අම්මගෙ වියෝවෙන් තාමත් තැවෙනවා
‘‘මේ දිනවල ස්වර්ණාවාහිණියේ විකාශය කෙරෙන අග්නි පියාපත් නාට්‍යයේ අසනි නමින් ප්‍රධාන චරිතයක් රඟපානවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනී සේවය විකාශය කරන ‘බ්‍රෝ’’ ටෙලි මාලාවෙත් රඟපානවා. ඒවාට අමතරව තවත් ටෙලි නාට්‍ය හතරක මේ දිනවල රඟපෑමෙන් දායකව සිටිනවා.
මේ විදියට අපට හමුවන මේ සුන්දර රුවැත්තිය සංජානා ගමාරච්චිය. අද සඳැල්ල කවරය හැඩකරමින් අප සමග කතා බහට එක් වන්නේ ඇයයි.
• සංජානා කොහොම ද ජීවිතේ?
කොරෝනා නිසා වැඩ කටයුතු තරමක් අඩපණ වෙලා තියෙන්නේ. ඒත් කොරෝනා නිති රීතිවලට අනුව රගපෑම් කටයුතුවල නිරත වෙනවා.
• පසුගිය දිනවල සංජානා මාධ්‍ය හමුවේ එතරම් පෙනී සිටියේ නැහැ. ඇයි ඒ ?
ඇත්තටම කිව්වොත් පසුගිය දිනවල නම් මම හිටියේ හරිම දුකකින්. ඒකට හේතුව අපේ අම්මගෙ වියෝවයි. අම්මට තදබල අසනීපයක් තිබුණේ නැහැ. ඒත් එකවර අසනීප වෙලා මෙච්චර ඉක්මනට අපිව දාලා යාවි කියලා හිතුවේ නැහැ. අම්මා නැතිවීම එක්ක මට හිත හදා ගන්න කාලයක් ගත වුණා. අම්මා නැතිවීම හරියට මට දැණුනේ මුළු ලෝකයම කඩා වැටුණාක් වගෙයි. තවමත් මට දැනෙන්නේ අම්මා අපි එක්ක ඉන්නවා කියලයි. ඒත් අපි යථාර්ථයට මුහුණ දිය යුතුමනේ. මගේ යාළුවෝ මගේ හිත හැදුවා. දැන් මම ආයෙත් සුපුරුදු විදියට ජීවිතයට මුහුණ දෙන්න උත්සාහ ගනිමින් ඉන්නේ.
• පවුලේ කවුරු - කවුරු ද ඉන්නේ?
මමයි, නංගියි, තාත්තයි අම්මා අසනීපව සිටියදීත් මට නිතරම කිව්වේ නංගිව හොඳින් බලා ගන්න කියලයි. අද මට ලොකු වගකීමක් පැවරිලා තියෙන්නේ. අනිවාර් යෙන්ම මම ඒ වගකීම ඉටු කරනවා.
• සංජානා මොන වගේ ගමනක් යාවි කියල ද අම්මගෙ අරමුණ වුණේ ?
ඕනෑම අම්මා - තාත්තා කෙනෙක් වගේම මගේ අම්මත් නිතරම මාව උනන්දු කළේ ඉගෙන ගන්න කියලයි. ඒ අතරේදි ඔයා ආස නිසා මේ අංශයෙන් හොඳ නම රැකගෙන ඉදිරියට යන්න කිව්වා. මම උසස් අධ්‍යාපනය ලබමින් සිටියේ සිවිල් ඉංජිනේරු අංශයෙන්. උපාධිය වෙනුවෙන් ඉගෙන ගනිමින් සිටිය දී තමයි රංගන කටයුතු එක්ක කාර්ය බහුල වුණේ. ඊට අමතරව නිරූපනය වෘත්තියක් ලෙස කරනවා. සිවිල් ඉංජිනේරු උපාධිය අනාගතයේ දී ඉවර කරන්නත් ඕනෑ.
• දැන් සංජානාගෙ වයස ?
අවුරුදු 24 යි.
• විවාහය ගැන ජීවත්ව සිටියදී අම්මා මොනව ද කිව්වේ.
අවුරුදු විසි පහක් විසිහයක් වෙද්දි විවාහ වුණොත් හොඳයි කියලයි අම්මා කිව්වේ. හැබැයි අද මම ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ. මොකද අද අම්මත් නැති එකේ මට ගෙදරට ඉටු කරන්න තියෙන වගකීම් බොහෝමයි. අද මම සිටින තත්ත්වය එක්ක කෙනෙක් ජීවිතයට සමීප නොවන තරමට හොඳයි.
• සංජානා හිත ශක්තිමත් කෙනෙක් ද?
මම බොහොම සාමාන්‍ය කෙනෙක්. ඕනෑම කෙනෙක් එක්ක කතා කරල හිනාවෙලා ඉන්න උත්සාහ ගන්න කෙනෙක්.
• ඉංජිනේරු වෘත්තිය අත්හැර රංගනයට යොමු වූ ජීවිතය ගැන දැනෙන්නෙ කොහොම ද?
රඟපෑමට ආසා කළේ මම කුඩා කාලයේ ඉඳලමයි. මුලින්ම මගේ හීනය වුණේ අවුරුදු කුමරියක වීමයි. හැබැයි මම පාසල් යන කාලයේදීවත් කිසිම බාහිර වැඩකට යොමු වෙලා හිටියේ නැහැ. අපේ අම්මයි තාත්තයි දෙන්නම සේවය කළේ ගුවන් හමුදාවේ නිලධාරින් ලෙසයි. ගෙදර පරිසරයත් තිබුණේ දැඩි නීතිරීතිවලට යටත් වූ පරිසරයක්. නංගියි මමයි නිතරම අවධානය යොමු කළේ අධ්‍යාපනයට විතරයි. අපේ තාත්ති එහෙම හරි සැරයි. ඒ වෙන මොනවටවත් නොවෙයි. අපට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනෑ වූ නිසයි. මටත් වඩා නංගි අධ්‍යාපනයට හරිම දක්ෂයි. කොහොම හරි මගේ හීනය සැබෑ කර ගන්න මම නිතර ඉල්ලීම් කළා. අන්තිමට හරි එහෙනම් ඔයා යන තැනක අම්මා එක්ක යන්න කියලා තාත්තා අවසර දුන්නා. 2019 දෙරනෙ අවුරුදු කුමරිය තරගයට ඇවිත් තුන්වැනියා වීමත් එක්ක තමයි මගේ ජීවිතය වෙනස් මාවතකට මාව රැගෙන ගියේ.
• ‘‘අග්නි පියාපත්’’ චරිතය ගැන කිව්වොත්?
‘‘අසනි’’ කියන්නෙ බොහොම සරල චරිතයක්. හැබැයි කතා කළ යුතු තැන දී එයා කතා කරනවා. මගේ අයියගෙ චරිතය කරන්නෙ සාරංග දිසාසේකර අයියා. සිවගුරුනාදන් මහතාගේ නාට්‍යයක්.
• ‘‘බ්‍රෝ’’ චරිතය ගැනත් කියමු ද ?
‘‘බ්‍රෝ’’ අධ්‍යක්ෂණය කරන්නෙ ඩිලාන් කියන අයියා. එහි මම රඟපාන්නෙ බොහොම ක්‍රියාශීලි තරුණියකගෙ චරිතයක් රඟපාන්නෙ. හැබැයි නාට්‍යයේ ඉදිරි කොටස්වල දී මේ ක්‍රියාශීලි තරුණිය කුමක්ද කරන්නේ කියලා ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන් වේවි.
• මේ චරිතය ද්විත්වයෙන් සංජානාට වඩා සමීප චරිතය මොකක් ද?
අග්නි පියාපත් සහ බ්‍රෝ නාට්‍ය චරිත ද්විත්වයේ සංකලනයක් කිව්වොත් හරි. හැබැයි මෙතෙක් රඟපෑ චරිත අතරින් මගේ සැබෑ ජීවිතයට වඩා සමීප මගේ ප්‍රථම නාට්‍යය වූ ශාන්ත සොයිසා මහතා අධ්‍යක්ෂණය කළ ‘‘ජීවිතය ඇති තුරා’’ නාට්‍යයේ හිමිදිරිගෙ චරිතයයි. අදටත් මම කැමති ඒ චරිතයටයි.
• ‘සංජානා’ හිතන විදියට රඟපෑමට නම් ලස්සන විතරක් තිබුණොත් ඇති ද?
ලස්සන එක්තරා විදියකට ආභරණයක්. ඒත් රඟපෑමේ විෂය වෙනුවෙන් ලස්සන කියන දේ තිබිය යුතුම නැහැ. ඒ හැරත් රඟපාන්න බැරි නම් ලස්සන විතරක් තිබිලා වැඩක් නැහැ. තවමත් මම රංගනය හදාරමින් සිටින කෙනෙක්.
• සංජානාට රංගන ක්ෂේත්රයේ නළුවන්ගෙන් ලැබෙන ආදර යෝජනා එහෙම කොහොම ද?
ආරාධනා තියෙනවා. ඒත් තවම මම ඒ ගැන හිතන්නෙ නැහැ. ආදරය විවාහය ගැන මම තව සෑහෙන කාලයක් යන කල් හිතන එකක් නැහැ.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ