'අබා' රූගත කරනවා දැකලා රංගනයට ආශාවක් ඇතිවුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-27-ent-05

කෙටි කාලයක් තුළදී රූපවාහිනිය මෙන්ම සිනමා රංගනයටද පිවිසි ඇය නමින් සංජීවනී අමරතුංගය. ඇගේ ඉදිරි කටයුතු පැවසීමට %සාරවිට^ අප සමගින් ඒකාත්මිකවූ මොහොතකි මේ.

 

ඔබව හඳුන්වාදීමක් කරන්න.

2017-02-27-ent-07මම සංජීවනී අමරතුංග. මගේ ගම මාතලේ. මගේ වෘත්තීය රංගනය. ඊට අමතරව ගායනය සහ මගේම ව්‍යාපාර කටයුත්තකුත් කරගෙන යනවා.

 

ඔබ කලාවට යොමුවීම සිදුවෙන්නේ කොහොමද?

2016 අප්‍රේල් මාසයේදී වගේ තමයි මම කලාවට එකතු වුණේ. එය සිදුවුණේ, රාජ් රණසිංහ කියලා නිෂ්පාදකවරයෙක් මාර්ගයෙන්. මම මුලින්ම සහභාගීවුණේ "සඳ ඔබ මගේ" කියනTele Drama එකට. එහි පොඩි චරිතයකට තමයි මම දායක වුණේ. ඉන්පසු "ගෝත්‍රා" චිත්‍රපටයට දායක වුණා. එහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ මම.

 

මේ දිනවල ඔබේ කලාකටයුතු සිදුවෙන්නේ කොහොමද?

පළමුවැනිදා සිට "කවුරුන්ද ඔබ මගේ" කියලා Drama එකක් හිරු ටීවී නාළිකාව ඔස්සේ විකාශය වෙන්න නියමිතයි. ජී. නන්දසේන මහතාගේ "මෝදර වැල්ල" Drama එකත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

 

පොඩිකාලෙ ඉඳන් තිබුණ ආසාවක් නිසාද කලාවට එකතු වුණේ?

පොඩි කාලෙ ඉඳන්ම මම ආසයි. අත්තනකඩවල සංස්කෘතික මධ්‍යස්ථානයේ නර්තනය කරනවිට ජැක්සන් ඇන්තනී සර්ගෙ %අබා^ චිත්‍රපටයේත් සුළු චරිතයක් කරන්න ලැබුණා. ගලේවෙල තමයි Shooting කළේ. එදා සිට තමයි මට ආසාව ඇතිවුණේ.

 

කලාවට එන්න ඔබේ පවුලේ අයගෙන් කැමැත්ත ලැබුණද?

ඔව් ඒක ගැටලුවක් නැහැ. නිතරම මගේ පිටුපසින් මගේ අක්කා හිටියා. පවුලේ අයගෙන් හොඳ සහායක් ලැබෙනවා.

 

රංගනය පිළිබඳව ඔබ හැදෑරීමක් කරලා තියෙනවද?

හැදෑරීමක් කරලා නැහැ. නමුත් රංගනය හදාරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. තවමත් ඒ සඳහා සහභාගී වුණේ නෑ.

 

ඔබ රංගනය වගේම ගායනය කරන බවත් පැවසුවා. ඒ පිළිබඳව පැවසුවොත්?

මම සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙලා තියෙනවා. මට ඒ අවස්ථාව ලබාදෙන්නේ සම්පත් මංචනායක. ඉදිරියේදීත් ප්‍රසංග කීපයක් තිබෙනවා. මාර්තු මාසයේ ඒ සඳහා රෙඩ් ලයින් සංගීත කණ්ඩායම සමග විදේශගත වෙනවා.

 

ඔබගේම ගීතද ඔබ ගායනා කරන්නේ?

නැහැ. ගීත කිහිපයක් ලියමින් ඉන්නවා. මේ වසරේ මැදදී මගේ ගීතයක් එළිදැක්වේවි.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

රංගනය හා ගායනය පැත්තෙන් ඉදිරියට එන්න තමයි බලාපොරොත්තුව.

 

2017-02-27-ent-06
2017-02-27-ent-04
2017-02-27-ent-03
2017-02-27-ent-02
2017-02-27-ent-01