සංගීතාගේ ළමා වියේ චරිතය වෙනුවෙනි. ඉන්පසුව තාරුණ්‍යයේදී අමුතු රසිකයා සමග මෙලෙසින් හමුවන මේ ටානියා කවුද?
මගේ ගම මහනුවර පවුලේ අම්මයි, තාත්තයි මමයි විතරයි. ඉගෙන ගන්තෙ මහනුවර යහපත් එඬේරාගේ් කන්‍යාරාමයෙන්. උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. දැන් ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ ජන මාධ්‍ය අංශයේ බාහිර උපාධිය හදාරනවා.
රඟපෑම තෝරා ගන්නේ?
2018 ජාතික රූපවාහිනිය සංවිධානය කළ රූ කිරුළ රූ රැුජිණ තරගයට අපේ අම්මා මගේ අයදුම්පතක් යොමු කරලා තිබුණේ. ඉතින් ඒ අවස්ථාවට තරග කරන්න ලැබුණා. එහි චවි කල්‍යාණිය කිරුළ මෙන්ම රූ කිරුළ හිමි වුණේ මට. නැවතත් මගේ ගමන පටන් ගන්නේ ඒ විදියටයි. රූ කිරුළ ලැබුනට පස්සේ ජාතික රූපවාහිිනියේ රූපාවලෝකනය සහ නේචර් සීක්රට් වෙනුවෙන් තවත් ගේම් ෂෝ එකක් නිවේදනය කිරීමට අවස්ථාව ලැබුණා. මේ අතරවාරයේදී තමයි සද්ධා මංගල සුරියබන්ඩාර අයියා ඇතුළු පිරිස හඳුනා ගන්න ලැබුණා. එහි ඵලයක් ලෙස සිවගුරුනාදන් මහතාගේ අමුතු රසිකයා නාට්‍යයේ චරිතෙත් ලැබුණා. අමුතු රසිකයා මගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනයයි.
වාණිජ අංශයෙන් උසස් පෙළට මුහුණ දීලා දැන් ජනමාධ්‍ය අංශයෙන් හදාරන්නේ ඇයි?
මම නොහිතපු ක්ෂේත්රයකට ආව නිසා වඩාත් සුදුසු ජනමාධ්‍ය අංශයෙන් ඉගෙන ගැනීම කියලා හිතුවා.
‘‘අමුතු රසිකයා’’ චරිතය ගැන කිව්වොත්?
ඒකෙ මගේ චරිතයේ නම කල්හාරි. ඇය නිළියක්. ආදරය හොයා ගෙන යන චරිතයක්.
සැබෑ ජිවිතයෙදිත් ආදරය සොයා ගෙන යන චරිතයක්ද?
දැන්ම ඒ ගැන හිතන්නේ හැහැ. තවම මගේ වයස අවුරුදු 22 යි. ජිවිතය පටන් ගත්තා විතරයි. ඒ අතරේ හොඳ කෙනෙක් ලැබුණොත්, මට හොඳයි කියලා හිතෙන අම්මා තාත්තාට හොඳයි කියලා හැෙඟන කෙනෙක් නම් එදාට ඒ ගැන හිතනවා.
ටානියා කිව්වාම මොන වගේ කෙනෙක්ද?
බොහොම සරල චරිතයක්.
සැහැල්ලූවෙන් සිටින චරිතයක්.
ටානියාගේ ලෝකය මොන වගේද?
මගේ ලෝකය හරිම සුන්දරයි. සතුන්ට හරිම ආදරේ කෙනෙක්. පොත් කියවන්න චිත්‍රපට නරඹන්න ආසයි.
අමුතු රසිකයා හැර වෙනත් චරිත මොනවාද?
ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන ආගන්තුකයා නාට්‍යයේ මේ දිනවල රඟපානවා. ඊට අමතරව තවත් අලූත් නිර්මාණ දෙකක වැඩ.
‘‘ටානියා’’ වඩා සුදුසු සිනමාවට කියලා කිව්වොත්.
අනේ මං දන්නේ නෑ ඒ ගැන. බොහෝ දෙනෙක් එහෙම කියලා නම් තියෙනවා. තවම ඇරයුම් ලැබිලා නැහැ. ලැබුණොත් බාර ගන්නවා.
ටානියා වෙන මොනවටද දක්ෂ?
වාදනයට තරමක් දක්ෂයි. පියානෝව, ගිටාරය, සහ වයලීනය යන සංගීත භාණ්ඩ තුනම වාදනය කරන්න පුළුවනි. එම අංශයෙන් ඩිප්ලෝමාව දක්වා ඉගෙන ගත්තා.
ගායනයට දක්ෂ නැද්ද?
ඇත්තටම ගායනයට වඩා මම දක්ෂ වාදනයටයි. නිදහසක් ලැබුණු විගස ගිටාරය වාදනය කරන එක තමයි කරන්නේ. යාළුවෝ එක්ක එකතු වුනහම බයිලා සිංදු කියමින් අපි විනෝද වෙනවා.
කලාව හැර වෙනත් කැමති අංශ මොනවාද?
තාත්තා ව්‍යාපාරිකයෙක් නිසා ව්‍යාපාර අංශයටත් හරි කැමතියි. ඒ දැනුම ජාන වලින්ම ටිකක් හරි ඇවිත් තියෙනවා කියලා හිතනවා.
අමුතු රසිකයා සහ ආගන්තුකයා නාට්‍යවල රඟපාන චරිත වලට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
චරිත දෙක දෙවිදියක් නිසා හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ වගේම අමුතු රසිකයා නාට්‍යයේ චරිතය නිසා මට බොහෝ දෙනා කියන්නේ ටානියා කියලා නෙවෙයි. කල්හාරි කියලයි.
රංගනය දැනෙන්නෙ මොන විදියටද?
දිනෙන් දින ඉගෙන ගන්න ඕනේ දෙයක්. මම තවම ආවා විතරයි. මට තව බොහෝ දුර ගමනක් යන්න තියෙන්නෙ. ප්රවිනයින්ට ඇහුම්කන් දෙන්න සහ එයාලගෙ උපදෙස් පිළිපදින්න හරිම ආසයි. මම දැනුම්වත් වෙන්නේ එවැනි දේ වලින් කියලයි මට හිතෙන්නේ.
ජීවිතය දැනෙන්නෙ කොහොමද?
විඳින්න ඕනේ දෙයක්. එන ප්‍රශ්න සියල්ලට සැහැල්ලූවෙන් මුහුණ දීලා ජීවිතය සතුටින් ගෙවන්න ඕනේ. හරියට තේරුම් ගැනීම වගේම බුද්ධිමත්ව හිතුවොත් ජීවිතය හරිම සුන්දරයි.
ලස්සන සුන්දර ගමනක් යන්න නම් කටකතා වලින් තොරව කලා ක්ෂේත්රයේ ගත කරන්න නම්? මොන විදියට හැසිරිය යුතුද?
මොන විදියට හිටියත් කටකතා කියන දේ නම් අහන්න වෙනවා. නමුත් අපි ගැහැණු ළමයි, මම ගැහැණු ළමයෙක් කියන දේ වටහා ගෙන නිහතමානිව හැසිරීම එක්ක කටයුතු කිරිම වැදගත්. ගැහැණු ළමයෙකුට සීමාවක් තියෙනවනෙ. ඒ සීමාව හඳුනාගෙන කටයුතු කිරීම කළොත් ඔය කියන අනවශ්‍ය කතා හැදෙන එකක් නැහැ.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ